HNB, MAXUS ඉලෙක්ටි්‍රක් හා හයිබි්‍රඩ් වාහන සඳහා පුළුල් ලීසිං විසඳුම් ලබා දීමට Prestige Automobile සමඟ අත්වැල් බැඳගනී

Prestige Auto 01 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Prestige Automobile පුද්. සමාගම සමඟ නව හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. එම හවුල්කාරීත්වය තුලින් MAXUS T90, MIFA 7 සහ MIFA 9 ඇතුලු නවතම MAXUS ඉලෙක්ටි්‍රක් සහ හයිබි්‍රඩ් රථ වාහන සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් පාරිභෝගිකයින්ට හඳුන්වා දීමට HNB කටයුතු කර ඇත.

එම හවුල්කාරීත්වය හරහා ගනුදෙනුකරුවන් හට සුවිශේෂී ලීසිං පහසුකම් සමඟින් විශේෂඥ උපදේශන සේවා සහ ආදායමට ගැලපෙන ආකාරයේ මූල්‍ය සැලසුම් මෙන්ම රථ වාහන භාවිත කරන ආකාරය පිළිබඳව උපදෙස් ලබා ගැනීමටද හැකියාව ඇත. එසේම අවම කාබන් විමෝචනයක් සහ බලශක්ති කාර්යක්ෂමතාවක් සහිත ප්‍රවාහන විසඳුම් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා HNB හි කැපවීමේ තවත් එක් පියවරක් ලෙසද මෙම හවුල්කාරීත්වය සඳහන් කළ හැකිය.
 



 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා ‘’රට තුළ වර්ධනය වෙමින් පවතින ප්‍රවාහන ක්ෂේත්‍රය කෙරෙහි අපගේ අඛණ්ඩ අවධානය මෙම හවුල්කාරීත්වය මගින් පෙන්නුම් කරනවා. ඉහළ කාර්යසාධනයක් සහිත ඉලෙක්ටි්‍රක් සහ හයිබි්‍රඩ් රථ වාහන ප්‍රවර්ධනය කිරීම සඳහා Prestige Automobile සමඟ එක්වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. තිරසාර විසඳුම් සඳහා වන ඉල්ලුම ඉහළ යන විට අපගේ ගනුදෙනුකරුවන්ට දැරිය හැකි මිලකට හා දිගුකාලීන ප්‍රතිලාභයක් සලසාදෙන මූල්‍ය විසඳුම් ලබා දීමට අපි කැපවී කටයුතු කරනවා.’’ යනුවෙන් පැවසීය.

MAXUS සන්නාමය මෙරට රථවාහන පාරිභෝගිකයින් වෙත ගෙන එනු ලබන Prestige Automobile හි නවතම නිෂ්පාදන පෙල අතරට මනා කාර්යසාධනයක් හා කාර්යක්ෂතාවක් සහිත ප්‍රමුඛතම pickup ට්‍රක් රථයක් වන T90 ට අමතරව MIFA 7 හා MIFA 9 ඇතුළත් වේ. උසස් තාක්ෂණය, කාර්යක්ෂමතාව හා සුවිශේෂී ආරක්ෂිත විශේෂාංගවලින් සමන්විත මනා නිමාවකින් යුතු මෙම සියලු රථ වාහන වර්තමාන ප්‍රවාහන අවශ්‍යතා සඳහා මනාව ගැලපේ.

මෙහිදී අදහස් දැක්වූ Prestige Automobile පුද්. සමාගමේ අධ්‍යක්ෂ සුජිත් පීරිස් මහතා සඳහන් කර සිටියේ “හරිත ප්‍රවාහන ක්ෂේත්‍රයක් වෙනුවෙන් වැදගත් පියවරක් නියෝජනය කරන මෙම MAXUS වාහන පරාසය වැඩි ශ්‍රී ලාංකිකයින් පිරිසක් වෙත හඳුන්වා දීම සඳහා HNB සමඟ එක්වීමට ලැබීම පිළිබඳව අප ඉතාමත් සතුටට පත් වෙනවා. මෙම හවුල්කාරීත්වය තුළින් පාරිභෝගිකයින්ට HNB හි විශ්වාසදායක මූල්‍ය සහයෝගය සහ MAXUS රථවාහනවල නවෝත්පාදනය අත්විඳීමට හැකියි.” යනුවෙනි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව