ELGI නිෂ්පාදනවලට ආකර්ෂණීය දීමනා පිරිනැමීමට HNB, Browns Integrated Engineering Solutions සමඟ අත්වැල් බැඳගනියි

Webp.net-resizeimage

 



 

 

 

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ELGI උපකරණ සඳහා පාරිභෝගිකයින්ට විශේෂ වට්ටම් සහ ප‍්‍රතිලාභ ලබා Browns Integrated Engineering Solutions සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.

ශ‍්‍රී ලංකාවේ කොම්ප්‍රෙෂර්වලට බලයලත් නියෝජිත සමාගම සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය මගින් ඖෂධ, කෘෂිකාර්මික නිෂ්පාදන, ඇසුරුම්කරණ සහ ආහාර පාන වැනි පුළුල් පරාසයක නිෂ්පාදන රැසක් සඳහා HNB පාරිභෝගිකයින්ට ආකර්ෂණීය වට්ටම් සහ සේවා පිරිනමයි. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කොළඹ 3 හි පැවති උත්සවයට HNB ලීසිං සහ Browns Integrated Engineering Solutions හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB හි පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම මහතා පැවසුවේ ”අප බ‍්‍රවුන්ස් සහ සමාගම සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩ නගාගෙන තිබෙනවා. මේ හවුල්කාරීත්වය හරහා අප ආයතන දෙකෙන්ම අපගේ ගනුදෙනුකරුවන්ට හොඳම ප‍්‍රතිලාභ ලබා දී තිබෙනවා Browns Integrated Engineering Solutions ඇතුළුව ව්‍යාපාරවලට පුළුල් සේවා සහ ප‍්‍රතිලාභ ලබා දීම සඳහා අප ආයතන දෙක අතර ඇති මෙම දිගුකාලීන සබඳතාව තවදුරටත් දීර්ඝ කිරීමට ලැබීම ගැන අප ඉතා සතුටු වෙනවා.” යනුවෙනි.

HNB විසින් පාරිභෝගිකයින්ට විශේෂ අඩු පොළී අනුපාත හා ආකර්ෂණීය ලීසිං පැකේජ සමඟින් නොමිලේ ක්‍රෙඩිට් කාඞ්පතක් ද ලබා දෙනු ඇත. මෙම ක්‍රෙඩිට් කාඞ්පත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

”අපගේ අන්‍යෝන්‍ය පාරිභෝගික පදනමට විශ්වාසදායක, ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන සහ අලෙවියෙන් පසු සේවාවන් සඳහා වැඩි ප‍්‍රවේශයක් ලබා දීම සඳහා නැවත වරක් HNB සමඟ කටයුතු කිරීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. යන්ත‍්‍ර සූත‍්‍ර අලෙවි කිරීම සඳහා පාරිභෝගිකයා කේන්ද්‍රකරගත් අපගේ නව වැඩපිළිවෙල පිළිබඳව අප සැමවිටම ආඩම්බර වන අතර අපගේ ගනුදෙනුකරුවන්ගේ සාර්ථකත්වය කරා යන ගමනේදී HNB සමඟ එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් බ‍්‍රවුන්ස් සහ සමාගම් සමූහයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී, මංගල විජේසිංහ මහතා පැවසුවේය.

මෙම හවුල්කාරීත්වය යටතේ බ‍්‍රවුන්ස් 5%ක වට්ටමක් සහ නොමිලේ සර්විස් සේවා තුනක් ලබා දෙනු ඇත. එමෙන්ම වායු කොම්ප්‍රෙෂර් සඳහා වසර දෙකක හෝ පැය 2000 ක වගකීමක් ද, screw වර්ගයේ වායු කොම්ප්‍රෙෂර් සඳහා වසරක වගකීමක් ද, ඞීසල් මගින් ක‍්‍රියාකරන ඕනෑම තැනක රැගෙන යා හැකි (portable) කොම්ප්‍රෙෂර් සඳහා වසරක හෝ පැය 2000 ක වගකීමක් සඳහා අවස්ථාව හිමි කරගැනීමට ද පාරිභෝගිකයන් හැකිය.

බ‍්‍රවුන්ස් සහ සමාගමෙහි එක් අංශයක් වන Browns Integrated Engineering Solutions යනු ELGI නිෂ්පාදන සඳහා බලයලත් නියෝජිතයා සහ අලෙවියෙන් පසු සේවා සපයන්නා වන අතර පිස්ටන්, screw සහ යන එන තැන රැගෙන යා හැකි (portable) වායු කොම්ප්‍රෙෂර් ආනයනය කිරීම සහ සවි කිරීම සම්බන්ධයෙන් වසර 40ක අත්දැකීම් සපිරි සමාගමකි.

1875 දී ස්ථාපිත කරන ලද බ‍්‍රවුන්ස් සමූහය ශ‍්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය  වූ සමාගම් වලින් එකක් වන අතර එය විදුලි ජනක නිෂ්පාදන අංශය, කෘෂිකාර්මික සේවා අංශය, වැවිලි කර්මාන්ත අංශය, ඖෂධ අංශය, ආයෝජන අංශය, ධීවර හා සමුද්‍ර සේවා කටයුතු ආශ‍්‍රිත නිෂ්පාදන අංශය සහ සංචාරක කර්මාන්තය ලෙස ප‍්‍රධාන කර්මාන්ත අංශ කිහිපයක් හරහා ශ‍්‍රී ලාංකේය ජන ජීවිතය සමඟ නිරන්තරයෙන් ඒකාත්මික වෙමින්  ඔවුන්ගේ  දියුණුවට මග හසර සලසාලයි.

පාරිභෝගික මධ්‍යස්ථාන 256ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. සිය බැංකු විශිෂ්ටත්වය මැනවින් විදහා පෙන්වමින් 2021 ජාත්‍යන්තර මූල්‍ය සඟරා සම්මාන උළෙලේදී බැංකුකරණ අංශයේ ‘‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව’’ සහ ‘‘විශිෂ්ටතම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) බැංකුව’’ යන සම්මාන හිමිකර ගැනීමට HNB සමත් විය. එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් අඛණ්ඩව පස්වරක් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද HNB ශ්‍රේණිගත කරන ලද අතර 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian) බැංකුව ලෙස ද HNB සම්මානයට පාත‍්‍ර විය. Fitch Ratings (ලංකා) සමාගම විසින් බැංකුවට ජාතික දිගු කාලීන AA- (lka) ශ්‍රේණිගත කිරීමක් ලබා දී ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව