ඉහළ ආයෝජන වටිනාකම සහ සුඛෝපභෝගී ජීවන රටාව සංකලනය කරමින් Groundworth වෙතින් හෝකන්දරින් “ISLA” ඉඩම් ව්‍යාපෘතිය වෙළෙඳපොළට

ISLA Launch IMG 03 (LBN)

නගරාසන්න සන්සුන් පරිසරයක පෞද්ගලිකත්වය සහ ඉහළ ආයෝජන වටිනාකම එක් කරමින් “ISLA” Gated Community ව්‍යාපෘතිය Groundworth Group විසින් හෝකන්දර ප්‍රදේශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. “ජනාකීර්ණ නගරය මැද ඔබේම නිදහස් ලෝකයක්” (Your Island Within the City) යන සංකල්පය මුල් කරගනිමින් නිර්මාණය කර ඇති මෙම ව්‍යාපෘතිය, කොළඹ නගරයට ආසන්නව පිහිටි වේගයෙන් වර්ධනය වන නගරාසන්න කලාපයක සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිවේ.




හෝකන්දර උතුර, බස්තියන් වේරගල මාවත, අංක 15/10 හි පිහිටි මෙම ඉඩම් සංකීර්ණය, තලවතුගොඩ, පන්නිපිටිය, කොට්ටාව සහ අතුරුගිරිය යන ප්‍රධාන නගර මෙන්ම අධිවේගී මාර්ග පද්ධතිය වෙතද පහසුවෙන් ළඟාවිය හැකි උපායමාර්ගික ස්ථානයක පිහිටා තිබීම විශේෂත්වයකි.

මේ පිළිබඳ අදහස් දක්වමින් Groundworth Group හි කළමනාකාර අධ්‍යක්ෂ සහ සම නිර්මාතෘ කසුන් අන්ද්‍රහෙන්නදි මහතා සඳහන් කළේ, “සරලවම ඉඩමක් විකිණීමට එහා ගිය, සැබෑ ජීවන වටිනාකමක් සහ අනාගත ආයෝජන සුරක්ෂිතතාවක් සහිත පරිසරයක් නිර්මාණය කිරීම Groundworth අපගේ මූලික අරමුණයි. ISLA ව්‍යාපෘතිය මගින් අප අපේක්ෂා කරන්නේ පාරිභෝගිකයාගේ අභිමතයට අනුව නිදහස්, ආරක්ෂිත මෙන්ම ඉහළ වටිනාකමකින් යුතු නිවහනක් තනා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරදීමයි.” යනුවෙනි.

ආරක්ෂිත සහ නිදහස් ජීවන වටිනාකම තහවුරු කරමින් නිර්මාණය කර ඇති ISLA Masterplan එකට අනුව, පර්චස් 6 සහ ඊට වැඩි ප්‍රමාණයේ සීමිත ඉඩම් කොටස් 30 ක් පමණක් ඇතුළත් වේ. අඩි 30 ක් පළල අභ්‍යන්තර මාර්ග පද්ධතිය, මනරම් ලෙස සකසන ලද හරිත පරිසරය සහ ඉඩකඩ සහිත සැලසුම මගින් මෙහි පදිංචිකරුවන්ට නිදහස් මෙන්ම සුරක්ෂිත වටිනාකමක් හිමිවේ.

නිරවුල් සින්නක්කර ඔප්පු සහ පළාත් පාලන ආයතනවලින් අනුමත කරන ලද සැලසුම් සහිත මෙම ඉඩම් ව්‍යාපෘතියේ පර්චසයක මිල රුපියල් මිලියන 1.8 සිට ආරම්භ වේ. දීර්ඝකාලීන ආයෝජනයකට හෝ නගරාසන්නව සුඛෝපභෝගී නිවසක් තැනීමට අපේක්ෂා කරන ඔබට, දැන් ISLA පරිශ්‍රය වෙත පැමිණ මෙම සීමිත ඉඩම් කොටස් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව හිමිව ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව