HNB, Daraz හි ‘වඩාත් පරිපූර්ණ වර්ධනයක් සහිත කාඞ්පත පදනම’ සහිත බැංකුව ලෙස සම්මාන ලබයි

Image 01 (LBN Fill)

 



 

 

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නම්‍යශීලී ගෙවීම් හවුල්කරුවා ලෙස සිය කීර්ති නාමය තවත් ශක්තිමත් කරමින් මෙරට ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඩිජිටල් ගෙවීම් විසඳුම් වැඩිදියුණු කිරීම සඳහා වූ සිය කැපවීම උදෙසා දකුණු ආසියාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz ඇගයීමට ලක් කළේය.

පසුගියදා Daraz විසින් පැවැත්වූ 2022 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන ප‍්‍රදානයේදී (Payment Partner Performance Awards) හිදී ‘වඩාත් පරිපූර්ණ වර්ධනයක් සහිත කාඞ්පත පදනම’ සහිත බැංකුව (The best all-round growth) සඳහා වන සම්මානය HNB විසින් දිනා ගන්නා ලදී. හොඳම බැංකු හවුල්කරුවන් අතරට ශ්‍රේණිගත වී ඇති ්‍යභඊල 2021-2022 සඳහා ගෙවීම් ධාරිතාවය, ගැනුම්කරුවන්ගේ සහභාගීත්වය සහ සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් යන කාඞ්පත් දෙවර්ගයෙන්ම සමස්ත ගනුදෙනු සංඛ්‍යාවේ වඩාත් පරිපූර්ණ වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් විය.

මේ පිළිබඳව අදහස් දක්වමිවන් HNB කාඞ්පත් ප‍්‍රධානී ගෞතමි නිරංජන් මහත්මිය පැවසුවේ ”2020 වසරේදී කොරෝනා වසංගතය ආරම්භ වූ දා සිට ඩිජිටල් ගෙවීම් වෙත යොමුවීම සඳහා ඊ-වාණිජ්‍ය වේදිකා භාවිතා කිරීම පෙර නොවූ විරූ තරම් වේගවත් වුණා. පසුගිය වසර දෙක තුළ අපි මෙම නව වෙළෙඳපල තත්වයන්ට අනුවර්තනය වී තිබෙන අතර අපගේ පාරිභෝගිකයින්ට ඔවුන් ගනුදෙනු කිරීමට කැමති ඕනෑම වේදිකාවක් හරහා ඔවුන්ගේ ගෙවීම් කටයුතු සිදු කිරීමට පහසු සහ නම්‍යශීලී ක‍්‍රම ඇති බව සහතික කරනු ලැබුවා. Daraz විසින් ලබාදුන් මෙම සම්මානය අපගේ පාරිභෝගිකයින්ට හා හවුල්කරුවන් උදෙසා අපගේ වෙහෙස මහන්සිය සහ කැපවීම අගය කිරීමක් ලෙස අපි සලකනවා.” යනුවෙනි.

පසුගිය වසරේ දී ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන උළෙලේදී Daraz විසින් ඉහළම වර්ධනයක් සහිත ගෙවීම් හවුල්කරු ලෙස HNB පිළිගැනීමට ලක් කිරීම විශේෂයෙන් කැපී පෙනේ.

එපමණක් නොව, HNB කාඞ්පත් හිමියන්ට HNB ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා ආකර්ෂණීය වට්ටම් සහිතව මාස 24ක් දක්වා පොළී රහිත පහසු වාරික ගෙවීමේ සැලසුම් ඇතුළුව Daraz වෙතින් විවිධ ප‍්‍රතිලාභ භුක්ති විඳිය හැකිය. සෙනසුරාදා දිනවල ඊ-වාණිජ්‍ය වේදිකා හරහා සිදු කරනු ලබන මිලදී ගැනීම්වලට 10% ක මිල අඩු කිරීමක් ද හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ඇත. මීට අමතරව, අවුරුදු, Black Friday, Daraz 11:11 සහ Daraz 12.12 වැනි විශේෂ සැණකෙළිවලදී පරිශීලකයින්ට දැවැන්ත වට්ටම් පිරිනැමීමට බැංකුව Daraz සමඟ අත්වැල් බැඳ ගෙන සිටී.

HNB මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය.

තවද එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව හයවන වරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට HNB ශ්‍රේණිගත කර ඇති අතර 2021 ජාත්‍යන්තර මූල්‍ය සඟරා සම්මාන උළෙලේදී ‘‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව’’ සහ ‘‘විශිෂ්ටතම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) බැංකුව’’ යන සම්මාන හිමි කරගැනීමට ද බැංකුව සමත් විය. මීට අමතරව අඛණ්ඩව සිව්වන වරටත් ශී‍්‍ර ලංකාවේ වඩාත්ම ගෞරවනීය සමාගම් 10 අතරට තේරී පත් වී ඇත.

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව