HNB හරහා රට සල්ලි එවන ඔබට ලක්ෂපතියෙකු වීමට වරම්

HNB remittance winners (LBN Fill)

 



 

 

 

ශ‍්‍රී ලංකාවට විදේශ පේ‍්‍රෂණ ගලා ඒම ඉහළ නැංවීමට මෙන්ම මෙරටට පේ‍්‍රෂණ යැවීමේදී විධිමත් පේ‍්‍රෂණ මාර්ග භාවිතය දිරිමත් කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL) හඳුන්වා දී ඇති වැඩසටහනට සහාය වෙමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විදේශයන්හි රැකියාවලට යන ශ‍්‍රී ලාංකිකයින්ට හා ඔවුන්ගේ පවුල්වලට ප‍්‍රතිලාභ ලබා දීමට යෝජනා ක‍්‍රම දියත් කරනු ලබයි. සංක‍්‍රමණික ශ‍්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම සහතික කිරීම උදෙසා විදේශගත ශ‍්‍රමිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල මූල්‍ය හා සමාජීය අවශ්‍යතා පිළිබඳ සැලකිලිමත් වෙමින් HNB විදේශ පේ‍්‍රෂණ සේවාව හරහා රට සල්ලි එවන ගණුදෙනුකරුවන්ට සතිපතා ලක්ෂපතියෙකු වීමට අවස්ථාව සලසා දීමට විශේෂ දිනුම් ඇදීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරයි. ඒ අනුව දැනටමත් දිවයින පුරා පිහිටි HNB ශාඛා හරහා ලක්ෂපතියන් විශාල ගණනක් බිහිකර ඇත.

වත්මන් අර්බුදකාරී තත්වය තුළ ජනතාවට තම සුපුරුදු දින චර්යාව ගත කිරීම වඩාත් අභියෝගාත්මක වන අතර පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තම අවශ්‍යතා ඉටුකර ගැනීම උදෙසා තැනින් තැනට ගමන් කිරීම ද පහසු නොවේ. මෙම පීඩාකාරී තත්වය හමුවේ විදේශගත ශී‍්‍ර ලාංකිකයින් මෙරට වෙසෙන තම ආදරණියන් වෙත එවන රට සල්ලි ලබා ගැනීමට බැංකුව වෙත පැමිණීමට පවා අපහසු තත්වයක් උදාවී ඇත. මෙම තත්වය තේරුම්ගත් ්‍යභඊ තම පාරිභෝගිතයින්ට සහන සැලසීම උදෙසා Call & Credit නමින් සුවිශේෂී සේවාවක් දියත් කල අතර ඒ හරහා බැංකුවට ඇමතුමක් ලබා දීමෙන් ඔබට ලැබෙන අංකය (reference number) මඟින් විදෙස්ගත ශ‍්‍රමිකයින් මෙරටට එවන විදේශ පේ‍්‍රෂණ තම ගිණුමටම බැර කරවාගැනීමේ හැකියාව ඇත. ඕනෑම අවස්ථාවක තම පාරිභෝගිකයින් වෙත ඉහළම සේවාවක් සැලසීම වෙනුවෙන් ඇප කැප වී සිටින HNB මෙවරත් Call & Credit සේවාවට අමතරව දිවයින පුරා පිහිටි 256 ක් වන පාරිභෝගික ඒකක සහ ATMs හරහා පාරිභෝගිකයින්ට පහසු, කාර්යක්ෂම හා සුහදශීලී සේවාවන් පාරිභෝගිකයින් වෙත පිරිනමන්නේ සිය කැපවීම තවදුරටත් සනාථ කරමිනි.

HNB හි විදේශ පේ‍්‍රෂණ ලබන්නන් හඳුනාගෙන ඔවුන්ට ත්‍යාග පිරිනැමීමට බැංකුව විසින් දිනුම් ඇදීමක් දියත් කළ අතර එම දිනුම් ඇදීම හරහා දැනටමත් මන්නාරම, කඩුවෙල, කයිතඩි, කන්තලේ හා කටුගස්තොට ආදි දිවයිනේ නන් දෙසින් බැංකුව ලක්ෂතියන් බිහි කිරීමට සමත්ව ඇත. මෙම දිනුම් ඇදීම තුළින් 2022 වසර තුළදී ජයග‍්‍රාහකයින් 52 දෙනෙකු බිහි කිරීමට HNB අපේක්ෂා කරයි.

මෑතකදී එම මුදල් ත්‍යාග දිනා ගැනීමට වරම් ලැබූ ජයග‍්‍රාහකයින් අතරින් දීර්ඝ කාලයක පටන් HNB කටුගස්තොට ශාඛාව සමඟ ගණුදෙනු කරන පී.ජී. පුෂ්පකුමාර මහතා තම සතුට මෙසේ ප‍්‍රකාශ කළේය.

”මගේ නම පී.ජී. පුෂ්පකුමාර මම දැනට වසර ගණනාවක සිට හැටන් නැෂනල් බැංකුවේ කටුගස්තොට ශාඛාව සමඟ ගනුදෙනු කරනවා. මගේ බිරිඳ විදේශගතව රැකියාවක් කරනවා. ඇය මට සල්ලි එවන්නේ හැටන් නැෂනල් බැංකුව හරහා. ඇත්තටම අද මට හරිම සතුටුයි. නොහිතපු මොහොතක රු.100,000 ක මුදල් ත්‍යාගයක් ලැබුණා. මේ වගේ ආර්ථික අර්බුදයක් පවතින කාලයක මෙවැනි මුදලක් ලබාදීම ගැන හැටන් නැෂනල් බැංකුවට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙවැනි විශ්වාසනීය බැංකුවක් හරහා රට සල්ලි ගෙන්වා ගැනීමට ලැබීම ගැන වගේම අප වෙත ලැබෙන සුහදශීලී සහ කාර්යක්ෂම සේවාව ගැන අපිට සතුටට පත්වෙනවා. හැටන් නැෂනල් බැංකුව හරහා බැංකු කටයුතු සිදු කිරීමේදී ඩිජිටල්කරණයට මුල්තැනක් දීම හරහා කාලය ඉතිරි කරගන්න පුළුවන් වගේම එය වඩාත් කාර්යක්ෂමයි. ඒ වගේම බැංකුව නිරන්තරයෙන් විශේෂ වැඩසටහන් දියත් කරන නිසා පාරිභෝගික අපට විවිධ අමතර ප‍්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව උදාවෙනවා. මින් ඉදිරියටත් අඛණ්ඩව හැටන් නැෂනල් බැංකුව සමඟ ගනුදෙනු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පුෂ්පකුමාර මහතා පැවසුවේය.

තවද මෙම දිනුම් ඇදීම හරහා ලක්ෂපතියෙකු වීමට වරම් දිනාගත් මන්නාරමේ එස්. මාරි. මහත්මිය මෙසේ පැවසුවාය. ‘‘මම ජීවත් වෙන්නේ මන්නාරමේ. මගේ දරුවෝ දෙන්නා ජීවත් වන්නේ විදේශගතව. ඔවුන් මට පසුගිය වසර 10 පුරාවට මුදල් එවන්නේ HNB හරහා පමණයි. ඒකෙන් මමත් මගේ අනිත් ළමයිනුත් අපේ අවශ්‍යතා සපුරා ගන්නවා. මට හදිසියේම HNB වෙතින් දුරකතන ඇමතුමක් ලැබුනා. එහි නිලධාරියෙක් මට කිව්වා මට මුදල් ත්‍යාගයක් ලැබිලා තියෙනවා කියලා. එය මට අදහාගත නොහැකි නිසා මා ඒ පිළිබඳව විස්තර ඇහුවා. ඒ අනුව තමයි මා දැනගත්තේ මට සැබවින්ම රුපියල් 100,000 ක මුදල් ත්‍යාගයක් ලැබී ඇති බව. මෙම මුදල් ත්‍යාගය ලබා දීම ගැන HNB හට මා ස්තූතිවන්ත වනවා.’’

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව