HNB SOLO භෞතික සබඳතා රහිත ස්වයංක‍්‍රීය ගෙවීම් කටයතු සඳහා Lanka IOC සමඟ අත්වැල් බැඳ ගනී

hnb-2

ඩිජිටල් ගෙවීම් විසඳුම් සඳහා සීඝ‍්‍රයෙන් ඉහළ යන ඉල්ලූමට සරිලන පරිදි සේවාවන් සැපයීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ ඉහළ ශ්‍රේණියේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන Lanka IOC සමඟ HNB SOLO ඩිජිටල් ගෙවීමේ යෙදවුම හරහා භෞතික සබඳතා රහිත ස්වයංක‍්‍රීය ගෙවී (contactless payment) විකල්පයක් හඳුන්වා දීමේ පළමු අදියර පසුගියදා දිවයින පුරා පිහිටි Lanka IOC පිරවුම්හල් 41 කදී සිදු වූ අතර එහි දෙවන අදියරේදී මෙම පහසුකම තවත් ඉන්ධන පිරවුම්හල් 167කින් ලබා දීමට සැලසුම් කර ඇත.

බලපත‍්‍රලාභී වානිජ බැංකු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අනුමතය පරිදි Lanka QR ප‍්‍රමිතිය අනුව සකස් කර ඇති HNB SOLO හරහා ගනුදෙනුකරුවන් Lanka IOC පිරවුම්හලකදී වාහනවලට නැවත ඉන්ධන පිරිවීමේදී සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් හා මුදල් හෝ කාඞ්පත් භාවිතයකින් තොරව ගනුදෙනු කටයුතු සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දෙයි.

HNB SOLO පරිශීලකයින්ට දැන් මෙම යෙදවුම හරහා ඔවුන්ගේ වාහනවලට නැවත ඉන්ධන පිරිවීමේදී මුදල් හෝ කාඞ්පත් භාවිතයකින් තොරව ගනුදෙනු කටයුතු සිදු කර ගත හැකිය. පශ්චාත් කොවිඞ්-19 සමය තුළ ආරම්භ කළ මෙම හවුල්කාරීත්වය මඟින් අනාගතයේදී සමාජ දුරස්ථභාවය පිළිබඳ පියවරයන් පිළිපදිමින් කටයුතු කිරීමේදී ආරක්ෂිත සහ පහසු ගෙවීමේ විකල්පයක් ගනුදෙනුකරුවන්ට ලබා දෙනු ඇත.

‘‘අලූත් තත්වයට ක‍්‍රමයෙන් හැඩ ගැසීමත් සමඟ, කායික දුරස්ථභාවය පිළිබඳ රජය විසින් පනවනු ලැබූ අනිවාර්ය නීති රීති දැඩි ලෙස පිළිපැදීමට පාරිභෝගිකයින් පෙළෙඹී සිටිනවා. මෙම නව ජීවන රටාව මුදල් රහිත හා භෞතික සබඳතා රහිත ස්වයංක‍්‍රීය ගනුදෙනුවල සැලකිය යුතු වර්ධනයක් ඇති කර තිබෙනවා, ඒවගේම අපගේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත සහ වඩාත් සුරක්ෂිත ගෙවීම් විකල්පයන් ලබා දීමට අප සම්පූර්ණයෙන් කැපවී සිටිනවා. මෙවැනි කාලවලදී, අප ගන්නා සෑම උත්සාහයකින්ම සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකියි. එනිසා, අප සැම එක්ව මෙම අභියෝගයට මුහුණ දීමේදී ව්‍යාපාර සහ පාරිභෝගිකයින්ට සහාය වීම සඳහා අප අඛණ්ඩව නවෝත්පාදන විසඳුම් පිළිබඳව විමසා බලනවා,’’ යනුවෙන් HNB හි පාරිභෝගික බැංකු කටයුතු සහ SME බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.

Solo යෙදවුම සමඟ එන සුවිශේෂී QR කේතය ස්කෑන් කිරීමෙන් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ පෙට‍්‍රල් හෝ ඞීසල් සඳහා වැය වන මුදල ගෙවිය හැකිය. Lanka IOC හි 208+ක් වන ඉන්ධන පිරවුම්හල්වලදී ගෙවීම් කටයුතු ආරක්ෂිතව සිදු කිරීමට ගනුදෙනුකරුවන්ට අවශ්‍ය වන්නේ තම ස්මාර්ට් ජංගම දුරකතනයේ Solo යෙදවුම තිබීම පමණි.

‘‘භෞතික සබඳතා රහිත ස්වයංක‍්‍රීය ගෙවීම් කටයුතු සිදු කිරීමේ විකල්පය ක‍්‍රියාවෙහි යෙදවීමට HNB සමඟ අප එක් වූයේ පශ්චාත් කොවිඞ් යතාර්ථය තුළ අපගේ සේවකයින් හා ගනුදෙනුකරුවන් හැකි තරම් ආරක්ෂිතව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට වූ අපගේ දැඩි කැපවීම නිසාය. භෞතික සබඳතා රහිත ස්වයංක‍්‍රීය ගෙවීම් කටයුතු සිදු කිරීම මගින් පාරිභෝගිකයින් බඩු භාණ්ඩ සඳහා ගෙවීම් කටයුතු සිදු කරන ආකාරය සම්පූර්ණයෙන් වෙනස් කර ඇති අතර වඩාත් වැදගත් දෙය නම්, අද ලෝකයේ බලවත් අවශ්‍යතාවක් වන POS ස්ථානවල ඇති දිගු පෝලිම්වල ගත කරන කාලය මෙමඟින් අඩු වී තිබීමයි,’’ යනුවෙන් Lanka IOC කළමනාකර අධ්‍යක්ෂක, මනෝඡ් ගුප්තා මහතා පැවසුවේය.

ඩිජිටල් ගෙවීම් සඳහා පරිශීලකයින්ට පූර්ණ නිදහසක් ලබා දෙමින්, HNB විසින් Solo යෙදවුම නිර්මාණ කර ඇත්තේ,  ඕනැම ප‍්‍රසිද්ධ හෝ කුඩා වෙළෙඳසැලකින් හෝ මිලදී ගත්ත ද  ඕනෑම ගනුදෙනුවක් පහසුවෙන් හැසිරවීමේ හැකියාව පරිශීලකයින්ට ලබා දීම සඳහාය.

Google Play Store හෝ Apple App Store හරහා නොමිලේ Solo යෙදවුම download  කර පරිශීලකයින්ට එය හා සම්බන්ධ විය හැකිය. download කිරීමෙන් පසු, කිසිඳු ලිපි ලේඛනයකින් තොරව ජංගම දුරකතන අංකය හා පුද්ගලික තොරතුරු ඇතුළත් කිරීමෙන් පරිශීලකයෙකුට එහි ලියාපදිංචි විය හැකිය. එමෙන්ම, ගනුදෙනුකරුවන්ට  ඕනෑම බැංකුවකින් Solo යෙදවුම සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුමට හෝ වීසා/මාස්ටර් ණයපතට හෝ හරපතට සම්බන්ධ කිරීමේ හැකියාව ද ඇත.

ඉන්පසුව, පරිශීලකයාට  ඕනෑම Solo වෙළෙන්දෙකුගෙන් Solo QR කේතය ස්කෑන් කර වීසා, මාස්ටර් කාඞ් හෝ JustPay වේදිකා හරහා සිය  ඕනෑම ගනුදෙනුවක් සිදු කර ගත හැකිය.

Lanka IOC දිවයින පුරා පිහිටි සිය ශක්තිමත් ඉන්ධන පිරවුම්හල් ජාලය හරහා පෙට‍්‍රල් හා ඞීසල් වෙළෙඳාමේ නිරත වන අතර දිවයිනේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමට කැපවී සිටී. ශ්‍රී ලංකා වරායේ ප‍්‍රමුඛතම බන්කර් ඉන්ධන සැපයුම්කරුවකු වන සමාගම SERVO යන වෙළෙඳ නාමය යටතේ ලිහිසි තෙල් මිශ‍්‍රනය කිරීම හා අලෙවි කිරීමෙහි ද නිරත වෙයි.

පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 251ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යමින් හා ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවක් වන HNB බිස්නස් ටුඬේ Top 10 ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියෙන් සිටින අතර 2019 දී විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී සම්මාන හතකට හිමිකම් කියන ලදී. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන HNB වෙත Moody’s Investors Service විසින් B1 ශ්‍රේණිගත කිරීමක් ද ලබා දී ඇත. මෑතකදී, Fitch ratings මගින් HNB හි ජාතික දිගු කාලීන වර්ගීකරණය සංශෝධනයට ලක් කළ අතර එහිදී Fitch ratings හි ස්ථාන දෙකක් ඉහළට පැමිණෙමින් ‘AA+(lka)’ ණය ශ්‍රේණිය හිමි කර ගැනීමට HNB සමත් විය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව