Great Place to Work විසින් එයාර්ටෙල් ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථාන අතරට ශ්‍රේණිගත කරයි

Image 01

 




 

 

පසුගිය වසරේ කොවිඞ්-19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ගෝලීය වශයෙන් පැන නැගුනු දැඩි අභියෝගයන් හමුවේ සාර්ථකව ඉදිරියට යමින් සිටින, ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා තවත් අද්විතීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Great Place to Work ආයතනය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ කාණ්ඩය 2021 ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථාන අතරට ශ්‍රේණිගත කර ඇත.

එයාර්ටෙල් ලංකා මෙම ඇගයීමට ලක් වූ ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර අලූත් සහ ඔරොත්තු දිය හැකි සේවා ස්ථාන සංස්කෘතියක් නිර්මාණය කිරීම සහ කල් ඇතිව හැඩගැසීමට සන්නිවේදන සේවා සැපයුම්කරුවකු වීම වෙනුවෙන් සමාගම දරන උත්සාහයේ කදිම සාක්ෂියක් ලෙස මෙය පෙන්වා දිය හැකියි.

කෙසේවෙතත්, මෙම සමස්ත ක‍්‍රියාවලියේදී සේවකයින්ට අත්‍යවශ්‍ය වන දේවල් හා පහසුකම් පිළිබඳව පූර්ණ වශයෙන් මෙහිදී සැලකිල්ලට ගෙන නොමැත. නමුත් ඇත්ත වශයෙන්ම මෙමගින් ශ‍්‍රම බලකායට ඔවුන් වැඩකරන කාලය තුළ ඵලදායී වීමට, ඉලක්ක සපුරා ගැනීමට සහ සේවකයින්ගේ පුද්ගලික ජීවිතයේ සෑම අංශයකින්ම පාහේ තෘප්තිමත් වීම යන සේවකයා කේන්ද්‍ර කරගත් සුවිශේෂී අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

මෙම ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වන භාරතී එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, අශීෂ් චන්ද්‍රා මහතා ‘’මෙවැනි කාලවලදී අපගේ සේවකයින්ගේ සුබසිද්ධිය සහතික කිරීම සඳහා සේවකයින් සමඟ සම්බන්ධ වී සිටීම වැදගත් සාධකයක්. නව්‍ය ඩිජිටල් ක‍්‍රම හරහා ඔවුන් සමඟ ඇති අපගේ සම්බන්ධය වැඩි කරගැනීම සැබවින්ම හැඟීම්වලින්, භෞතිකව සහ මූල්‍යමය වශයෙන් ඔවුන්ට අවශ්‍ය මොහොතේදී සහාය වීමට අපට අවස්ථාව ලබා දුන්නා.” යනුවෙන් සඳහන් කළේය.

එයාර්ටෙල් හි මානව සම්පත් ප‍්‍රධානී, කණිෂ්ක රණවීර මහතා පවසන්නේ, එයාර්ටෙල් වැනි බොහෝ ආයතන වැඩි අවධානයක් යොමු කළ යුතු ප‍්‍රධාන අංශ හතරක් තිබෙන බවයි.

පළමුව, සේවකයින්ගේ සුබසිද්ධිය වැඩිදියුණු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම පෙන්වා දිය හැක. කොවිඞ් වසංගතයේ බලපෑමෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම පමණක් නොව හැඟීම්වලින්, භෞතිකව සහ මූල්‍යමය වශයෙන් ඔවුන්ගේ සුබසිද්ධිය සඳහා සහාය වීම ද මෙමගින් අදහස් වේ.

දෙවන කරුණ වන්නේ, ‘නිවසේ සිට වැඩ කිරීම’ සඳහා හැඩගැසීමයි. WFH සංස්කෘතිය රැකියාවට යාම වෙනුවට ඇති වූ නව විකල්පයකි. නමුත් වසරකට පසුව එය අද වන විට ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත.

තෙවන කරුණ වන්නේ, සුව පහසු හා නම්‍යශීලි වැඩ රටාවක් සඳහා දිරිමත් කිරීමයි. සේවකයින්ට ඔවුන්ගේ වැඩ කරන පැය ගණන ඔවුන්ට වඩාත් පහසු වෙලාවකට සිදු කළ හැකිය. මෙහිදී අප සේවකයින්ව නිරීක්ෂණය නොකරන අතර ඒ වෙනුවට නියමිත වේලාවට තම වැඩ කොටස ඉටු කර ගැනීම ගැන අප ඔවුන් කෙරෙහි විශ්වාසය තබන්නෙමු.

අවසාන වශයෙන්, සේවක නිපුණතා සංවර්ධනය සඳහා ඵලදායී මෙවලම් හා වේදිකා භාවිතා කිරීම දැක්විය හැකිය. ඩිජිටල් වේදිකා හා මෙවලම් සීඝ‍්‍රයෙන් වර්ධනය වීම හා සේවකයින්ට වඩාත් ගැලපෙන ලෙස සකස් වීම වෙනත් ආයතන මෙන්ම අප ද මෙහිදී අත්වින්දෙමු.

”මෙම ක්ෂේත‍්‍ර හතර කෙරෙහි අවධානය යොමු කිරීම නිසා අපගේ තරගකරුවන්ට වඩා ඉදිරියට යාමට අපට හැකි වුනා. පසුගිය වසරේ පළමු අගුලූ දැමීමටත් පෙර සිට මෙම වෙනස්කම් ක‍්‍රියාත්මක කිරීම නිසා හැඩගැසීමේ ක‍්‍රියාවලිය වඩාත් වේගවත් හා කාර්යක්ෂම වීමට උපකාරී වුනා. එබැවින්, අපගේ සංස්කෘතිය වඩාත් සහයෝගී සහ සංවේදී වී ඇති අතර එය අපගේ ශ‍්‍රම බලකාය ඊටත් වඩා වැඩි අභියෝගයකට මුහුණ දීමට වුවද ශක්තිමක් කර තිබෙනවා.” යනුවෙන් කනිෂ්ක මහතා පැවසුවේය.

අවධානයට යොමු කළ ප‍්‍රධාන ක්ෂේත‍්‍ර අතරින් එයාර්ටෙල් හි සාර්ථකත්වයට හේතු වූ ප‍්‍රධාන සාධක දෙක වන්නේ සේවකයින් කෙරෙහි තබා ඇති දැඩි විශ්වාසය හා නව සාමාන්‍යකරණය ඔවුන් වැළඳගෙන ඇති හා හැඩගැසී ඇති ආකාරයයි. ‘‘මිනිසුන් යහපත් සබඳතා හා ඔවුන් කෙරෙහි තබන විශ්වාසය මත සංවර්ධනය වන අතර සේවකයින් කෙරෙහි අපගේ ප‍්‍රවේශය වූයේද එයයි.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

උපායමාර්ගික අඛණ්ඩ ව්‍යාපාර සැලසුම්වලින් සන්නද්ධ එයාර්ටෙල් සේවකයින්ගේ ආරක්ෂාව හා ආරක්ෂාව පිළිබඳ හැඟීම ඉහළ නැංවීම පිළිබඳව ද අවධාරණය කරයි. ඔවුන්ට අවශ්‍ය පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටලවල සිට කැමති පරිදි ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් හා ප‍්‍රතිකාර සඳහා ප‍්‍රවේශ වීම, Covid ආශ‍්‍රිත පරීක්ෂණ සඳහා රක්ෂණ ආවරණ සහ oDoc හරහා නොමිලේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යන සියල්ල සපයා ඇත.

එසේම, යම් සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බව තහවුරු වූ විට සමාගම එම කාල සීමාව තුළ වැටුප් සහිත නිවාඩු සහ එම පවුලට සහාය දක්වන බව සහතික කරයි.

”අපගේ සේවකයින් සමඟ අපගේ බැඳීම වැඩි දියුණු කිරීම කෙරෙහි ද අප අවධානය යොමු කර තිබෙනවා. විනෝදයට හා සංවර්ධනයට උපකාරී වන virtual ක‍්‍රීඩා හරහා සම්බන්ධ වීම, පවුලේ සියලූ දෙනාම සම්බන්ධ වන භක්ති ගීත, කැරොල් ගායනා සිට චිත‍්‍ර තරග දක්වා සම්ප‍්‍රදායික උත්සව සහ තරඟ මාර්ගගත ලෙස පැවැත්වීම වැනි ක‍්‍රම මගින් ද සෑමවිටම අලූත් සහ නව නිර්මාණාත්මක ඩිජිටල් ක‍්‍රම හරහා එකිනෙකා සමඟ සම්බන්ධ වීම මේ යටතේ දැක්විය හැකියි.’’ යනුවෙන් කනිෂ්ක මහතා පැවසීය.

සේවකයින් සඳහා සිදු කරනු ලබන සියලූම ආයෝජන හා රැකවරණය ලබා දීම එයාර්ටෙල් සමාගම සලකනු ලබන්නේ ඉතා තෘප්තිමත් පාරිභෝගික පදනමකට හේතු වන බවයි. සමාගමේ තෘප්තිමත් සේවකයින් නව සාමාන්‍යකරණය තුළ සමාගම ඉහළ මට්ටමකට ගෙන යනු ලබන අතර සැමටම වැඩකිරීමට විශිෂ්ටතම සේවා ස්ථානයක් බවට පත් කරමින් අඛණ්ඩව නව්‍යකරණයට හා සිය ශ‍්‍රම බලකාය ශක්තිමත් කිරීමට එයාර්ටෙල් කැපවී සිටී.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව