HNB CBSL හි ‘රට පුරාම LANKAQR’ දිරිගැන්වීමේ තවත් වැඩසටහනක් සමඟින් මහනුවරට

Image 01

 




 

 

ශ්‍රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණින් ඒ පිළිබඳව මහනුවර දිස්ත‍්‍රික්කයේ මහජනතාව දැනුවත් කිරීමට හා දිරිමත් කිරීම සඳහා මෙරට පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKA QR’ වැඩසටහන ප‍්‍රවර්ධනය කිරීම සඳහා නැවතත් එක් විය.

Kandy City Center හි පැවති මෙම උත්සවය සඳහා HNB සහ අනෙකුත් ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන හා සන්නිවේදන සහකරුවන් එක්ව සිටීම කැපී පෙනිණි. HNB සමඟ ගනුදෙනු සිදු කරන වෙළෙන්දන්ද මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට එක් කරගන්නා අතරතුරම LANKAQR සමඟ දැනටමත් සම්බන්ධ වී ඇති HNB SOLO ඩිජිටල් ගෙවීම් යෙදවුම පිළිබඳව දැනුවත් කිරීමට ද බැංකුව කටයුතු කළේය.

මේ පිළිබඳව අදහස් දක්වන HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා ‘‘කොවිඞ්-19 වසංගතය මුල් අවධියේදී අපගේ ගනුදෙනුකාරභවතුන් බොහෝ දෙනෙකු හා මහජනතාව අපගේ ප‍්‍රධානතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වන HNB SOLO බාධාවකින් තොරව භාවිතා කරන ආකාරය අප දුටුවාx කොවිඞ්-19 වසංගතයෙන් පසුව මෙම ‘රට පුරාම LANKA QR’ වැඩසටහන දියත් කිරීමත් සමඟ මෙවැනි ආකාරයේ ඩිජිටල් ගෙවීමේ පද්ධති භාවිතා කරන පරිශීලකයින්ගේ සංඛ්‍යාව ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ ගියා.’’

‘‘මූල්‍යමය හා තාක්ෂණික වශයෙන් ශ්‍රී ලංකාව සවිබලගැන්වීම සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ හා HNB හි ඇති අන්‍යෝන්‍ය දැක්ම සැලකිල්ලට ගැනීමේදී LANKAQR දිවයින පුරා ව්‍යාප්ත කිරීම සඳහා දැඩි උනන්දුවකින් යුතු සහකරුවකු ලෙස සේවය කිරීමට ලැබීම ගැන HNB ආඩම්බර වනවා. ශ්‍රී ලංකාවේ සංස්කෘතික අගනගරයේද අපට දැන් වෙළෙඳ මහතුන් සිටින බැවින් මෙම පරිවර්තනය ඩිජිටල්කරණය කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සඳහන් කළ හැකියි.’’ යනුවෙන් වැඩිදුරටත් පැවසුවේය.

මහනුවර පැවති මෙම ‘රට පුරාම LANKAQR’ වැඩසටහන අතරතුර මිනිස් සබඳතාවලින් තොර වීම, සිදු කරනු ලබන සියලූම ගනුදෙනුවල ඉහළ කාර්යක්ෂතාවය ඇතුළුව SOLO හි බොහෝ පහසුකම් පිළිබඳව දැනුවත් කරන ලදී.2019 වසරේදී SOLO හදුන්වා දුන් දා සිට සුවිශේෂී පාරිභෝගික පදනමක් අත්පත් කරගත් අතර SOLO හි පරිශීලක අතුරු මුහුණත සඳහා නිරන්තරයෙන් අලූත්කිරීම් සිදු කරමින් යෙදවුමේ විශේෂාංග හා ක‍්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට HNB අඛණ්ඩව කටයුතු කිරීම මගින් ගනුදෙනුකරුවන්ට භාවිතයට පහසු හා නම්‍යශීලී QR පදනම් කරගත් ගෙවීම් අත්විඳීමට හැකියාව ලැබේ.

පසුගිය වසරේදී මාතලේදී නිල වශයෙන් දියත් කරන ලද ‘රට පුරාම LANKAQR’ වැඩසටහනේ ප‍්‍රවර්ධන වැඩසටහන් කොළඹදී හා ගාල්ලේදී පවත්වන ලදී. LANKAQR මගින් ඕනෑම වෙළෙන්දෙකුට හෝ සේවා සපයන්නෙකුට, ඔවුන්ගේ ඩිජිටල් ගෙවීමේ යෙදවුම් හා වේදිකා හරහා වේගවත්, ආරක්ෂිත හා අඩු වියදම් ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීමට බැංකු, මූල්‍ය ආයතන හා සන්නිවේදන ආයතනවලට අවස්ථාව ලබා දෙයි.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව