HNB තලංගම පාරිභෝගික ඒකකය බත්තරමුල්ල ප‍්‍රදේශයේ ඉඩකඩ සපිරි නව නිවහනකට

Image 01 (LBN Fill)

 



 

 

දිනෙන් දින ඉහළ යන පාරිභෝගික ඉල්ලූම සපුරා ලීම සඳහා බැංකු පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අංක 65, ප‍්‍රධාන වීදිය, බත්තරමුල්ල යන ලිපිනයෙහි පිහිටි සිය අතිනවීන පාරිභෝගික ඒකකය පසුගියදා සුබ මොහොතින් විවෘත කළේය.

මෙම නව පාරිභෝගික මධ්‍යස්ථානය මගින් එම ප‍්‍රදේශයේ ජීවත් වන මහජනතාවගේ මෙන්ම ඉහළ යමින් පවතින ව්‍යාපාරික අවශ්‍යතා ද සපුරාලනු ඇත. අතිනවීන පහසුකම් හා ඉඩකඩවලින් සපිරි මෙම නව පාරිභෝගික ඒකකය HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ෙඡ් විජේමාන්න, HNB හිටපු අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් කරුණාරත්න, HNB සහකාර සාමාන්‍යාධිකාරී – ජාල කළමනාකරණ හා ව්‍යාපාර සංවර්ධන, සුපුන් ඩයස්, HNB සහකාර සාමාන්‍යාධිකාරී – මෙහෙයුම්, සිවරාජා නන්දකුමාර්, HNB සහකාර සාමාන්‍යාධිකාරී – සේවා, ඉන්ද්‍රජිත් සේනාධීර, HNB කලාපීය ව්‍යාපාර ප‍්‍රධානී – මහ කොළඹ, වදුලන් ගනේෂන් යන මහත්වරුන් ඇතුළුව බැංකුවේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් පිරිසකගේ ප‍්‍රධානත්වයෙන් මහජනතාව උදෙසා විවෘත කෙරිණි.

මෙම පාරිභෝගික ඒකකය විසින් වසර ගණනාවක් පුරාවට එම ප‍්‍රදේශයේ නැගී එන ව්‍යාපාර සහ පාරිභෝගික ජනතාව සමඟ පවත්වා ගෙන එන විශේෂ සබඳතා පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ෙඡ් විජේමාන්න මහතා පැවසුවේ ”බත්තරමුල්ල ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් සහ ප‍්‍රදේශයේ ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන පාරිභෝගික, ආයතනික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වර්ධනය වෙමින් පවතින පාරිභෝගික පදනමට ඔවුන්ගේ සිහින හා අරමුණ කරා යාමට මූලික බැංකු සේවා සැපයීම සඳහා ඉඩකඩ සපිරි නව නිවහනකට ගෙන යාම වඩාත් කාලෝචිත යැයි අප සිතුවා. එබැවින්, අපගේ දැනට සිටින සිටින පාරිභෝගික පදනමට සහ අනෙකුත් ප‍්‍රදේශවාසීන්ට ඔවුන්ගේ  ඕනෑම බැංකු අවශ්‍යතාවක් සඳහා අප වෙත පැමිණෙන ලෙස අප ආරාධනා කර සිටිනවා.’’ යනුවෙනි.

වඩාත් ඉඩ පහසුකම් සපිරි මෙම නව බැංකු පරිශ‍්‍රය බැංකු කාර්ය මණ්ඩලය සමඟ ගනුදෙනුකාරභවතුන්ගේ සබඳතාව මනා ලෙස වර්ධනය කර ගනිමින් ඉක්මන් ගනුදෙනු කටයුතු කිරීම් සමඟින් ඔවුන්ගේ අත්දැකීම් වඩාත් සරල කිරීම සඳහා ප‍්‍රතිනිර්මාණය කර ඇත. බත්තරමුල්ල සහ ඒ අවට ප‍්‍රදේශවල ගනුදෙනුකරුවන්ට බැංකු සේවා සඳහා නව ආදර්ශයක් ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම අතිනවීන පාරිභෝගික ඒකකය සතියේ සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා ව්‍යාපාරික කටයුතු සඳහා විවෘතව පවතී.

නව නිවහනකට ගෙන යන ලද මෙම තලංගම පාරිභෝගික ඒකකය HNB හි අද්විතීය විචක්ෂණභාවය සහ උපාය මාර්ගික වශයෙන් පරිවර්තනය වීම මෙන්ම ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින HNB වෙළෙඳ නාමය පිළිබඳ පැහැදිලි සාක්ෂියකි. මාස ගණනාවක් පුරා ගනුදෙනුකරුවන්ගේ අදහස් යෝජනා ප‍්‍රවේශමෙන් සැලකිල්ලට ගනිමින් සකස් කර ඇති මෙම පාරිභෝගික ඒකකයේ මෙහෙයුම් ආකෘතිය පුළුල් කිරීම සඳහා බැංකුව එඩිතර පියවර රැසක් ගෙන ඇත.

හොඳින් පුහුණු වූ, කැප වූ කාර්ය මණ්ඩලයේ සහාය සමඟින් නව සන්නාම ආකෘතිය හරහා ක‍්‍රියාත්මක වන ක‍්‍රියාවලීන්ට සහාය වන පරිදි මෙම ඒකකයේ පෙනුම සහ පරිසරය වෙනස් වී ඇත. මෙම නව සංකල්පය මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ HNB පිරිනමන සෑම සේවාවක්ම පහසුවෙන් භුක්ති විදීමට පාරිභෝගිකයින්ව යොමු කිරීමටයි. ඒ ඒ පාරිභෝගිකයාට ගැලපෙන පරිදි සකස් කළ විශේෂ කලාප, විවේකාගාර, වාඩි වී සිටිය සිටින ස්ථාන මෙන්ම self-help කුටි සහ නවීන තාක්ෂණයෙන් යුත් ඩිජිටල් තිරවලින් ද මෙම නව පාරිභෝගික ඒකකය සමන්විත වේ.

HNB Payfast, HNB MOMO, HNB Solo, HNB AppiGo වැනි ඩිජිටල් වේදිකා සහ විවිධාකාර ඩිජිටල් පහසුකම් සහිත ගෙවීම් වේදිකා හරහා HNB එම ප‍්‍රදේශය තුළ සිය බැංකු සේවාවන් ශක්තිමත් කරමින් දියුණු වෙමින් පවතින ව්‍යාපාරික ප‍්‍රජාවට පහසු හා ඩිජිටල් ලෙස වැඩිදියුණු කළ බැංකු සේවා සපයයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව