බතික් සහ දේශීය ඇඟළුම් පුහුණු මධ්‍යස්ථාන 160ක් දිවයින පුරා ස්ථාපිත කෙරේ

pexels-motomoto-sc-4610857

 




 

 

අලුතින් ස්ථාපිත කළ පුහුණු මධ්‍යස්ථාන ඔස්සේ නව්‍යකරණය වූ දේශීය රෙදිපිළි හා බතික් කලාවක් බිහිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.දිවයින පුරා ස්ථාපිත කළ බතික් සහ දේශීය ඇඟළුම් පුහුණු මධ්‍යස්ථාන 160ක් අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය යටතේ සංකේතාත්මකව විවෘත කරමින් අග්‍රාමාත්‍යතුමා (09) දින පෙරවරුවේ මේ බව සඳහන් කළේය.

බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.

 

මෙයට සමඟාමීව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර ඇසළ ක්‍රීඩාංගණය අසළ පිහිටි පුහුණු මධ්‍යස්ථානය විවෘත කීරීම සංකේතාත්මකව සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා එම අවස්ථාවට එක්ව සිටියේය.
බතික් පුහුණු නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ වාර්තාමය වැඩසටහනක් ද සමාරම්භක උත්සවයට සමඟාමීව විකාශය කෙරිණි.

මෙම අවස්ථාවට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, අතිරේක ලේකම් (පාලන) ඩී.නන්දනී සමරවික්‍රම, අතිරේක ලේකම් (සංවර්ධන) සුජීවා ජී පල්ලියගුරුගේ, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති අජිත් ජයවර්ධන, ලංකා සළුසල සභාපති ඩෙන්සිල් පෙරේරා,ලක්සල සභාපති ලක්මාල් වික්‍රමාරච්චි, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රනාන්දු,ලක්සල අධ්‍යක්ෂ කැළුම් ජයවර්ධන මහත්ම මහත්මීහු ඇතුළු ආයතන ප්‍රධානීහු කිහිප දෙනෙක් එක්ව සිටියහ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව