හැටන් නැෂනල් බැංකුව ජයග්‍රාහී 11වන වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 2020 වසරේ ඒෂියන් බෑන්කර් පාරිභෝගික මූල්‍ය සේවා විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (Asian Banker’s International Excellence in Retail Financial Services 2020 awards ceremony) සම්මානයට පාත්‍ර විය.
සුවිශේෂී අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ බැංකුවේ තිරසාර වර්ධනය සහ ක්‍රියාවලීන්, මූල්‍ය සේවා අංශය තුළ අඛණ්ඩ සිදු වූ වැඩිදියුණු කිරීම් ආදී නිර්ණායක සැලකිල්ලට ගනිමින් HNB වෙත මෙම සම්මානය පිරිනමන ලදී.
’‘මෙම කීර්තිමත්, වටිනා සම්මානය නැවත හිමි කර ගැනීමට ලැබීම අපට මහත් ගෞරවයක්. අපගේ අසමසම වූ මූල්‍ය සේවා, විශිෂ්ටත්වය කරා අඛණ්ඩව හඹා යෑමේ HNB කණ්ඩාමේ කැපවීම සහ නිරන්තරයෙන් HNB ගනුදෙනුකරුවන් ප්‍රමුඛස්ථානයෙහි ලා සැලකීම අපගේ සාර්ථකත්වයේ විශේෂත්වයයි. පෙර නොවූ විරූ කොවිඞ්-19 වසංගතය හමුවේ, ව්‍යාපාර සාර්ථකත්වය අඛණ්ඩව පවත්වා ගැනීම සහතික කිරීමට සහ පීඩාවට පත් ගනුදෙනුකරුවන්ට සහාය වීමට හා සේවය කිරීමට කැපවීම් කරමින් මගේ කණ්ඩායම උපරිම කැපවීමක් පෙන්නුම් කර තිබෙනවා. එවැනි තීරණාත්මක කාලයක HNB ඇගයීමට ලක් වීම ගැන මා සතුටු වෙනවා වගේම, මෙම ඉතාමත් සුදුසු සම්මානය මගේ සමස්ත කණ්ඩායමට පුද කිරීමට කැමතියි’’ යනුවෙන් HNB හි කළමනාකාර අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේය.
HNB ගනුදෙනුකරුවන් අඛණ්ඩව සතුටු කිරීමට දැඩි කැපවීමෙන් කටයුතු කරන බව සඳහන් කළ ඔහු බැංකුව තුළ සිදු වෙමින් විශාල පරිවර්තනීය ගමනේ ඉදිරියට යන විට ඩිජිටල් පරිවර්තනය වැදගත් කාර්යභාර්යක් ඉටු කරනු ඇති බව ද පාරිභෝගික බැංකු සේවා කටයුතු තවදුරටත් පුළුල් කරමින් බැංකුවේ වටිනා ගනුදෙනුකරුවන්ට සුපිරි අත්දැකීමක් ලබා දෙනු ඇතැයි ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
බැංකුව මේ වන විට බහුකාර්ය ඩිජිටල් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින අතර එමඟින් ඩිජිටල් බැංකු නිෂ්පාදන කඩිනමින් වෙළෙඳපොළට හඳුන්වා දීමට බැංකුවට අවස්ථාව ලබා දෙනු ඇත. මෙහදී, ෆින්ටෙක්ස් ^Fintechs& සමඟ වෙළෙඳපොළේ සමීපව කටයුතු කිරීමටත් නිෂ්පාදන/සේවා දියත් කිරීම සඳහා පහසු තාක්ෂණික සබඳතාවක් ඇති කර ගැනීමටත් බැංකුවට තවදුරටත් හැකියාව ලැබෙනු ඇත.
පාරිභෝගික බැංකුකරණය HNB හි ප්‍රමුඛතම අංශයක් වන අතර එයින් දිවයින පුරා විසිර සිටින මිලියන 2×6කට අධික ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා සපුරයි. බැංකු ශාඛා 252ක් සහ ස්වයං සේවා යන්ත්‍ර 787කින් සමන්විත බැංකුවේ පුළුල් පාරිභෝගික සේවා ජාලයට අමතරව, ගනුදෙනුකරුවන්ට දුරස්ථව ගනුදෙනු කටයුතු සිදු කිරීමට පහසු, පුළුල් සහ ආරක්ෂිත ක්‍රමවේද ලබා දීම සඳහා ඩිජිටල් බැංකු නිෂ්පාදන, සේවා ඉහළ නැංවීමේ පුරෝගාමීකයෙකු ද වෙයි.
විශේෂයෙන්ම පශ්චාත් කොවිඞ් සමය තුළ බැංකු ගිණුම්, හරපත් හෝ ණය පත් හරහා සම්බන්ධ වන ඩිජිටල් ගෙවීම් සඳහා ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයක් (one-stop-shop) ලෙස ක්‍රියා කරන HNB SOLO වැනි වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින නවෝත්පාදන වේදිකා හඳුන්වා දීම තුළින් HNB හි තාක්ෂණය පිළිබඳ වූ නායකත්ව හැකියාව මෙම ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා උපකාර වූ තවත් සුවිශේෂ අංගයක් විය.
මෙම යෙදවුම මඟින් LankaQR කේතය scan කිරීමේ සහ ගනුදෙනු සම්පූර්ණ කිරීමේ හැකියාවට අමතරව ඩිජිටල් ගිණුම් විවෘත කිරීම, HNB කාඞ්පත් සඳහා පවතින දීමනා පරීක්ෂා කර බැලීම, වෙළෙඳුන් හරහා තෑගි කූපන්පත් කේත ලබා ගැනීම හා යෙදවුම හරහා ඍජුවම වෙළෙඳුන්ට ගෙවීම් කිරීමේ පහසුකම ඇතුළු තවත් ප්‍රයෝජනවත් විශේෂාංග රැසක් ලබා දෙයි. මේ ආකාරයට, HNB SOLO යෙදවුම මඟින් පරිශීලකයින්ට තමන් මිලදී ගන්නා බඩු භාණ්ඩ සඳහා ගෙවීම් කිරීමේදී වෙළෙඳසැල් වෙතට නොගොස් වෙළෙඳුන් සමඟ ගනුදෙනු කිරීමට හැකියාව ලබා දෙයි. බිල්පත් ගෙවීමේ පහසුකම් වැනි වෙනත් විශේෂාංග ද නුදුරු අනාගතයේදී ගනුදෙනුකරුවන් සඳහා ලබා දෙනු ඇත.
‘‘බැංකුවේ දැනට ක්රියාක්මක වෙමින් පවතින ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක කොටසක් ලෙස තාක්ෂණය මත පදනම් වූ නව්‍ය බැංකු නිෂ්පාදන හා සේවා රැසක් HNB මෑතකදී හඳුන්වා දෙනු ලැබුවා. උදාහරණයක් ලෙස, HNB Solo e-wallet වැනි නව නිෂ්පාදනවලින් පාරිභෝගිකයින්ට සුවිශේෂී වටිනාකමක් ලැබුනා.
‘‘පාරිභෝගික බැංකුකරණයේ HNB හි සාර්ථකත්වය සඳහා හවුල්කාරීත්වයන් යනු තවත් එක් වැදගත් අංගයක් වන අතර අනෙක නම් නවෝත්පාදනයන් හා දැනට පවතින නිෂ්පාදනවලට එකතු කළ වටිනාකම් ය. පසුගිය වසර පුරා, අපගේ CASA පදනම වැඩිදියුණු කිරීමට ප්‍රධාන දායකත්වයක් සපයන පුද්ගලික ඉතිරි කරන්නන් සඳහා දිරිදීමනා පදනම් කර ගත් ඉතිරුම් නිෂ්පාදනයක් අප හඳුන්වා දුන්නා. මීට අමතරව, අපගේ අන්තර්ජාල ගෙවීම් ප්රවේශයන් හි ආරක්ෂිත e-commerce හැකියාවන් පිහිටුවීම සහතික කිරීම සඳහා VISA CyberSource සමඟ එක්ව නිවාස ණය සහ ලීසිං ගනුදෙනුකරුවන් සඳහා ප්රතිලාභ රැසක් සහිත ණය පත් ලබා දීමට අප කටයුතු කළා,’’ යනුවෙන් HNB හි පාරිභෝගික බැංකු කටයුතු සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.