GLF 2.0 සමඟින් ගාලු සාහිත්‍ය උළෙල අලුත් ගමනක් අරඹයි

Image I (LBN)

චෞද්‍රි පදනමේ ශක්තිය සමඟින් පැවැත්වෙන මෙවර උළෙලේදී සහ නව සුරතලෙකු හඳුන්වා දීමටත් පියවර ගනියි

තවත් මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත ගාලු සාහිත්‍ය උළෙල (GLF) වර්ණවත් කරනු පිණිස එහි  නව සුරතලා ලෙස ‘වලී‘ (Walee) කරලියට පැමිණ තිබේ. පොත්පත්, කලාව සහ නව අදහස් බෙදා හදා ගැනීමේත්. ඇගයීමේත් සුවිශේෂී අවස්ථාවක් වන මෙම සාහිත්‍ය උළෙල 2027 මාර්තු 17 සිට 21 දක්වා ගාලු කොටුවේදී පැවැත්වීමට නියමිත අතර එහිදී ‘වලී‘ ඊට එක් වන රසිකයින් සමඟ ආදරය බෙදා හදා ගැනීමට සූදානමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වන ‘වලි කුකුළා‘ ඇසුරින් නිර්මාණය වූ ‘වලී‘, උළෙලේ නව පරිච්ඡේදයට ක්‍රියාශීලී බවක්, සුවිශේෂී පෞරුෂයක් සහ අපේම දේශීය රසයක් එක් කරනු නිසැකය. දින පහක් පුරා දේශීය හා විදේශීය විද්වතුන් 100කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම ගාලු සාහිත්‍ය උළෙල සජීවී සංවාද, සාහිත්‍ය සංග්‍රහ, ළමා උළෙල සහ කලා ප්‍රදර්ශන ඇතුළු අංග රැසකින් සමන්විත වේ. ප්‍රවීණ ලේඛකයන්ගේ සිට නැගී එන නව නිර්මාණකරුවන් දක්වා දෙස් විදෙස් ලේඛකයන්, චින්තකයන්, කලාකරුවන් සහ රසිකයන් එක්රැස් වන සාහිත්‍යමය හා සංස්කෘතික හමුවකට ද මේ සමඟින් ගාලු කොටුව නැවතත් සත්කාරකත්වය සපයනු ඇත.



නිර්මාණශීලීත්වය වෙනුවෙන් පදනමක්

නේපාලයේ ‘චෞද්‍රි සමූහ ව්‍යාපාරය’ විසින් පිහිටුවන ලද, ව්‍යවසායකයෙකු සහ දානපතියෙකු වන බිනෝද් චෞද්රි මහතා හා සම්බන්ධ ‘චෞද්‍රි පදනම’ 2027 නව ගාලු සාහිත්‍ය උළෙල සාර්ථක කර ගැනීම සඳහා එක්ව සිටියි.

දශක තුනකට අධික කාලයක් පුරා මෙම පදනම අධ්‍යාපනය, සංස්කෘතික සංරක්ෂණය සහ තිරසාර සංවර්ධන වැඩසටහන් හරහා ප්‍රජාවන්ට සහාය ලබා දී ඇති ඔවුන් UNNATI වැඩසටහන හරහා නේපාලයේ සාම්ප්‍රදායික කලාව, අත්කම් සහ සංස්කෘතික උරුමයන් අගයන ශිල්පීන්ට සහ නිර්මාණශීලී ව්‍යවසායකයින්ට නව අවස්ථා උදාකර දීමට කටයුතු කර ඇත.

අධ්‍යාපනය යනු මෙම පදනමේ තවත් වැදගත් අංශයකි. සිසුන්ට අධ්‍යාපනය කරගෙන යාමට උපකාර වන ශිෂ්‍යත්වසිට පන්ති කාමර වෙත ඩිජිටල් ඉගෙනුම් සම්පත් ගෙන එන Quality School Programme දක්වා වූ වැඩසටහන් හරහා තරුණ පරපුරට අධ්‍යාපනය වඩාත් පහසු සහ අර්ථවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.

ගාලු සාහිත්‍ය උළෙල සමඟ එක්වීම තුලින් කලාව ඇගයීම සහ අනාගත පරපුරේ කුතුහලය, පරිකල්පනය සහ නව අදහස් පෝෂණය කිරීම යන සියලු අංශයන් එකට එක් කිරීමට ඔවුන්ට හැකි වී ඇත.

අලුත් මුහුණු, නැවුම් අදහස් සහ රසවත් කතා රැසක්

සෑම විශිෂ්ට කතාවකටම විශිෂ්ට පෞරුෂයන් අවශ්‍ය වන අතර GLF 2.0 උළෙලේ සාර්ථක ඉදිරි ගමන වෙනුවෙන් එවැනි විශිෂ්ටයින් පිරිසක් අත්වැල් බැඳගනිමින් සිටිති.

ගාලු සාහිත්‍ය උළෙලේ සහ වැඩසටහන් සම්පාදක අධ්‍යක්ෂ සාවිත්‍රි රොද්‍රිගෝ මහත්මිය මෙවර උළෙලෙ නිර්මාණාත්මක අංශයේ නායකත්වය උසුලයි. දශක තුනකට අධික අත්දැකීම් ඇති සම්මානලාභී ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියක, නිවේදිකාවක සහ ඉදිරිපත් කරන්නියක වන සාවිත්‍රි, සුවිශේෂී පුද්ගලයන් සහ ඔවුන්ගේ කතා සමාජය ඉදිරියට ගෙන ඒම වෙනුවෙන් ජනතා ආකර්ෂණය හිමි කරගෙන ඇත.

උළෙලේ නව පරිච්ඡේදය පිළිබඳව අදහස් දක්වමින් රොද්‍රිගෝ මහත්මිය පවසා සිටියේ “ඉතා ආකර්ෂණීය බවක් සහ සුවිශේෂී ගුණාංග රැසක් සමඟින් වලී මෙවර ගාලු සාහිත්‍ය උළෙල සඳහා හඳුන්වා දී තිබෙනවා.  මෙම උළෙල තුළින් පාඨකයින්ට, රසිකයින්ට තමන් ප්‍රිය කරන සියලු දේ එලෙසම පවත්වා ගනිමින්, නැවුම් අදහස්, අනපේක්ෂිත සංවාද සහ තවත් විශ්මයජනක අංග රැසක් සමඟින් එක් වීමේ අවස්ථාව අප උදාකර දී තිබෙනවා.” යනුවෙනි.

බීබීසී (BBC) ආයතනයේ සේවය තුළින් සහ සාහිත්‍යය, සංගීතය හා ජනප්‍රිය සංස්කෘතියේ දැවැන්තයන් සමඟ කළ සංවාද තුළින් ප්‍රසිද්ධියට පත්, සම්මානනීය බ්‍රිතාන්‍ය නිවේදකයෙකු සහ සංස්කෘතික විචාරකයෙකු වන නිහාල් අර්තනායක මහතාද මෙහිදී අදහස් දැක්වීමට එක් විය.

“ගාලු සාහිත්‍ය උළෙල සුවිශේෂී සාහිත්‍ය උළෙලක් ලෙස නම් කළ හැකියි. ඔබ එහි යන්නේ පොත්පත් මිලදී ගැනීම හෝ රස විඳීම වුවත්, ආපසු එන්නේ ඔබ කිසිදා බලාපොරොත්තු නොවූ අපූරු අත්දැකීම් රැසක් සමඟයි. නව ජවයක්, නව අදහස් සහ මිනිසුන්ට එක්ව කටයුතු කිරීමට හේතු රැසක් සමඟින් මෙම උළෙලේ කොටස්කරුවෙකු වීමට මම ඉතා ආශාවෙන් බලා සිටිනවා.” යනුවෙන් ඔහු පවසයි.

ගාල්ලෙන් ඇරඹි කතාවක්

2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් පසු, සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවීමේ සහ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයට නව ජීවයක් ලබා දීමේ අරමුණින් ජෙෆ්රි ඩොබ්ස් (Geoffrey Dobbs) මහතා විසින් 2007 වසරේදී ගාලු සාහිත්‍ය උළෙල ආරම්භ කරන ලදී.

සාහිත්‍යමය හමුවක් ලෙස ඇරඹි මෙම උළෙල, අද වන විට ගාලු කොටුවේ ගල් ඇතිරූ මාවත් සහ ඓතිහාසික කොටු පවුරු වෙත ලේඛකයන්, කලාකරුවන් සහ කුතුහලයෙන් පිරි රසිකයන් කැඳවාගෙන එන දකුණු ආසියාවේ පිළිගත් ප්‍රමුඛ සංස්කෘතික උළෙලක් බවට පත්ව තිබේ.

නව සුරතලෙකු,නැවුම් නිර්මාණාත්මක නායකත්වයක් සහ චෞද්‍රි පදනමේ ශක්තිය සමඟින්, GLF 2.0 තුලින් අමතක නොවන අත්දැකීමක් තිළිණ කිරීමට සූදානමින් සිටියි.

වැඩි විස්තර සඳහා www.galleliteraryfestival.com වෙත පිවිසෙන්න


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව