Hotel Show Colombo 2026 හිදී FINEX Tissues වෙතින්  ශ්‍රී ලංකාවේ ප්‍රථම Facial Tissue Canister හඳුන්වා දෙයි.

2- Team at Finex Tissues (LBN)

Global Consumer Products (Pvt) Ltd සමාගමට අයත් FINEX Tissues, අඛණ්ඩව තෙවැනි වරටත් Hotel Show Colombo 2026 ප්‍රදර්ශනයට එක්වෙමින් ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළ වෙත ප්‍රථම FINEX Facial Tissue Canister Holder නිල වශයෙන් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාව තුළ පළමු වරට හඳුන්වා දෙන ලද මෙම Facial Tissue Canister නිෂ්පාදනය නිවාස, කාර්යාල, වාහන, හෝටල් ඇතුළු වෙනත් ඕනෑම ස්ථානයක භාවිත කිරීමට පහසු ටිෂූ නිෂ්පාදනයක් ලෙස FINEX Tissues සන්නාමය යටතේ හදුන්වා දී ඇත.




Hotel Show Colombo 2026 ජූලි 24 සිට 26 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය. Hotel Show Colombo 2026 හි 18 වැනි ප්‍රදර්ශන වාරය සඳහා දේශීය හා විදේශීය ප්‍රදර්ශකයින් 200කට අධික සංඛ්‍යාවක් මෙන්ම ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, හෝටල් හිමිකරුවන් සහ ප්‍රසම්පාදන කළමනාකරුවන් දහස් ගණනක් සහභාගී වූහ.  FINEX විසින් සිදු කළ මෙම නව නිෂ්පාදන එළිදැක්වීම ප්‍රදර්ශනයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් බවට පත් විය.

FINEX ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි පාරිභෝගිකයින්ගේ විශේෂ අවධානය මෙම කැනිස්ටරයේ උසස් නිමාව සහ ප්‍රායෝගික භාවිතය වෙත යොමු වී තිබුණි. එහිදී බොහෝ දෙනෙක් හෝටල් කාමර, ආපනශාලා, කාර්යාල මෙන්ම වාහන තුළ එය භාවිතයට ගත හැකි ආකාරය පිළිබඳ විමසා සිටි අතර පාරිභෝගිකයින්ගේ එම උනන්දුව සාර්ථක වාණිජ ප්‍රතිචාරයක් බවට පත් කරමින්, ප්‍රදර්ශනය පැවැති දින තුන තුළ දී පාරිභෝගික ප්‍රතිචාර 150කට අධික සංඛ්‍යාවක් ලබා ගැනීමට FINEX Tissues සමත් විය. මෙම ප්‍රතිචාර නව ව්‍යාපාරික සබඳතා සහ අවස්ථාවන් රැසක් නිර්මාණය කිරීමට හේතුවූ බව ද සමාගම පවසයි.

Global Consumer Products පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අයි.එල්. දාවුද් මහතා ප්‍රකාශ කළේ මෙම යහපත් ප්‍රතිචාර මගින් ඔවුන්ගේ නිෂ්පාදන උපායමාර්ගයේ සාර්ථකත්වය තහවුරු වූ බවයි. වෙළඳපොළේ දැනට පවතින නිෂ්පාදනයක් නැවත ඉදිරිපත් කිරීම වෙනුවට, හෝටල් ක්ෂේත්‍රයේ සහ තම පාරිභෝගිකයන්ට සැබෑ වටිනාකමක් එක් කරන නව විසඳුමක් හඳුන්වාදීම අපගේ අරමුණ බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රදර්ශනය පැවැති දින තුන තුළ අපට ලැබුණු ප්‍රතිචාරවලින් පාරිභෝගිකයින් බලාපොරොත්තු වී තිබුණේද මෙවැනි නවෝත්පාදනයක් බවයි.

මෙම නව නිෂ්පාදනය සමඟින් FINEX සමාගමේ සනීපාරක්ෂක සහ ගෘහස්ථ නිෂ්පාදන එකතුව වන FINEX, ECO, Guardian සහ Flexee යන නිෂ්පාදන පෙළ ද මෙම ප්‍රදර්ශනයට එක් කර තිබුණි. මෙම නිෂ්පාදන පෙළ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා උසස් තත්ත්වය, තිරසාරභාවය සහ භාවිතයට ගැළපෙන නිර්මාණයකරණය  යන කරුණු මූලික කරගනිමින් නිෂ්පාදනය කර තිබූණි.  මේ වනවිට මෙරට ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෙළඳ ප්‍රදර්ශනයක් බවට පත්ව ඇති Hotel Show Colombo සඳහා අඛණ්ඩව තෙවැනි වරටත්  FINEX එක්වීම මඟින් ක්ෂේත්‍රයේ ගනුදෙනුකරුවන් වෙත සෘජුව ළඟා වීම සඳහා මෙම ප්‍රදර්ශනය සතු වැදගත්කම තවදුරටත් තහවුරු කරයි.

FINEX Tissues සමාගම, සිය ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි සහ කණ්ඩායම සමග සම්බන්ධ වූ සියලු දෙනා වෙත සිය කෘතඥතාව පළ කළ අතර මෙවර ප්‍රදර්ශනයේදී ලැබුණු ධනාත්මක ප්‍රතිචාර මඟින් ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය වෙනුවෙන් නව්‍ය හා තිරසාර සනීපාරක්ෂක විසඳුම් සංවර්ධනය කිරීම සඳහා වූ කැපවීම තවදුරටත් ශක්තිමත් වූ  බව ද ඔවුන් සඳහන් කරයි. FINEX, ECO SACK, GUARDIAN, සහ FLEXEE වැනි සන්නාම යටතේ නවෝත්පාදන, සනීපාරක්ෂක සහ පරිසර හිතකාමී නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දුන් Global Consumer Products සමාගම, වාණිජ මෙන්ම ගෘහස්ථ ඒකක වෙළෙඳපොළ වෙත ද සිය නිෂ්පාදන සපයයි.

මෙම සමාගම 150කට වැඩි සේවක පිරිසකින් ද 1000කට වැඩි පාරිභෝගික පිරිසකින් ද සමන්විත අතර GCP, ආයතනික, සිල්ලර සහ ගෘහස්ථ යන සියලු අංශ නියෝජනය වන පරිදි පාරිභෝගිකයන් වෙත සිය සේවාව සපයනු ලබයි. එමඟින් ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය සඳහා වූ  ප්‍රමිතිය තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඉදිරියට ගමන් කිරීමට සමාගම සමත්ව තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව