HNB 800 වැනි Smart Self Service යන්ත‍්‍රය ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී විවෘත කරයි

Image 01 (LBN)

 



 

 

HNB සිය 800 වැනි Smart Self Service (SSM) යන්ත‍්‍රය ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අකුරේගොඩ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී පසුගියදා ස්ථාපිත කළේය.

මුදල් තැන්පත් කිරීමේ හා මුදල් ලබා ගැනීමේ පහසුකම් සහිත මෙම නව Cash Recycle (CRM) යන්ත‍්‍රය ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සේවය කරන පුද්ගලයින්ට පහසු බැංකු සේවා සපයයි. මෙම පහසුකම මගින් පරිශීලකයින්ට පහසුවෙන් මුදල් ආපසු ගැනීමට සහ තැන්පත් කිරීමට, එවේලේම මුදල් මාරු කිරීමේ real-time පහසුකම, ක්‍රෙඩිට් කාඞ්පත් ගෙවීම් පියවීමට, ජංගම දුරකතන හරහා මුදල් ආපසු ගැනීමට, ජංගම දුරකතනවලට reload කිරීමට සහ අත්‍යාවශ්‍ය බිල්පත් ගෙවීමට සහ වෙනත් වියදම් වැනි self-banking අවශ්‍යතා සඳහා පහසු ප‍්‍රවේශයක් ලබා දෙනු ඇත.

මෙම Smart Self Service යන්ත‍්‍රය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහභාගී විය. මෙම අවස්ථාවට HNB ජ්‍යෙෂ්ඨ කළමනාකාර, ඩිජිටල් බැංකුකරණ චක්ෂික අමරවර්ධන, HNB ජ්‍යෙෂ්ඨ කළමනාකාර – Employee Banking, පියකර ජයරත්න, බත්තරමුල්ල HNB පාරිභෝගික ඒකකයේ කළමනාකාර, දිනෙත් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ත‍්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම HNB ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව සිටියහ.

දිවයින පුරා පාරිභෝගික ඒකක 254ක් සහ Self Service යන්ත‍්‍ර 800කට අධික සංඛ්‍යාවකින් සමන්විත HNB යනු ශ‍්‍රී ලංකාවේ විශාලතම, තාක්ෂණික වශයෙන් නව්‍යකරණය වූ පුද්ගලික බැංකුවකි. තිරසාරත්වය, යහපාලනය සහ ආයතනික විශිෂ්ටත්වය සඳහා වන සිය කැපවීම උදෙසා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කළ හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී (CCC BCCSA) 2022 වසරේ මෙරට හොඳම ආයතනික පුරවැසියා ලෙස HNB සම්මානයට පාත‍්‍ර විය. එහිදී හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රේණිගත වීම, පාලන කාණ්ඩයේ ජයග‍්‍රාහක සම්මානය සහ ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ ජයග‍්‍රාහකයා ඇතුළුව HNB සම්මාන හතරක් දිනා ගැනීම ද සුවිශේෂත්වයකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව