ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම තුළින් ගෝලීය ආර්ථික වර්ධනයට සුවිසල් දායකත්වයක් දැක්විය හැකියි

Image - Report Launched at Enhancing Digital Literacy in the AI Era Media Roundtable

Huawei සහ GSMA එක්ව සකසන ලද වාර්තාව යුනෙස්කෝ සංවිධානයේ ඩිජිටල් ඉගෙනුම් සතියේදී ප්‍රකාශයට පත් කරයි

Huawei සහ GSMA එක්ව සකස් කරන ලද වාර්තාව යුනෙස්කෝ සංවිධානයේ ඩිජිටල් ඉගෙනුම් සතිය නිමිති කර ගනිමින් ‘පරතරය පියවීම-කෘතිම බුද්ධි යුගය තුළ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම’ වාර්තාව පසුගියදා ඉදිරිපත් කරන ලදී. එහිදී ඉදිරිපත් කරන ලද පර්යේෂණ වාර්තාවේ තොරතුරු අනුව ලෝකයේ තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් (38%) තමන් ජීවත් වන ප්‍රදේශවලට ජංගම දුරකථන අන්තර්ජාල පහසුකම් තිබියදීත්, තවමත් අන්තර්ජාලය භාවිතා නොකරති. මේ සඳහා ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඔවුන් සතුව පවතින ඩිජිටල් හා තාක්ෂණික සාක්ෂරතා දැනුම අවම වීමයි.




මෙම වාර්තාව මඟින් බිලියන 3.1 ක ජනතාවකට බලපාන ඩිජිටල් සේවාවන්හි අඩුවක් පිළිබඳව හෙලි කිරීමට කටයුතු කර ඇත. ඩිජිටල් හැකියාවන් අවම වීම, පරිශීලක විශ්වාසය අඩුවීම සහ AI පිළිබඳ දැනුමක් නොමැති වීම මෙම පරතරය නිර්මාණය වීමට ප්‍රධාන හේතු වී තිබේ.

AI, තාක්ෂණික ප්‍රවේශය මෙන්ම අවදානම ද ඉහළ නංවයි

දැනට පවතින අනාවැකිවලට අනුව, මෙම ඩිජිටල් හා තාක්ෂණික කුසලතා පරතරය පියවීම තුළින් 2030 වසර වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.5ක් පමණ අලුතින් එකතු කළ හැකිය. එම ආර්ථික වාසිවලින් 90% වඩා වැඩි ප්‍රමාණයක් හිමිවන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන සංවර්ධනය වෙමින් පවතින රටවලට වීමද විශේෂත්වයකි. මේ වන විට ලෝක ජනගහනයෙන් 96% සඳහාම ජංගම දුරකථන අන්තර්ජාල සේවාවන් ලබා දෙන්නේ භෞතිකව ව්‍යාප්ත වෙමිනි.

යුනෙස්කෝ සංවිධානයේ ඩිජිටල් ඉගෙනුම් සතියේදී එළිදක්වන ලද වාර්තාවකට අනුව, කෘතිම බුද්ධිය මඟින් අඩු පහසුකම් සහිත ප්‍රජාවන්ට ඩිජිටල් ලෝකය සමඟ සම්බන්ධ වීමට පාලමක් මෙන්ම බාධකයක් ලෙසද ක්‍රියා කළ හැකිය. කෘතිම බුද්ධියෙන් බල ගැන්වුණු මෙවලම් මඟින් අඩු සාක්ෂරතාවක් ඇති පරිශීලකයන්ට අකුරු ටයිප් කිරීමේ අවශ්‍යතාව මඟහරවා ගත හැකි වුවද, ඩිජිටල් අවකාශය තුළ ආරක්ෂිතව රැඳී සිටීම සඳහා දත්ත රහස්‍යභාවය සහ ඩිජිටල් අවදානම් හඳුනා ගැනීමේ හැකියාව ඉහළ නංවා ගැනීම වැදගත් වේ.

ලෝක බැංකු සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් මෙම පර්යේෂණය පෙන්වා දෙන්නේ, උත්පාදක කෘතිම බුද්ධි සාක්ෂරතාවය යනු වර්තමානයේ ඉහළම මූල්‍ය වටිනාකමක් සහිත කුසලතා වර්ගය බවයි. සාමාන්‍ය ඩිජිටල් දැනුම හෝ සාම්ප්‍රදායික AI කුසලතාවලින් ලැබෙන ප්‍රතිලාභවලට වඩා බෙහෙවින් ඉහළින් සිටිමින්, මෙම GenAI කුසලතාව සතු පුද්ගලයන්ට 36% ක් දක්වා ඉහළ වැටුප් වර්ධක ලබාගැනීමට මෙයින් අවස්ථාව සැලසේ.

මූලික ඩිජිටල් පුහුණුව සඳහා නිසි මැදිහත්වීම් සහ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් AI තාක්ෂණය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් දැනට පවතින සමාජීය අසමානතාවයන් තවදුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බව මෙම වාර්තාව තුලින් පෙන්වා දෙයි. මෙය සම්පූර්ණ අන්තර්ජාල පහසුකම් පවතින ප්‍රදේශවලට වුවද එක හා සමානව බලපාන්නක් බවට පත් වනු ඇත.

සම්පූර්ණ වාර්තාව download කර ගැනීම සඳහා

https://www.gsmaintelligence.com/research/research-file-download?reportId=83651&assetId=83691

 



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව