ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගේමින් ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින් HUTCH වෙතින් ‘GameOn’ හඳුන්වා දෙයි

Image - HUTCH introduces GameOn redefining Sri Lankas esports

මෙරට විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන HUTCH සමාගම, Bold Media Digital ආයතනය සමඟ එක්ව ‘GameOn’ නමින් සුවිශේෂී වෙබ් අඩවියක් හඳුන්වා දෙනු ලැබුවා. Bold Media Digital යනු අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකාව වැනි නැඟී එන වෙළඳපොළ තුළ ඩිජිටල් ගේමින් සඳහා විශේෂඥතාවක් දක්වන ඩිජිටල් සේවා සමාගමකි. HUTCH සමාගම මෙම ක්ෂේත්‍රයට ප්‍රථමයෙන් පිවිසෙන ආයතනයක් වශයෙන්, මෙය වර්ධනය කළ හැකි සේවාවක් ලෙස වෙළඳපොළට ඉදිරිපත් කර තිබේ.




මේ හරහා ක්‍රීඩකයින්ට ක්‍රීඩා අත්දැකීම් මෙන්ම නොමිලේ සහභාගී විය හැකි තරඟකාරී ක්‍රීඩා විශාල ප්‍රමාණයකට ප්‍රවේශ වීමේ අවස්ථාව හිමි වේ. එහි ඇති එසැණින් යාවත්කාලීන වන පුවරු (leaderboards) මඟින් ක්‍රීඩකයින්ට සෑම අභියෝගයකදීම තම දක්ෂතා නිරීක්ෂණය කිරීමට සහ ඇගයීමට අවස්ථාව හිමි‌වේ. එමඟින් මෙරට තරුණ ප්‍රජාවට ලොව වේගයෙන්ම වර්ධනය වන විනෝදාස්වාද ක්ෂේත්‍රය සමඟ සම්බන්ධ වීමටත්, තරඟ කිරීමටත් අවස්ථාව හිමිවේ.

මෙහි ඉදිරි සංවර්ධන අවධීන් තුළින් ගෝලීය සහ කලාපීය තරඟාවලි ආවරණය කිරීම සිදු කරයි. එමෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් ඇතුළත් කරමින් පරිශීලකයින්ව ජාත්‍යන්තර ඊ-ස්පෝර්ට්ස් ලෝකය සමඟ සමීප කිරීමට කටයුතු කරනු ඇත. විනෝදාස්වාදයට එහා යමින් ක්‍රීඩකයින්ට, අන්තර්ගත නිර්මාණකරුවන්ට සහ රසිකයින්ට නව අවස්ථා නිර්මාණය කිරීමට මේ හරහා හැකිවනු ඇත. මෙමගින් ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ශක්තිමත් කිරීම HUTCH සමාගමේ දැක්ම වී ඇත. සිය දිගුකාලීන උපායමාර්ගයේ කොටසක් ලෙස  සමාගම අපේක්ෂා කරනු ලබන්නේ දක්ෂතා හඳුනාගනිමින් ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමයි. ඒ හරහා Esports World Cup සහ Esports Olympics වැනි ගෝලීය වේදිකාවල ශ්‍රී ලංකාව නියෝජනය කළ හැකි නව පරම්පරාවේ ක්‍රීඩකයින් බිහි කිරීම HUTCH සමාගමේ අරමුණයි.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව