Ebony Holdings නව අපේක්‍ෂා සමග 2021 ට සුබපතයි

National Hospital Doctors Lounge

2021 ජනවාරි 12, කොළඹ:

පිරිමි නිමි ඇඳුම් නිෂ්පාදනයේ ප්‍රමුඛ Ebony Holdings (Pvt) Ltd සමාගම, කොවිඞ් 19 වසංගත තත්ත්වය යටතේ රටත් ජනතාවත් ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් වෙහෙසෙන අංශ ඇගයීම අරමුණු කර ගනිමින් වැඩසටහන් මලාවක් දියත් කිරීමට යොමු වූ අතර, ඒ යටතේ කොවිඩ් 19 වයිරසය සමඟ සටන් කරනා පෙරමුණේ කණ්ඩායම් වෙත අපේක්‍ෂාව සමඟ ත්‍යාග වශයෙන් Ebony කමිස තිළිණ කිරීමේ අවස්ථාවක් පසුගියදා “2021 ට අලුත් බලාපොරොත්තුවක්” තේමාව යටතේ පැවැත්වීය.

2020 වර්ෂය දිවයින පුරා විසිරී සිටින වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් ඇතුළු කොවිඞ් රෝගීන් සමඟ සෘජුවම කටයුතු කරන වෘත්තිකයින් හට අභියෝගාත්මක වසරක් වූයේ කොවිඞ් 19 වසංගත තත්ත්වයෙන් සිය මව්බිම සහ ජනතාව බේරා ගැනීම සඳහා දුෂ්කර කාර්යයක නිරත වූ බැවිනි. සිය ජීවිතය පවා පරදුවට තබමින් අපගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔවුන්ගේ කාලය සහ ශ්‍රමය වැගිරූවේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙනි. අඛණ්ඩ දුෂ්කර කාර්යයක නිරතවෙමින් ඔවුන් සිදුකළ කැපකිරීම සම්බන්ධයෙන් අප තුළ ඇත්තේ ගෞරවයකි.

මෙම පුරෝගාමී සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය විවේකාගාරයේදී පැවැත්වූ අතර, දෙවන වැඩසටහන කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාවේදී පැවැත්වීය. මෙහි තෙවන වැඩසටහන දෙහිවල පොලිස් ස්ථාන කේන්‍ද්‍ර කරගනිමින් පැවැත්විණි.

 




 

 

 

මෙම වැඩසටහන් සඳහා 1500 කට අධික වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පිරිසක් සහභාගී වූ අතර, එහිදී පසුගිය වසර තුළ මෙම අභියෝගාත්මක අවස්ථාවට මුහුණ දෙමින් සමස්ත ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් සිදුකළ කැපවීම අගයමින්, ඉදිරි වසරටද මෙම කාර්යය සාර්ථක අයුරින් කරගෙන යාම සඳහා ධෛර්යක් ලබාදීමේ අපේක්‍ෂාවෙන් ඔවුන් වෙත Vantage කමිස සහ සමරු කාඞ්පතක් පිළිගන්වනු ලැබීය.

මේ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් Ebony Holdings (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්‍ෂ රසීන් රහීම් මහතා පැවසුවේ, “2020 වසර අප සැමට අභියෝගාත්මක වසරක් වූවා වගේම, එය වඩාත් අභියෝගාත්මක වූයේ මෙම කොවිඞ් 19 අර්බුදය සමඟ සෘජුවම ගැටෙන වෘත්තිකයන් හටයි. කෙසේ වුවත් අපට අවශ්‍ය වූයේ මෙම වසර ධනාත්මක ආකාරයෙන් අවසන් කර එළඹෙන 2021 වසර නව අපේක්‍ෂාවකින් යුතුව ආරම්භ කිරීමටයි. කොවිඞ් 19 අර්බුදයට එරෙහි සටනේදී සුවිශේෂී කාර්යයක් කළ එම විරුවන් හට මෙය ඇගයුම් සමරුවක් වනවා මෙන්ම එය රටක් විදිහට අප සැමට සුබවාදී අපේක්‍ෂාවක් ඒක කරනු ඇතැයි අපගේ බලාපොරොත්තුව.”

2020 වසර තුළදී අප සැමගේ අපේක්‍ෂාවන් කඩවීමකට ලක් වූවද, 2021 වසර සමස්ත ලාංකිකයන් ලෙස සැමදෙනාම නව අපේක්‍ෂාවන්ගෙන් ශක්තිමත් විය යුතුවා මෙන්ම, ආයතනයක් ලෙස Ebony Holdings හි වත්මන් අපේක්‍ෂාවක් වන්නේ ඒ සඳහා දිරිමත් කිරීමය. විශේෂයෙන් පසුගිය වසර තුළ ඉතා දුෂ්කර කාර්යයක නිරත වෙමින් අධිකව වෙහෙසුණු එම විරුවන් ඇගයීමට ලක් කරමින්, ඔවුන් වෙත දිරියක් ලබාදීමේ අරමුණින් දියත් කරනු ලැබූ මෙම සුහදත්වය වඩවාලීමේ වැඩසටහන් මගින් ඔවුන්ගේ නව වසරේ බලාපොරොත්තු වලට ශක්තියක් සැපයීමට මෙය උපකාර වනු ඇත.

නැවුම් වූ මනසකින් සහ සියලුම අංශයන්ගේ සාර්ථකත්වය අපේක්‍ෂාවෙන් 2021 වසරට මුහුණ දිය යුතු බව විශ්වාස කරන Ebony Holdings සමාගම, සිය ව්‍යාපාරික හවුල්කාර ජාලය, කාර්ය මණ්ඩලය මෙන්ම සමස්ත ලාංකීය ජනතාවගේ නව වසරේ පැතුම්වලට නව ජවයක් ලබාදීම අරමුණු කර ගනිමින් මෙය ක්‍රියාත්මක කරනු ලැබීය.

ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය උසස්ම තත්ත්වයේ පිරිමි ඇඳුම් විලාසිතා සන්නාමයන් වන Vantage, Ebony සහ Luxure නිෂ්පාදනය කරන Ebony Holdings මගින් කාලීන අවශ්‍යතාවය අනුව කොවිඞ් 19 වයිරස අසාදිතයින් සමඟ සෘජුවම ගැටෙන පිරිස් වෙත මුව ආවරණ නොමිලේ ලබාදීම වැනි ව්‍යාපෘති රැසක් පසුගිය වසර තුළ ක්‍රියාත්මක කිරීමට යොමු විය. ‘ගන්න අපේ දේ’ සහතිකලත්, 100% ක දේශීය නිෂ්පාදන කාර්යයක නිරතවන Ebony Holdings ආයතනය, වර්තමානය වනවිට දේශීය වශයෙන් සෘජු රැකියා අවස්ථා 2000කට අධික ප්‍රමාණයක් ලබාදීමට සමත්ව ඇති සමාගමකි.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව