HNB අඛණ්ඩව සිව්වන වරටත් ‘වඩාත්ම ගෞවරවනීය සමාගම්’ 10 අතරට තේරී පත් වෙයි

Image 01 (1)

 




 

 

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වානිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩව සිව්වන වරටත් මෙරට වඩාත්ම ගෞරවනීය සමාගම් 10 අතරට තේරී පත් වී ඇත.

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ප‍්‍රබල සංවිධාන පවා අභියෝගයට ලක් වූ වකවානුවකදී, HNB මෙසේ ඇගයීමකට ලක් වීමට හේතු වූයේ එහි මූල්‍ය ක‍්‍රියාකාරීත්වය පමණක්ම නොව කොටස් හිමියන්, ගනුදෙනුකරුවන්, සේවකයින් සහ සමස්ත පාරිභෝගික ජනතාව සඳහා එක්කල වටිනාකම්ය. බැංකුව සිය ස්ථාවරභාවය, අධිකාරිත්වය සහ තිරසාර වර්ධනයන් හරහා අනෙකුත් සංවිධාන හා ව්‍යවසායකයින් දිරි ගැන්වූ ව්‍යාපාරික කාරයසාධනයෙහි සිය විශිෂ්ටත්වය පෙන්නුම් කර ඇත.

”අපගේ සමකාලීනයන් හා මහජනතාවගෙන් ලද ගෞරවය අපගේ පුරෝගාමී බැංකු ප‍්‍රවේශය සඳහා ප‍්‍රබල සාක්ෂියක් වන බැවින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සමාගම් අතරට තේරීපත්වීම ගැන අප ඉතාමත් සතුටු වෙනවා. පසුගිය වසර පුරාවටම ඩිජිටල් පරිවර්තනය ව්‍යාපාරික අඛණ්ඩතාව සඳහා අත්‍යවශ්‍ය වූ අතර පුරවැසියන්ට ආරක්ෂිත හා පහසු ගනුදෙනු ක‍්‍රම පිරිනැමීමට ද ඒ හරහා අවස්ථාව හිමි වුණා. තාක්ෂණික වශයෙන් සවිබල ගැන්වූ නව දශකයක් සඳහා අප යොදාගැනීමට බලාපොරොත්තු වන තාක්ෂණික අඩිතාලම අපගේ ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට වැඩි වටිනාකමක් ලබා දෙනු ඇතැයි අප සිතනවා. ජාතික ආර්ථිකය සක‍්‍රීයව බලගැන්වීම උදෙසා මෙම තාක්ෂණික පරිවර්තනය තවදුරටත් ශක්තිමත් කරන බවට අප පොරොන්දු වෙනවා.” යනුවෙන් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේය.

ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ වරළත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIM) විසින් සංවිධානය කළ මෙම සම්මාන උළෙල සඳහා ගෝලීය වශයෙන් පිළිගත් නිර්ණායක මත පදනම්ව දැඩි ඇගයීම් යටතේ වඩාත්ම ගෞරවයට ලක් වූ සමාගම් තෝරා ගනු ලැබේ. මූලික වටයේදී CIMA සාමාජිකයින් කණ්ඩායමක් විසින් මූල්‍යමය ශක්තිය ඇගයීමට ලක් කර ඇති අතර ඉන් පසුව 50 ට ආසන්න කණ්ඩායමකින් හොඳම සමාගම් 20 තෝරා ගන්නා ලදී.

දෙවන වටය සඳහා මෙම ජයග‍්‍රාහී සමාගම් 20 විනිසුරු මඩුල්ලක් වෙත ඉදිරිපත් කරනු ලබයි. ආයතනික ගුණාත්මක සහ ප‍්‍රමාණාත්මක නිර්ණායකයන්ට අනුව මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබන අතර එහිදී මූල්‍යමය ශක්තියල දිගුකාලීන ආයෝජන වටිනාකම් නිර්මාණය කිරීම, ඉපැයීම් වර්ධනය සහ ලාභාංශ ගෙවීම, කළමනාකරණයේ ගුණාත්මකභාවය, නිෂ්පාදන සහ සේවාවන්, තරඟකාරිත්වය, ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාව, සංවර්ධනය, කුසලතා, නවෝත්පාදනය, පාරිසරික, සමාජීය සහ ආයතනික වගකීම්, අඛණ්ඩතාව සහ ව්‍යාපාර ආචාරධර්ම යනාදී කරුණු සළකා බලා ඇත.

මේ වසරේ මුලදී මහජනතාවගේ අදහස් විමසමින් කරනු ලබන සමීක්ෂණයක් ඔස්සේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සමාගම් නම් කිරීමට යෝජනා විය. තරඟය සඳහා නම් කරන ලද පිරිසකට ආරාධනා කරන ලද අතර වෙළෙඳ දැන්වීම් ඔස්සේ ලැබුණු ප‍්‍රචාරය හරහා ද තවත් සමාගම් ඊට ඉල්ලූම් කරන ලදී.

බැංකුකරණය සඳහා වූ පරිවර්තනීය ප‍්‍රවේශය සම්බන්ධයෙන් විවිධ වූ සම්මාන සහ ඇගයීම්වලින් HNB මෑතකදී පිදුම් ලැබීය. මේ වසර මුලදී, HNB සිය පරිවර්තනීය ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අඛණ්ඩව පස්වන වරටත් එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් ලොව හොඳම බැංකු 1000 අතරට නැවත වරක් නම් කරනු ලැබීය. තවද අවස්ථා 11 කදී ඒෂියන් බෑන්කර් සඟරාව විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස HNB පිළිගැනීමට ලක් කර ඇති අතර බිස්නස් ටුඬේ සඟරාව විසින් මෙරට හොඳම සමාගම් 3 අතරට ද HNB ශ්‍රේණිගත කර ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව