HNB ඔබ වෙනුවෙන් අපි වැඩසටහන හරහා රෝහල් වලට අත්‍යාවශ්‍ය ඖෂධ

Image 01 (LBN Fill)

 



 

 

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙම අර්බුද අවස්ථාවේ දී රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලට සහාය දක්වමින් ඔබ වෙනුවෙන් අපි වැඩසටහන හරහා අලූත උපන් බිළිඳුන් සහ ගැබිනි මවුවරුන්ට පසුගියදා අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාග කළේය.

අද වන විට දිවයින පුරා පවතින ඖෂධ හිඟය සැලකිල්ලට ගනිමින් කොරෝනා වසංගතය ආරම්භයෙන් පසුව බැංකුවේ සේවකයින් සිය දිනක වැටුප ස්වේච්ඡාවෙන් ලබා දෙමින් පිහිටු වනු ලැබූ මෙම ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන අඛණ්ඩව ක‍්‍රියාත්මක කරමින් HNB ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගය සිදු කරයි. HNB සහකාර සාමාන්‍යාධිකාරී – උපායමාර්ග ප‍්‍රියංකා විජේරත්න මහත්මිය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුසිත සේනාපති මහතා වෙත මෙම ඖෂධ තොග ලබා දුන් අතර HNB නීති අංශයේ ප‍්‍රධානී ශිරෝමි හලොළුව මහත්මිය විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා සාගරී කිරිවන්දෙනිය මහත්මිය වෙත ඖෂධ තොග ලබා දෙන ලදී.

”රටේ දැනට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අපගේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය දැඩි ලෙස පීඩාවට පත්වෙලා තියෙනවා. තවමත් වසංගතය නිසා ඇති වූ දුෂ්කරතාවලින් රෝහල් සම්පූර්ණයෙන් යථා තත්වයට පත් වී නෑ. ඒ නිසා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ ඖෂධ ලබාදීම සඳහා පියවර ගැනීමට කාලය එළඹ ඇති බව අපි විශ්වාස කරනවා. අපගේ අරමුදල්වල පළමු කොටස අනාගත පරපුර වන දරුවන්ට ඖෂධ ලබාදීම සඳහා වෙන් කර තිබෙන අතර සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අනෙකුත් අංශ සඳහා ද සහය ලබා දීමට අප නුදුරේදීම කටයුතු කරනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී CHRO/Chief Transformation Officer, චිරන්ති කුරේ මහත්මිය පැවසුවාය.

HNB හි තිරසාර පදනම මගින් මෙහෙයවනු ලබන ඔබ වෙනුවෙන් අපි වැඩසටහනට අරමුදල් සපයනු ලබන්නේ පසුගිය වසරේ වසංගතය ආරම්භයේදී සිය දිනක වැටුප ස්වේච්ඡුාවෙන් ලබාදුන් HNB සේවකයින් විසිනි. මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා කාර්ය මණ්ඩලය පරිත්‍යාග කළ මුදල හා සමාන මුදලක් බැංකුවද පරිත්‍යාග කළ අතර එතැන් පටන් සෞඛ්‍ය සේවා නගා සිටුවීම අරමුණු කරගත් විවිධ ව්‍යාපෘති සඳහා එම අරමුදල් වෙන් කෙරිනි.

HNB ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මගින් රිජ්වේ ආර්යා රෝහලට සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත කඩිනමින් අවශ්‍ය ඖෂධ ලබා දී ඇති අතර මෙම දායකත්වය හරහා පුත්තලම මූලික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල යන රෝහල් ද ප‍්‍රතිලාභ ලබනු ඇත.

මෙම ව්‍යාපෘතිය හරහා කොවිඞ් වසංගතයේ උච්චතම අවස්ථාවේ දී HNB විසින් දිවයිනේ ප‍්‍රාදේශීය රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල (MOH) වෙත අත්‍යාවශ්‍ය පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල ලබා දීමට කටයුතු කළේය.

විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් අපි වැඩසටහන යටතේ HNB තිරසාර පදනම සමඟින් පසුගිය වසරේදී මෙරට සිටින ක්ෂුද්‍ර ව්‍යවසායකයින් නැවත නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 20 ක් ප‍්‍රදානයක් ද ලබා දුන්නේය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව