Eco Spindles විසින් ඉවතලන ප්ලාස්ටික් එකතු කිරීම සහ බැහැර කිරීම වෙනුවෙන් පෙනී සිටින පාසල් සඳහා සිය දායකත්වය සපයයි

4 (LBN)




 

ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන BPPL Holdings PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Eco Spindles පුද්ගලික සමාගම ප්ලාස්ටික් නිසි ලෙස බැහැර කිරීම සහ එකතු කිරීම පිළිබඳව සෑම විටම පෙනී සිටියි. Eco Spindles, ප්ලාස්ටික් එකතු කිරීම සඳහා විවිධ ක්‍රම කිහිපයක් භාවිතා කරයි. ඒවා නම්   අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන්, අපද්‍රව්‍ය ප්ලාස්ටික් එකතු කරන්නන් සහ ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකම් (MRFs) හරහා ආයෝජනය කරන ආයතනික හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීමයි. මෙම ක්‍රම හරහා Eco Spindles සමාගම ප්ලාස්ටික් බැහැර කිරීමේ නිසි ක්‍රම පිළිබඳව ජනතාව  දැනුවත් කිරීම සඳහා වැඩසටහන් රැසකටද  සහාය දක්වා ඇත.

නිසි ලෙස ප්ලාස්ටික් බැහැර කිරීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා ව්‍යාපෘති සංවිධානය කිරීමට Eco Spindles සමාගම දිවයින පුරා පාසල්වලට විශාල වශයෙන් සහාය දක්වයි. මේ වන විට, රට පුරා පාසල් 100 කට අධික සංඛ්‍යාවක් Eco Spindles වෙතින් අනුග්‍රහය දක්වන තමන්ගේම මුලපිරීම් සංවිධානය කර ඇත. ප්ලාස්ටික් නිසි ලෙස බැහැර කිරීම සහ එකතු කිරීම වෙනුවෙන් පෙනී සිටීම සඳහා දෙල්ගල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණාත්මක ව්‍යාපෘතියක් වන ”බෝතල් පැංචෝ”  මෑතකදී ක්‍රියාත්මක කරන ලද තවත් විශේෂ වූ නිර්මාණයකි.  ප්ලාස්ටික් නිවැරැදි ලෙස එකතු කිරීම, බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැදගත්කම නිරූපණය කෙරෙන පෙරහැරක්ද මීට සමගාමීව සිසුන්  සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය විසින්  සංවිධානය කරන ලදී.

BPPL හෝල්ඩිංග්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා සිය අදහස් මෙසේ පැවසීය  “ප්ලාස්ටික් එකතු කිරිම සහ බැහැර කිරීම සම්බන්ධයෙන් පාසල් ළමුන් ඔවුන් විසින්ම නිර්මාණය කරගත් වැඩසටහන් මෙහෙයවීම දකින්නට ලැබීම ඉතාම සතුටට කාරණාවක්.  ප්ලාස්ටික් එකතු කිරීමේ සහ බැහැර කිරීමේ වැදගත්කම පිළිබඳව අප රටේ අනාගත පරපුර දැනුවත් කිරීම අතිශයින් වැදගත් වන නිසා  මෙම ව්‍යාපෘති  සඳහා අපගේ උපරිම සහයෝගය ලබා දෙනවා.”

අපද්‍රව්‍ය  නිසි පරිදි  එකතු කිරීමේ සහ   බැහැර කිරීමේ වැදගත්කම පිළිබඳව ඉදිරි පරම්පරාවන් නිසි ලෙස දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මත දිවයින පුරා පාසල්වල මෙවැනි වැඩසටහන් දියත් කිරීම Eco spindles මගින් සිදු කෙරුණි.කොළඹ බොහෝ පාසල්  ප්ලාස්ටික් බැහැර කිරීම සහ එකතු කිරීම පිළිබඳ අවශ්‍ය දැනුම ලබා ගැනීමට  සහ ඔවුන්ගේම  නිර්මාණාත්මක ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම සඳහා Eco Spindles සමඟ සහයෝගයෙන් යුතුව  කටයුතු කරයි.

Eco Spindles සමාගම විසින් ඉවතලන ප්ලාස්ටික් උසස් තත්ත්වයේ නූල් සහ බුරුසු බවට පත් කරන ක්‍රියාවලිය ඉගෙන ගැනීමට සහ  එම අත්දැකීම ලබා ගැනීමට පාසල් සිසුන් සඳහා  අධ්‍යාපන චාරිකා සහ විවිධ  වැඩසටහන් සංවිධානය කර දී  තිබේ. එම නූල්, බුරුසු සහ තවත් දේ ඇතුළු දේශීය නිෂ්පාදන  ජාත්‍යන්තර සන්නාම රැසකට  විකුණන අතර එමඟින් රටට විදේශ විනිමය ලබා දීම සිදු කෙරේ. Eco spindles විසින් මෙහෙයවනු ලබන  මෙම  වැඩසටහන් තුලින් කොළඹ මෙන්ම  ග්‍රාමීය පාසල් සිසුන් සඳහා ද ප්ලාස්ටික් එකතු කිරීමේ  සහ බැහැර කිරීමේ නිසි  වැදගත්කම සහ  ප්‍රතිචක්‍රීකරණය කිරීම තුළින් ප්ලාස්ටික් සඳහා නව ජීවයක්  ලබා දිය හැකි ආකාරය පෙන්වා දීම සිදු කරයි.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව