HUTCH Sri Lanka ගෙනෙන ‘Cheer Points’: හිතවත් ගනුදෙනුකරුවන් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක්

Image - HUTCH Sri Lanka Ignites Excitement with ‘Cheer Points’

HUTCH Sri Lanka ක්‍රියාවට නංවා ඇති ‘Cheer Points’ වැඩසටහන මේ වන විට පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන්ට මැනැවින් ගැළපෙන පරිදි සැලසුම් කළ මෙම වැඩසටහන මගින් ඔවුන්ට එදිනෙදා ජීවිතයේදී බෙහෙවින් වැදගත් වන දීමනා රැසක් හිමි වේ. මෙහි විශේෂම ලක්ෂණය වන්නේ, හුදෙක් සාම්ප්‍රදායික දුරකථන සේවා දීමනාවන්ට සීමා නොවී භාණ්ඩ, ආහාරපාන, විනෝදාස්වාදය, අධ්‍යාපනය සහ ශරීර සුවතාව ඇතුළු විවිධ අංශවලට අදාළ වට්ටම් හා දීමනා පිරිනැමීමයි.
 



 

මේ වන විට Scope Cinemas, Spring & Summer, Pearl Bay, Fitness First, Chinese Dragon, Mosh, ANC, FitsAir, Kandy Selection, Uptown, Sigiriya Village, The Palms, Club Palm Bay, Hangla, Colombo Reinsurance Brokers, NCG Green Energy, Cara Nail Studio සහ SLASH යන සන්නාම 18 Cheer Points වැඩසටහන සමග අත්වැල් බැඳගෙන සිටී.

“අප Cheer Points වැඩසටහන නිර්මාණය කළේ දත්ත හා සම්බන්ධතා සීමාවන්ගෙන් ඔබ්බට යමින් පාරිභෝගිකයන්ට සතුට ගෙනෙන, ඔවුන්ට සැබැවින්ම ප්‍රයෝජනවත් වන සහ ඔවුන්ගේ දෛනික ජීවන රටාවන්ගේම කොටසක් බවට පත් විය හැකි ලෝයල්ටි වැඩසටහනක් නිර්මාණය කිරීමේ අරමුණිනුයි. එය අප කෙරෙහි රැඳවූ විශ්වාසය වෙනුවෙන් පාරිභෝගිකයන්ට ස්තූතිය පලකරන අතරම ඔවුන්ට ජීවිතයේ සතුට අත්විඳීමට අත්වැලක් වීමක් ලෙස හැඳින්වීමට පුළුවන්.” HUTCH Sri Lanka සමාගමේ සාමාන්‍යාධිකාරී (සන්නාම, සන්නිවේදන සහ පාරිභෝගික) කෞශලා අමරසේකර මහත්මිය පැවසීය.

වෙළඳපොළේ පවතින සාම්ප්‍රදායික ලොයල්ටි වැඩසටහන් මෙන් නොව Cheer Points වැඩසටහන සැලසුම් කර ඇත්තේ පාරිභෝගිකයන්ට ප්‍රායෝගිකව වැදගත් වන දීමනා හිමි වන ආකාරයටයි. මෙහි සංකීර්ණ කාණ්ඩගත කිරීම් හෝ ලකුණු එක්රැස් කිරීම් නොමැති අතර, ක්‍රමයෙන් පුළුල් වන හවුල්කාර ජාලයක් හරහා පාරිභෝගිකයන්ට Cheer Points දීමනා හිමි වේ.

පාරිභෝගිකයන්ට විශිෂ්ටතම අත්දැකීමක් පිරිනැමීමට කැප වුණු සන්නාමයක් වශයෙන් HUTCH සෑම විටම තම පාරිභෝගිකයන් තෘප්තිමත් කරන සහ ඔවුන්ට ඉතා වැදගත් වන ප්‍රතිලාභ පිරිනමන නව ක්‍රම ගවේෂණය කරමින් සිටී. Cheer Points යනු එම නිරන්තර උත්සාහයෙහි තවත් අතිසාර්ථක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකි වේ.

Cheer Points වැඩසටහන මගින් ලැබෙන දීමනාවලට අදාළ ප්‍රතිලාභ පාරිභෝගිකයන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී HUTCH SelfCare Mobile App හරහා ඉතාමත් පහසුවෙන් ලබාගත හැක. ‘Cheer Points’ ලබාගන්නා ආකාරය, ඒවා භාවිතා කරන ආකාරය, වැඩසටහන සමග අත්වැල් බැඳගෙන සිටින සන්නාම ලැයිස්තුව සහ එම සන්නාම වෙතින් ලැබෙන ප්‍රතිලාභ ආදිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා https://hutch.lk/cheer-points/ වෙත පිවිසෙන්න.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව