“GLX Digital Evolver” වැඩසටහන: ඩිජිටල් පරිවර්තනයෙන් ව්‍යාපාර වර්ධනයේ ප්‍රතිඵල පෙන්වයි

3

 




 

 

  • වැඩසටහනෙන් අනතුරුව දළ වශයෙන් 35%ක දැවැන්ත ඩිජිටල් ශක්‍යතා වර්ධනයක්
  • වැඩසටහනට එක්වූ ආයතන/සන්නාම 10 අතුරින් ආරම්භයේ සිට වාර්තා වූ විශාලතම ඩිජිටල් ශක්‍යතා වර්ධනය 54%ක්
  • සංචාරක සේවා සැපයුම්කරුවන්ට හා මෙහෙයුම්කරුවන්ට, වසංගතයෙන් අනතුරුව සංචාරකයින් පිළිගැනීමේ විශාල ඉඩකඩක්

2021 ඔක්තෝබර්, කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යවසායන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම අරමුණු කරගනිමින්, ගුඩ් ලයිෆ් එක්ස් (Good Life X- GLX) ආයතනය 2021 මාර්තු මාසයේදී ආරම්භ කර සති 12කට වැඩි කාලයක් අති සාර්ථකව පැවැත්වූ ‘GLX Digital Evolver’ වැඩසටහන පසුගියදා නිමාවට පත්විය.

මාස තුනක කාලයක් පුරා පැවති මෙම වැඩසටහනට ජර්මානු ආර්ථික සහයෝගීතා හා සංවර්ධන අමාත්‍යංශය මූල්‍ය අනුග්‍රහය දැක්වූ අතර, වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී GIZ Sri Lanka ආයතනයේ දායකත්වය ද හිමිවිය. වැඩසටහනේ සමාප්ති උත්සවය අන්තර්ජාලය හරහා පැවැත්විණි.  ඊට ව්‍යාපාර 10ක නියෝජිතයෝ ද, ඩිජිටල් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින් 10 දෙනෙක් ද එක්වූහ. තව ද, ධනාත්මක උපදේශකයෙකු මෙන්ම  හෝටල් සංවර්ධන ක්ෂේත්‍රය පිළිබඳ හසළ දැනුමක් ඇති, RETRACE Hospitality හි නිර්මාතෘ චලන පෙරේරා ආරාධිත දේශකයෙකු ලෙස එම අවස්ථාවට සම්බන්ධ වූයේය. එහිදී වැඩසටහනට සහභාගීවූවන් හා නරඹන්නන් සමඟ සිය විශේෂඥ අදහස් හුවමාරු කරගත් ඔහු, සංචාරක ව්‍යාපාරයට අදාළ වැදගත් කරුණු මෙන්ම මෙම වැඩසටහනේ විශේෂ අවස්ථා පිළිබඳව ප්‍රවීණයින් සමඟ සාකච්ඡා කිරීමටත් කාලය යොදාගත්තේය.

මේ අතර, ගුඩ් ලයිෆ් එක්ස් (GoodLife X) නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී රන්දුලා ද සිල්වා මෙසේ තම අදහස් ගොනු කළාය. ”අපි මෙම වැඩසටහන ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ නියැළී සිටින ව්‍යවසායකයින්ට තිරසාර සහායක් ලබාදීමටයි. එහිදී ඔවුන්ගේ ව්‍යාපාර යළි පණගැන්වීමකට එහා ගොස් අනාගත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරයට ඔවුන්ට ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම අපේ පරමාර්ථය වුණා. විශේෂයෙන්ම වසංගත සමයේ නිමාවත් සමඟ බොහෝ සංචාරකයින් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගැනීමට පෙළඹෙනු නිසැකයි. පොදුවේ සැලකූ විටත් රට විවෘත වීමෙන් පසු සංචාරක කර්මාන්තය නව තාක්ෂණය වැළඳගෙන සිටීම ඉතාම වැදගත්. මෙම වැඩසටහන නිසා තිරසාර ව්‍යාපාර අරමුණු ඇතිවීම, ඩිජිටල් අලෙවිකරණ ක්‍රමෝපායන් හා උපාංග හඳුන්වාදීම, ක්‍රියාවලි ප්‍රශස්තකරණය සහ අලෙවි මාර්ග කළමනාකරණ ක්‍රමෝපායන් සැකසීම ආදී බොහෝ වටිනා ප්‍රතිඵල රාශියක් අත්කරගත හැකිවීම අපට විශාල සතුටක්. ඒ හරහා ඉදිරි මාසවලදී මෙන්ම වසරවලදීත් සාර්ථකව ඉදිරියට යාමටත්, විශේෂයෙන්ම අපේ රටට කොවිඩ්-19 වසංගතය හමුවේ නොසැලී පෙරට යාමටත් එම ව්‍යාපාර මගින් විශාල ශක්තියක් සැපයෙනු නොඅනුමානයි”.

මෙම වැඩසටහනෙහි ප්‍රතිඵලයක් ලෙස, අන්තර්ජාලය හරහා අලෙවි මෘදුකාංගයක් වන TrekkSoft මෘදුකාංගය භාවිතයට ගත් ලංකාවේ පළමු සමාගම් අතරට පිවිසීමට Rediscover ව්‍යාපාරයට හැකිවිය. ඊට අමතරව වැඩසටහනට එක්ව සිටි Infinity Vacations සමාගම අලුතින් නිර්මාණය කළ ‘That’s a Holiday’ ව්‍යාපාරය මගින් තරුණ සහ යොවුන් සංචාරකයින් ඉලක්ක කරගනිමින් පැය 24 පුරා ක්‍රියාත්මක අන්තර්ජාලය හරහා  සංචාරක ගමන් සැලසුම් නිර්මාණය කිරීමේ සේවාවක් හඳුන්වා දී ඇත. තව ද ගිලීමලේ (Gileemale) නව සන්නාමකරණය හරහා ඔවුන්ගේ සියවස් ගණනාවක් පැරණි හෝටලයක් නව යුගයේ සංචාරකයින්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයට අන්තර්ජාලයට එක්කර තිබේ.

”මෙම සති 12ක වැඩසටහනේ ප්‍රතිඵල අති විශිෂ්ටයි. ඒ පිළිබඳව ඊට එක්වූ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දැක්වූ ශක්තිමත් බවටත් හා නම්‍යශීලී භාවයටත් ප්‍රණාමය හිමි විය යුතුයි. අපගේ ඉලක්කය වන්නේ, තාක්ෂණයත්, සාම්ප්‍රදායික ව්‍යාපාර අංශත් අතර පාලමක් ඉ  දිකිරීම පමණක් නොවෙයි. ඉන් ඔබ්බට ගොස් අපගේ  නොඉඳුල් සම්පත් වගේම පාරම්පරික ඥානයත් අතර ශක්තිමත් සබඳතාවක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිනවා. ඉබාගාතේ යන කෙටි කාලීන සැලසුම් වෙනුවට අපගේ ආර්ථිකය නැවත පුබුදුවාලිය හැක්කේ එවිටයි”, යනුවෙන් රන්දුලා වැඩිදුරටත් පැවසුවාය.

GLX Digital Evolver වැඩසටහනට සම්බන්ධ වූ ආයතන  මෙසේය. Gileemalee Retreat, Summer Explorers Pvt Ltd, Eco Grip, The Travel Concierge, Rediscover Sri Lanka, Destroves Travel, Nandana Tea factory, Eco Team – Sri Lanka Pvt Ltd, Infinity Vacations සහ Jungle Beach Camp – Ahungalla. මෙම ආයතනවලට සිය සුරැකුම්, තිරසාර භාවිතාවන්, ව්‍යාපාර කාර්යක්ෂමතාව, මෙහෙයුම් හා සේවා වර්ධනය කරගැනීමට මේ හරහා අමිල අවස්ථාවක් හිමිවිය. තව ද වසංගත තත්ත්වය හමුවේ වුව ද, ඩිජිටල් අවකාශය හා වෙනත් නූතන උපාංග යොදාගනිමින් ජාත්‍යන්තර සංචාරක වෙළඳපොළෙහි වෙනස්වීම්වලට අනුගත වී තම ව්‍යාපාර පුළුල් කරගැනීමටත් ඔවුන්ට හැකිවිය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + 18 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව