HUTCH ශ්‍රී ලංකාව තුළ වසර 25ක සිය සේවා කාලය සමරයි

01 (LBN)

 



 

 

Hutchison Telecommunications Lanka (Pvt) Ltd. (HUTCH) ශ්‍රී ලංකාවේ උසස් තත්වයෙන් යුත් ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සහ සන්නිවේදන පහසුකම් සපයන ප්‍රමුඛතම සමාගමකි. HUTCH පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ ස්ථාවර දුරකථන සේවාවක් ගොඩනංවමින් දැරිය හැකි මිලට සන්නිවේදන පහසුකම් සැපයීම මඟින් ශ්‍රී ලාංකේය ජාතිය සවිබල ගැන්වීම සඳහා අඛණ්ඩව කැපවී සිටින බවයි. 

විවිධාංගීකරණය වූ Global Fortune 500 සමූහ ව්‍යාපාරය වන CK Hutchison Holdings , HUTCH සමාගමේ මව් සමාගමයි.  Call-link මෙහෙයුම 1997 දී අත්පත් කරගත් HUTCH සමාගම මෙරට විශාලතම අංගසම්පූර්ණ 4G බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයක් ක්‍රියාත්මක කිරීම ඇතුළුව සියලු ම පරම්පරාවන්ට ගැළපෙන තාක්‍ෂණයක් හඳුන්වා දීමට ද සමත් වී ඇත. 

2018 වසරේ දී Etisalat විදුලි සංදේශ සමූහයේ ශ්‍රී ලංකා අනුබද්ධිත සමාගම සමඟ ඒකාබද්ධ වීමෙන් පසුව, HUTCH  4G ජාලය වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 95% කට ආසන්න ප්‍රමාණයක් ආවරණය කිරීමට සමත් වී ඇති අතර, එම සමාගම මේ වන විට 5G සේවාවන් හඳුන්වා දීමට ද සූදානමින් සිටී. 

 වසර 25 කට වැඩි කාලයක් මෙරට තුළ ආයෝජනය කරමින්, බදු හා විදුලි සංදේශ ගාස්තු හරහා මෙරට ආර්ථිකය නැංවීමට සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති  HUTCH සිය සේවා සැපයීමේ දී සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 75,000 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට ද සමත් වී ඇත. 

ඩිජිටල් බෙදීම, ග්‍රාමීය සබඳතා, දැරිය හැකි මිලකට සන්නිවේදන පහසුකම් මෙන් ම ඉහළ ප්‍රමිතියකින් යුතු අන්තර්ජාල හා ඇමතුම් අත්දැකීම් ඇතුළුව මෙරට ජනතාවගේ සියලුම සන්නිවේදන අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දෙන HUTCH සමාගම අද්විතීය නවෝත්පාදන හා නව සංකල්ප තුළින්  ඉදිරියට ම ගොස් ඇති බව පැවසිය යුතු ම ය. 

 HUTCH ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා එම සමාගමේ 25 වැනි සංවත්සරය සමරමින් ප්‍රකාශ කළේ, අපි ශ්‍රී ලාංකික ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් ආයෝජනය කරමින්, දිනෙන් දින වර්ධනය කරා ගමන් කරන සමාගමක්.  වගකිවයුතු බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත සේවා සපයන්නා ලෙස, HUTCH අනාගතයේ දී ඩිජිටල්කරණය වූ ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් රට පුරා දැරිය හැකි මිලකට, ගුණාත්මක බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත සබඳතාවක් සැපයීම සඳහා ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරනු ඇති බව මම විශ්වාස කරනවා.යනුවෙනි. 

 නඩරාසා මහතා වැඩිදුරටත් පැවසුවේ, HUTCH සන්නාමය ගොඩනඟමින්, අපගේ සේවා පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමට  දායක වූ සියලු ම HUTCH  සාමාජිකයින්ට මම ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.  පසුගිය වසර 25 තුළ අපගේ ජයග්‍රහණ දෙස නිහතමානීව ආපසු හැරී බලන විට, ශ්‍රී ලංකාවේ නව වර්ධන අවස්ථා සවිබල ගන්වමින් කාලෝචිත හා ආර්ථිකමය තාක්ෂණික දියුණුවක් කරා ගමන් කිරීම වෙනුවෙන් HUTCH ඉදිරියටත් කැපවන බවට මම මේ අවස්ථාවේ දී සහතික වෙනවා.යනුවෙනි. 

මෙම සුවිශේෂී ජයග්‍රහණයේ කොටසක් ලෙස, HUTCH විසින් සිය දිගුකාලීන වටිනා පාරිභෝගිකයින් හා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පසුගියදා සුවිශේෂී උත්සවයක් සංවිධානය කළ අතර, එහි දී සිය සාර්ථක ගමනට ශක්තියක් වූ  සියලු ම ව්‍යාපාරික හවුල්කරුවන් වෙත කෘතඥතාව පළ කෙරිණි.

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව