HNB, හේලීස් ඇග‍්‍රිකල්චර් සමඟ වන සිය දිගුකාලීන හවුල්කාරීත්වය නැවත අලූත් කරයි

Image01

 



 

 

 

 

සිය ආයතන දෙකෙහිම අන්‍යෝන්‍ය පාරිභෝගික පදනම වෙත කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ සමඟින් හොඳම ලීසිං විසඳුම් ගෙන ඒම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛ පෙලේ කෘෂි යන්ත්‍රෝපකරණ සහ උපකරණ සැපයුම්කරු වන හේලීස් ඇග‍්‍රිකල්චර් සමඟ පසුගියදා නැවත අත්වැල් බැඳගත්තේය.

HNB හි පාරිභෝගික සහ සුළු සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා සහ හේලීස් ඇග‍්‍රිකල්චර් කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්ති ධර්මසේන මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ හේලීස් ඇග‍්‍රිකල්චර් කාර්යාලයේදී පැවති උත්සවයකදී කෘෂි ක්ෂේත‍්‍රයේ නියැලී සිටින පාරිභෝගිකයින්ට ට‍්‍රැක්ටර් සහ හාවෙස්ටර්ස් යන්ත‍්‍ර සඳහා විශේෂ මිල ගණන් පිරිනැමෙන මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ”පසුගිය වසර දෙක තුළ සිදු වූ ප‍්‍රතිපත්තිමය වෙනස්කම් හා කාලගුණික තත්වයන් සැලකිල්ලට ගැනීමේදී කෘෂිකාර්මික අංශයට ඉතා දුෂ්කර වසරක් වුනා. මෙම බාධා මධ්‍යයේ වුවද, ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් සහ හැකි සෑම විටම භාණ්ඩ අපනයනය කරමින් මෙම අංශය සිය ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගෙන ගොස් තිබෙනවා. එබැවින් අපගේ ගනුදෙනුකරුවන්ට වෙළෙඳපොළ තුළ හැකි හොඳම ප‍්‍රතිලාභ ලබා දීමට අප විශේෂයෙන් වෙහෙස මහන්සි වී කටයුතු කළ අතර බොහෝ දෙනෙක් ඔවුන්ගේ කෘෂිකාර්මික අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

එක් එක් ගනුදෙනුකරුවන්ගේ ආදායමට හා වියදමට සරිලන පරිදි සකස් කළ ආකර්ෂණීය ලීසිං පැකේජ ඇතුළුව අඩු පොළී අනුපාත, ඒ ඒ පාරිභෝගිකයාට උචිත පරිදි ලීසීං පහසුකම් ආදී ප‍්‍රතිලාභ රුසක් මෙම හවුල්කාරීත්වය මගින් HNB ගනුදෙනුකාරභවතුන්ට ලබා දෙනු ඇත. එමෙන්ම ගනුදෙනුකාරභවතුන්ට සියලූම කෘෂිකාර්මික බර යන්ත්‍රෝපකරණ, සර්විස් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime ණයපතක් ලබා දෙනු ඇත. මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

මීට අමතරව HNB General Insurance විසින් හදිසි මරණවලදී නොමිලේ රු. මිලියන 4.5ක ජීවිත රක්ෂණාවරණයක් සහ HNB Assurance විසින් ස්වභාවික මරණයක් සඳහා රු.600,000 ක රක්ෂණාවරණයක් ද ලබා දෙනු ඇත.

”හේලීස් ඇග‍්‍රිකල්චර් ලෙස අපගේ ප‍්‍රමුඛතාවය වන්නේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නියුතු අපගේ පුළුල් පාරිභෝගිකයින් පිරිසට සහයෝගය දැක්වීම, ඔවුන්ගේ ව්‍යාපාර දියුණුවට පත් කිරීම සහ සහ එම ව්‍යාපාරවල සාර්ථකත්වය එලෙසම පවත්වා ගැනීමට ඔවුන්ට උපකාර කිරීමයි. පසුගිය වසර දෙක සැලකීමේදී අප සැමට ඉතා අභියෝගාත්මක කාල පරිච්ෙඡ්දයක්. මෙවැනි හවුල්කාරීත්වයක් තුලින් අපගේ ගනුදෙනුකාරභවතුන්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ සමඟින් දැරිය හැකි මිලකට ලීසිං විසඳුම් ලබා දෙනු ඇතැයි අප දැඩිව විශ්වාස කරනවා. ගොවි මහතුන් තම ව්‍යාපාර සාර්ථක කර ගැනීමට මෙම සුවිශේෂී අවස්ථාව ප‍්‍රයෝජනයට ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් හේලීස් ඇග‍්‍රිකල්චර් කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්ති ධර්මසේන මහත්මිය පැවසුවාය.

හේලීස් සිය පාරිභෝගිකයින්ට Combine හාවෙස්ටර්ස් යන්ත‍්‍ර සඳහා රුපියල් 60,000/- ක වටිනාකමින් යුත් නොමිලේ අමතර කොටස් කට්ටල සහ ට‍්‍රැක්ටර් සඳහා රු.30,000/- ක් වටිනා අමතර කොටස් කට්ටල පිරිනැමීමට කටයුතු සූදානමින් සිටී.

මෙම ලීසිං ප‍්‍රවර්ධනය පිළිබඳ වැඩි විස්තර 011-2660330 ඔස්සේ HNB ඇමතීමෙන් හෝ 0772893387 හේලීස් ඇග‍්‍රිකල්චර් ඇමතීමෙන් ලබා ගත හැකිය.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව