HNB හරහා එතෙර සිට මුදල් එවන ගනුදෙනුකාරභවතුන්ට වටිනා තෑගි

Image 01

 




 

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ පේ‍්‍රෂණ සේවාව හරහා සෑම සතියකම ශ‍්‍රී ලංකාවට මුදල් එවන ගනුදෙනුකරුවන් අතරින් වාසනාවන්තයින් 100 කට වැඩි පිරිසකට වටිනා ත්‍යාග පිරිනමනු ඇත.

2021 අගෝස්තු 15 සිට 2022 ජනවාරි 15 දක්වා කාලය තුළ මුදල් එවන ගනුදෙනුකාරභවතුන්ට සතිපතා දිනුම් ඇදීමෙන් ගෑස් උදුන්, ප්‍රෙෂර් කුකර්, බ්ලෙන්ඩර්, රයිස් කුකර්, කේතල් සහ උණුවතුර බෝතල් වැනි ගෘහ උපකරණ දිනා ගැනීමට අවස්ථාවක් ලැබේ. ඊට අමතරව මෙම ප‍්‍රවර්ධන කාල පරිච්ෙඡ්දය තුළ සෑම මසකම වාසනාවන්ත ජයග‍්‍රාහකයින් දෙදෙනෙකුට රු.100,000 බැගින් හිමිකර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

HNB පේ‍්‍රෂණ සේවාව මඟින් ලොව පුරා සිටින හවුල්කාර ජාලය හරහා මුදල් යැවීමට පාරිභෝගිකයින්ට පහසුව සහ ආරක්ෂාව සලසා දෙයි. HNB ගෝලීය ජාලය, ලොව පුරා කීර්තිමත් පේ‍්‍රෂණ නියෝජිතායතන සහ බැංකු රාශියක් සමඟින් ව්‍යාපාරික සම්බන්ධතා 130 කට වැඩි ගණනකින් සමන්විත වේ. මුදල් එවන්නන්ට ශ‍්‍රී ලංකා මුදල් හැර පිළිගත් මුදල් ඒකක 13කින් මුදල් තැන්පත් කළ හැකිය.

HNB ශ‍්‍රී ලංකාවේ පේ‍්‍රෂණ ක්ෂේත‍්‍රයේ දශක හතරකට වැඩි පළපුරුද්දක් ඇති පුරෝගාමී බැංකුවකි. HNB සිය ගෝලීය ජාලයට අමතරව, විදේස්ගත ශ‍්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට සහාය වීම උදෙසා තෝරාගත් ස්ථාන වෙත නියෝජිත නිලධාරීන් යොදවා තිබේ.

මුදල් ලබන්නන්ට පහසුවෙන් පේ‍්‍රෂණ සේවාව වෙත ප‍්‍රවේශ වීම සඳහා HNB විසින් ණය ගෙවීමේ විකල්ප කිහිපයක් සපයයි. බැංකුව දිවයින පුරා පිහිටි සිය බැංකු කවුන්ටර හරහා මුදල් ලබා ගැනීමට සහ 780කට වඩා වැඩි බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර හරහා ‘කාඞ්පත් රහිතව පේ‍්‍රෂණ ලබා ගැනීමේ පහසුකම’ (Card-less remittance withdrawal facility) භාවිතා කර මුදල් මාරු කිරීමේ පහසුකම ද සලසා දෙයි. එමෙන්ම HNB වෙනත්  ඕනෑම දේශීය බැංකු ගිණුමක් වෙත පේ‍්‍රෂණ වහාම බැර කරනු ලැබේ. බාධාවකින් තොරව සේවා පහසුකම් සැලසීම සහතික කිරීම සඳහා, බැංකුව වසරේ පැය 24 පුරාවට පේ‍්‍රෂණ ගනුදෙනු සැකසීම සිදු කරයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව