මෙරට ලක්ෂ සංඛ්‍යාත නිවෙස් වෙත විශ්වාසනීය පාරිභෝගික නිෂ්පාදන රැගෙන යාම සඳහා අඛණ්ඩ කැපවීමෙන් සහ ව්‍යාපාරික දැක්මකින් යුතුව කටයුතු කළ දිවයින පුරා සිටින දීර්ඝකාලීන බෙදාහැරීමේ හවුල්කරුවන් ඇගයීමට ලක් කරමින් “වාර්ෂික අලෙවි සම්මාන උළෙල – 2026” පැවැත්වීමට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගම පසුගිය දා කටයුතු කළේය. අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය සහ සමූහ වර්ධනය පදනම් කර ගනිමින් ගොඩනැගුණු මෙම අද්විතීය සබඳතාවයන් සැමරූ මෙම උත්සවයේ දී, තම බෙදාහැරීම් ජාලයේ සිටින සෑම හවුල්කරුවෙකුගේම අනාගත සාර්ථකත්වය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින බව සමාගම මෙහිදී නැවතත් අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය FMCG සමාගමක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ගෝලීය බහුජාතික සමාගම් සමඟ සාර්ථකව තරඟ කළ හැකි වෙළඳපොළ ප්‍රමුඛ සන්නාම රැසක් තමන් සතු කරගෙන සිටියි. දශක ගණනාවක නිෂ්පාදන විශිෂ්ටත්වය, අඛණ්ඩ නිෂ්පාදන නව්‍යකරණය, අභිමානනීය උරුමය මෙන්ම දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇති සමාගම, පරම්පරා ගණනාවක් පුරා පාරිභෝගිකයන්ගේ නොසැලෙන විශ්වාසය දිනා ගැනීමට සමත්ව ඇත. මෙම සාර්ථකත්වය පිටුපස ඇති ප්‍රධානතම ශක්තිය වන්නේ සෑම හේමාස් නිෂ්පාදනයක්ම ආරක්ෂිතව, කාර්යක්ෂමව සහ නිසි වේලාවට සිල්ලර වෙළඳසැල් හිමියන් සහ පාරිභෝගිකයන් වෙත ළඟා කරවන ප්‍රබල බෙදාහැරීමේ ජාලයයි. වසර ගණනාවක් පුරා ගොඩනැගුණු මෙම නොසැලෙන සබඳතාවයේ ශක්තිමත්බව මෙම සම්මාන උළෙලෙන් මනාව විදහා දැක්විණි. මෙහිදී ඇගයීමට ලක්වූ දිගුකාලීනව අත්වැල් බැඳගෙන සිටින බෙදාහැරීමේ හවුල්කරුවන් වසර ගණනාවක් පුරා සමාගම සමඟ එක්ව වර්ධනය වී ඇති අතර, ඔවුන්ගේ අඛණ්ඩ සාර්ථකත්වය හේමාස් ව්‍යාපාරික ක්‍රමවේදයේ ශක්තිමත්බව සහ සිය හවුල්කරුවන් සමඟ එක්ව ඉදිරියට යාමට සමාගම තුළ ඇති නොසැලෙන කැපවීම පිළිබඳ කදිම සාක්ෂියකි.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි අලෙවි සහ ව්‍යාපාර වර්ධන අධ්‍යක්ෂ ජගත් වෙදගේ මහතා මෙසේ පැවසීය. “අපගේ සාර්ථකත්වයට අත්තිවාරම සපයන ප්‍රධානතම සාධක අතර බෙදාහැරීමේ හවුල්කරුවන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔවුන් දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම අපගේ සන්නාම නියෝජනය කරමින්, හේමාස් වෙතින් පාරිභෝගිකයන් බලාපොරොත්තු වන උසස් ප්‍රමිතිය, විශ්වාසනීයත්වය සහ සේවාව අඛණ්ඩව ලබා දීමට කටයුතු කරනවා. අප සෑම බෙදාහැරීමේ හවුල්කරුවෙකුම සලකන්නේ දීර්ඝකාලීන ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙසයි. ඒ වගේම විධිමත් සහයෝගය, මෙහෙයුම් විශිෂ්ටත්වය, අඛණ්ඩ හැකියාවන් වර්ධනය කිරීම සහ විශ්වාසය මත පදනම් වූ සබඳතාවයන් හරහා ඔවුන්ට වර්ධනය වීමට අවශ්‍ය අවස්ථාවන් නිර්මාණය කිරීමට අපි සැමවිටම කැපවී සිටිනවා. මෙවර සම්මාන ලැබූ අති විශාල බෙදාහැරීමේ හවුල්කරුවන් සංඛ්‍යාවෙන් පෙන්නුම් කරන්නේ මෙම හවුල්කාරිත්වයන්හි ඇති ශක්තිමත්බව සහ කල්පැවැත්මයි.”
“හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි සාර්ථකත්වය සැමවිටම ගොඩනැගී තිබෙන්නේ ශක්තිමත් මෙන්ම දීර්ඝකාලීන හවුල්කාරිත්වයන් මතයි. අපගේ ගමනේ සෑම අදියරකදීම අප සමඟ අත්වැල් බැඳගත් බෙදාහැරීමේ හවුල්කරුවන් ඇගයීමට ‘වාර්ෂික අලෙවි සම්මාන උළෙල – 2026’ මඟින් හොඳම අවස්ථාවක් උදා වුණා. ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ ඇගයීමට ලක් කරන මේ මොහොතේ, අපගේ සාමූහික සාර්ථකත්වයට අඛණ්ඩ ශක්තියක් වන ඔවුන්ගේ වටිනාකම්, සහයෝගීත්වය සහ නොසැලෙන කැපවීම වෙනුවෙන් ද අපගේ හෘදයාංගම ස්තූතිය පළ කරනවා. ඉදිරි වසරවලදීත් පාරිභෝගිකයන්ට ඉහළ වටිනාකමක් ලබා දෙන අතරම, එක්ව වර්ධනය වීම උදෙසා මෙම හවුල්කාරිත්වයන් තවදුරටත් ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,” යැයි හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි කළමනාකාර අධ්‍යක්ෂිකා සබ්රිනා එසුෆලි මහත්මිය ප්‍රකාශ කළාය.
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සිය බෙදාහැරීමේ හවුල්කරුවන් සමාගමේ සමස්ත වටිනාකම් දාමයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස සලකන අතර, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ජීවිත නංවාලීමේ සමාගම් අභිලාෂය ඉටු කිරීම උදෙසා ඔවුන් ප්‍රධාන මෙහෙයක් ඉටු කරයි. සමාගමේ නිෂ්පාදනාගාර සහ සිල්ලර අලෙවිසැල් අතර සබඳතාව පවත්වා ගැනීමටත්, නාගරික, තදාසන්න මෙන්ම ග්‍රාමීය වෙළඳපොළවල් පුරා නිෂ්පාදන අඛණ්ඩව ලබාගත හැකි බව සහතික කරමින්, හේමාස් නාමය කෙරෙහි පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය සහ උසස් ප්‍රමිතිය රැකගැනීමටත් බෙදාහැරීමේ හවුල්කරුවන් කටයුතු කරති. තරගකාරී වෙළඳපොළ තුළ විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට හැකි වන පරිදි, මෙහෙයුම් විශිෂ්ටත්වය ඉහළ නැංවීමට සහ සේවා ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමට සමාගම සිය බෙදාහැරීමේ හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරයි.
තිරසාර ව්‍යාපාරයක් ගොඩනැගීමට අපේක්ෂා කරන ව්‍යවසායකයන්ට, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි බෙදාහැරීමේ හවුල්කරුවෙකු වීම යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්භාවනීය පාරිභෝගික භාණ්ඩ සමාගමක් සමඟ අත්වැල් බැඳගැනීමට ලැබෙන අගනා අවස්ථාවකි. වෙළඳපොළ ප්‍රමුඛ සන්නාම පෙළකට හිමිකම් කීමට අමතරව, දීර්ඝකාලීන සබඳතා අගය කරන මෙන්ම සිය ව්‍යාපාරික හවුල්කරුවන්ගේ වර්ධනය උදෙසා සැබැවින්ම ආයෝජනය කරන ප්‍රමුඛතම ආයතනයක කොටස්කරුවෙකු වීමට ද එමඟින් බෙදාහැරීමේ හවුල්කරුවන්ට අවස්ථාව උදා වේ.


