HNB සහ ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් පුද්ගලික සමාගම එක්ව කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ගොවීන්ට සහන ලබා දෙයි

Image 01 (4)

ශී‍්‍ර ලාංකේය ගොවි ජීවිත නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් පුද්ගලික සමාගම (ANSEN AGRICULTURE (PVT) LTD එක්ව POWERTRAC ට‍්‍රැක්ටර් සහ MUBOTA Combine අස්වනු නෙළන යන්ත‍්‍ර ඇතුලූ කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව දැරිය හැකි ලීසිං පැකේජ රැසක් හඳුන්වා දී ඇත.

MUBOTA Combine අස්වනු නෙළන යන්ත‍්‍ර සහ POWERTRAC ට‍්‍රැක්ටර් සඳහා පාරිභෝගිකයින්ට සුවිශේෂ ප‍්‍රතිලාභ රැසක් ලබා දෙන මෙම හවුල්කාරීත්වය සඳහා HNB ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී HNB හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර (පුද්ගල මූල්‍ය සේවා), කාංචන කරුණාගම හා ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් සමාගමේ, කළමනාකාර අධ්‍යක්ෂ, ඇන්ජලෝ විෙඡ්සිංහ යන මහත්වරුන් අත්සන තැබීය.

මෙම සහයෝගීතාවය පිළිබඳ අදහස් දක්වන HNB හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර (පුද්ගල මූල්‍ය සේවා), කාංචන කරුණාගම මහතා ‘‘සෑම වසරකම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරීමට අවස්ථාව ලබා දෙන මෙවැනි සහයෝගීතාවන් හරහා අපගේ ගනුදෙනුකාර පදනම ශක්තිමත් කිරීමට අප කටයුතු කර තිබෙනවා. මෙවරත් අප කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නියුතු අපගේ ගනුදෙනුකාරභවතුන්ට ලීසිං පැකේජ කිහිපයක් හඳුන්වා දී තිබෙනවා, එමෙන්ම අපගේ ගනුදෙනුදෙනුකාර පදනමට සුවිශේෂී දීමනා හා ලීසිං විසඳුම් ලබා දීමට ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් සමාගම සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අප සතුටු වනවා,’’ යනුවෙන් පැවසුවේය.

මෙම ප‍්‍රවර්ධන කාලය තුළ HNB විසින් විශේෂ පොළී අනුපාතයක් ද ලබා දෙනු ඇති අතර ගනුදෙනුකාරභවතුන්ට යන්ත්‍රෝපකරණ නිෂ්පාදන, සර්විස් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime ණයපතක් ලබා දෙනු ඇත. මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

‘‘කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නියුතු අපගේ ගනුදෙනුකාරභවතුන්ගේ කෘෂි ක්ෂේත‍්‍රය පිළිබඳ හැකියාවන් තවත් වැඩි දියුණු කිරීමට අප අඛණ්ඩව ඉදිරියට කටයුතු කරනවා. එනිසා, මේ ආකාරයේ සහයෝගීතාවන් මගින් අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීම සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ හා පහසු ලීසිං විසඳුම් ලබා දීමට අපට හැකියාව ලැබෙනවා,’’ ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් සමාගමේ, කළමනාකාර අධ්‍යක්ෂ, ඇන්ජලෝ විෙඡ්සිංහ මහතා පැවසුවේය.

මෙම ගිවිසුම යටතේ POWERTRAC ට‍්‍රැක්ටර් මිලදී ගැනීමේදී ගනුදෙනුකාර ඔබට වසර 2ක වගකීමක් හෝ පැය 2500ක වගකීමක් සහ MUBOTA Combine අස්වනු නෙළන යන්ත‍්‍ර මිලදී ගැනීමේදී පැය 500ක වගකීමක් හෝ මාස 6ක වගකීමක් ANSEN විසින් ලබා දෙනු ඇත. මීට අමතරව, වාහන ලියාපදිංචි කටයුතු හා පළමු වසරේ රක්ෂණය සඳහා වන වියදම් ද සමාගම විසින් දරනු ඇත.

මෙම ලීසිං ප‍්‍රවර්ධනය පිළිබඳ වැඩි විස්තර HNB පාරිභෝගික මධ්‍යස්ථානවලින් හෝ 011-2660330 සහ 076 3596060 ඔස්සේ ඇන්සෙන් ඇගි‍්‍රකල්චර් ඇමතීමෙන් ලබා ගත හැකිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව