HNB කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය (KDU) රෝහලෙහි විශේෂිත බැංකු ඒකකයක් ස්ථාපනය කරයි

Image 02

 




 

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා අවස්ථාවන් තවදුරටත් පුළුල් කරමින් වේරහැර අලූතින් ඉදිකරන ලද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහලේ විශේෂිත බැංකු ඒකකයක් පසුගියදා ස්ථාපිත කළේය.

අලූතින් ස්ථාපනය කරන ලද මෙම විශේෂිත බැංකු ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, විශ්වවිද්‍යාලයීය රෝහලේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ජයන් මෙන්ඩිස්, විශ්වවිද්‍යාලයීය රෝහලේ පරිපාලන අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් ජයන්ත බාලසූරිය, විශ්වවිද්‍යාලයීය රෝහලේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් පී. එස්. තිලකරත්න, විශ්වවිද්‍යාලයීය රෝහලේ අභ්‍යන්තර විගණන නිළධාරී බි‍්‍රගේඩියර් ඞ්. ඩබ්. සී. පෙරේරා, විශ්වවිද්‍යාලයීය රෝහලේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ඒ. එච්. මුල්ලේගම, පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජයන්ත බලවර්ධන, HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB ජාල කළමනාකරණය හා ව්‍යාපාර සංවර්ධන අංශ ප‍්‍රධානී සුපුන් ඩයස්, HNB පුද්ගල මූල්‍ය සේවා ප‍්‍රධානී කාංචන කරුණාගම සහ HNB කලාපීය ව්‍යාපාර ප‍්‍රධානී – නිරිත, මහින්ද සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු HNB හා UHKDU හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න සඳහන් කර සිටියේ ‘‘අප අපගේ ඩිජිටල් බැංකුකරණ සේවා ඉතා විශිෂ්ට ලෙස ගනුදෙනුකරුවන් අතරට ගෙන යාමට කටයුතු කර ඇති අතර පාරිභෝගිකයන් සමඟ පුළුල්ව හා ඉතා සමීපව කටයුතු කරමින් එවැනි සේවා ජාලයක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මනාව අවබෝධ කරගෙන සිටිනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහලේදී විවෘත කරනු ලැබූ මෙම විශේෂිත බැංකු ඒකකය එක් එක් පුද්ගලයාට ආවේණික වූ බැංකු සේවා හා පාරිභෝගික හිතකාමී සේවා සමඟ මිශ‍්‍ර වූ නව ප‍්‍රවේශයක් පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇත. ඒ තුළින් සෞඛ්‍ය වෘත්තිකයන්ට, සිසු සිසුවියන්ට මෙන්ම ඊට පැමිණෙන සියලූ දෙනා හට ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුකරණ සේවා ලබා දීමට අපට හැකි වනු ඇති.’’යනුවෙනි.

වර්තමානය වන විට සෞඛ්‍ය වෘත්තිකයන් විසින් සුවහසක් ශ‍්‍රී ලාංකිකයන් වෙත සලසා දෙනු ලබන කළ නොහැකි සේවය අගයමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහලේ නේවාසික වෛද්‍යවරුන් හට පුද්ගලික ණය, ලීසිං පහසුකම් මෙන්ම සුවිශේෂී පොලී අනුපාත යටතේ ලබා දෙනු ලබන නිවාස ණය පහසුකම් ඇතුළු සුවිශේෂී බැංකු සේවා හා පැකේජ රැුසක් ලබා දීමට ්‍යභඊ කටයුතු කර ඇත. එමෙන්ම රෝහලෙහි ගෙවන වාට්ටු තුළ නැවතී ප‍්‍රතිකාර ගනු ලබන රෝගීන් වෙනුවෙන් හදිසි ණය පහසුකම් හා මූල්‍ය ආධාර පහසුකම්ද ලබා දීමට කටයුතු ්‍යභඊ කර ඇත්තේ ජනතාවගේ ආකර්ෂණය නොම`දව හිමිකරගත් බැංකුව බව නැවතත් ප‍්‍රදර්ශනය කරමිනි.

මීට අමතරව UHKDU වෙත ඇතුළත් කරගනු ලබන වෛද්‍ය සිසු සිසුවියන්ගේ අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ගේ අධ්‍යාපන ණය පහසුකම් සඳහා විශේෂ ප‍්‍රමුඛතාවක් ලබා දීමට ද HNB කටයුතු කර ඇත්තේ අනාගත සෞඛ්‍ය සේවයේ උන්නතිය වෙනුවෙන්ද සුවිසල් දායකත්වයක් සපයමිනි. එසේම එහි සිසු සිසුවියන්ට වැඩිදුර උසස් අධ්‍යාපනය හැදෑරීම හා වෛද්‍ය පුහුණුව සඳහා අවශ්‍ය මුදල් සැපයීමේ පහසුකම් වැඩි කිරීමටද HNBකටයුතු කර ඇත.

එසේම එම ප‍්‍රදේශයේ සියලූ ගනුදෙනුකරුවන්ගේ බැංකුකරණ අත්දැකීම් තවදුරටත් ඉහළ නංවමින් මෙම නව බැංකු ඒකකය තුළින් මුදල් මෙහෙයුම්, නිෂ්කාශන, පුද්ගලික ණය, ක්‍රෙඩිට් කාඞ් නිකුත් කිරීම යනාදී මූල්‍ය හා ඩිජිටල් බැංකු සේවා රැසක් ලබා දීම ද විශේෂත්වයකි. සෑම වැඩකරන දිනකම පෙ.ව. 9.00 සිට ප.ව 3.00 දක්වා ගනුදෙනුකරුවන් වෙනුවෙන් විවෘතව ඇති මෙම නවීන ඒකකය ගනුදෙනුකරුවන්ව වඩාත් පහසු බැංකුකරණ සේවා වෙත රැගෙන යනු නොඅනුමානය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව