HNB ‘Giftober’, ඉතිරියෙන් ලොව දිනන දරු පරපුරක් වෙනුවෙන් සුවිශේෂී තෑගි හා ප්‍රතිලාභ පිරිනමයි

Viranga Gamage

අප සතු උතුම්ම සම්පත අපගේ දරුවන්ය. දරු සම්පත හොඳින් රැක ගැනීම වැඩිහිටි අපගේ පරම යුතුකමකි. ඊට අදාලව තවත් වැදගත් කරුණක් වන්නේ අවශ්‍යතා හා වුවමනා අතර ඇති වෙනස පහදා දීම මගින් ඉදිරි අනාගත අවශ්‍යතා සඳහා ඉතිරි කිරීමේ වැදගත්කම ගැන පාඩම දරුවාට කියා දීමයි. මේ බව හොඳින් වටහා ගත් හැටන් නැෂනල් බැංකුව ලෝක ළමා දිනය සහ ලෝක සකසුරුවම් දිනයට සමගාමීව මේ ඔක්තෝම්බර් මාසයේ සිය දීප ව්‍යාප්ත HNB ශාඛා සහ ශිෂ්‍ය ඉතුරුම් ඒකකවල Giftober වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
 



 

Giftober වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් HNB තැන්පතු ප්‍රධානී විරංග ගමගේ මහතා පැවසුවේ “Giftober වැඩසටහන පැවැත්වෙන කාලය තුළ අපගේ සියලුම බැංකු ශාඛාවල සහ ශිෂ්‍ය ඉතුරුම් ඒකකවල විශේෂ ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබෙනවා. මීට අමතරව ආකර්ෂණීය තෑගි සහ වවුචරපත් පිරිනැමීමෙන් ඉතිරි කිරීමට දරුවන් දිරිමත් කිරීම මෙහි අරමුණයි.

මෙම ත්‍යාගවලට අමතරව කුඩා කල සිටම ඉතිරි කිරීමේ වැදගත්කම පෙන්වීමට අපි විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපගේ ප්‍රධාන ඉලක්කය වන්නේ දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම, මූල්‍ය වගකීමේ දිගුකාලීන වටිනාකම ඔවුන් අවබෝධ කර ගැනීම සහතික කිරීමයි. කුඩා කල සිටම ශක්තිමත් ඉතුරුම් පදනමක් ගොඩ නැගීමේ වැදගත්කම පිළිබඳව දැන ගැනීමට අපගේ ශාඛා වෙත පැමිණෙන ලෙස අපි දෙමාපියන්ට සහ දරුවන්ට ආදරයෙන් ආරාධනා කර සිටිනවා.” යනුවෙනි.

සෑම විටම ගනුදෙනුකාරභවතුන්ට උපරිම ප්‍රතිලාභ ලබා දීමේ හැටන් නැෂනල් බැංකුවේ දැක්ම අනුව යමින් මේ වසරේ Giftober ප්‍රවර්ධන වැඩසටහන හරහා සෑම සිඟිති ගිණුම්හිමි දරුවෙකුටම ජම්බෝ පෑන් රඳවන, පාසල් උපකරණ කට්ටල, පාසල් බෑග්, උණු වතුර බෝතල්, lunch bag සහ ජම්බෝ කැට ඇතුළුව රුපියල් 50,000ක් දක්වා වූ තෑගි වවුචර ආදී ආකර්ෂණීය ත්‍යාග ලබා ගැනීමේ අවස්ථාව සලසා තිබේ. 2024 සැප්තැම්බර් 18 වනදා සිට නොවැම්බර් 18 වනදා දක්වා මෙම වැඩසටහන දීප ව්‍යාප්ත HNB පාරිභෝගික ඒකක සහ ශිෂ්‍ය ඉතුරුම් ඒකකවල ක්‍රියාත්මක වන අතර අවුරුදු 16 ට අඩු සෑම දරුවෙකුටම මෙම ත්‍යාග ලබා ගැනීමට අවස්ථාව ඇත.

මීට අමතරව, සකසුරුවමට දරුවන් දිරිගන්වමින් ඔවුන් බැංකුව වෙත රැගෙන එන සෑම මුදල් පිරුණු කැටයකටම සිඟිති ජම්බෝ කැටයක් (Till-to-Till) ලබා දීමේ ප්‍රවර්ධන වැඩසටහන ද සැප්තැම්බර් 18 වනදා සිට නොවැම්බර් 18 වනදා දක්වා සෑම HNB ශාඛාවකම ක්‍රියාත්මක වේ. මෙහිදී ඔබේ කැටයට එකතු කළ මුදල HNB සිඟිති ගිණුමක තැන්පත් කරන කරන දූ දරුවන්ට ආකර්ෂණීය HNB Jumbo කැටයක් නොමිලේම හිමි කරගැනීමට හැකියි.

තවද, දරුවාගේ අනාගතය සුරක්ෂිත කරමින් බාල වයස්කාර දරුවන් සඳහා දෙමාපියන් විසින් බැංකුවට ලබා දෙන ස්ථාවර නියෝග මත ක්‍රියාත්මක වන විශේෂ රක්ෂණාවරණයක් ද HNB හඳුන්වා දී තිබේ. ඒ අනුව, දෙමාපියන් විසින් දරුවාගේ සිඟිති හා TEEN ගිණුමට ලබා දෙන රුපියල් 1000 සිට රුපියල් 25,000ක දක්වා වන මාසික ස්ථාවර නියෝග සඳහා මෙම රක්ෂණාවරණය නොමිලේ හිමි වේ. යම් අවාසනාවන්ත හේතුවක් මත දෙමාපියන් අහිමි වුවහොත් බැංකුව විසින් එම ස්ථාවර නියෝගය දරුවාට වයස අවුරුදු 18 වන තෙක් මාසිකව ක්‍රියාත්මක කරනු ලබයි.

තවද පාසල් ළමුන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් හැටන් නැෂනල් බැංකුව ශිෂ්‍ය ඉතුරුම් ඒකක සංකල්පය 1993 වසරේදී ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ලදී. එතැන් සිට බැංකුව ශ්‍රී ලංකාව පුරා ශිෂ්‍ය ඉතුරුම් ඒකක 162කට අධික සංඛ්‍යාවක් ආවරණය වන පරිදි සිය ශක්තිමත් සේවාවන් ව්‍යාප්ත කර තිබේ. මෙහි නායකත්වය ගැනීමට ශිෂ්‍ය කළමනාකරුවන් සූදානම් කිරීම හා එයට ක්‍රියාකාරී ලෙස දායක කරගනිමින් අනෙකුත් සිසුන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීම මෙම ඒකක හරහා සිදු වෙයි. වාර්ෂිකව බැංකුව මගින් 1000 කට අධික සිසු සිසුවියන් සංඛ්‍යාවක් මේ යටතේ පුහුණු කරනු ලබන අතර එමගින් අනාගත නායකයින් ජාතියට දායාද කිරීමට පෙරමුණ ගනිමින් අනගි ජාතික මෙහෙවරක නිරත වේ.

තවද, තම බාල වයස්කාර ගනුදෙනුකාර දුවා දරුවන්ට උපරිම සේවයක් සැලසීමේ අරමුණින් හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ පොත් ප්‍රකාශන ආයතන, රෙදිපිළි වෙළෙඳ ආයතන පාවහන් අලෙවි ජාලා, ආභරණ අලෙවිසැල්, ළමා විනෝද හා ක්‍රීඩා උද්‍යාන සහ ළමා ක්‍රීඩා උපකරණ අලෙවි ජාලයන් සමඟ අත්වැල් බැඳ ගනිමින් HNB ළමා ගිණුම් සඳහා ලබා දෙන ත්‍යාග වවුචරපත් මගින් අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ අවකාශය ද සිඟිති ගිණුම් හිමි දරුවන් හට සලසා දී තිබේ.

මෙවන් අසමසම ප්‍රතිලාභ රැසක් සමඟින් නිරන්තරයෙන් දැයේ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරන්නට ඇප කැප වී සිටින හැටන් නැෂනල් බැංකුව අනාගතය උදෙසා පිපෙන්නට වෙර දරන පුංචි කැකුළුවලට තම යහපත් ප්‍රාර්ථනා ඉටු කරගැනීමට උරදීම තම ආයතනික වගකීම ලෙස ප්‍රමුඛතාවයෙන් යුතුව සැමවිටම සලකයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව