DIMO වාහන සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා HNB වෙතින් සුවිශේෂී ලීසිං විසඳුම්

Capture

TATA වාණිජ සහ මගී වාහන, මර්සිඩීස්-බෙන්ස්, Jeep රථ මෙන්ම කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් සුවිශේෂී ලීසිං විසඳුම් රැසක් හඳුන්වා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, DIMO සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.

මෙම හවුල්කාරීත්න්‍්‍ය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “තම ව්‍යාපාරය පුළුල් කිරීමට කරගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාරිකයින්, නව වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන පවුලක් මෙන්ම කෘෂි කටයුතු සඳහා තාක්ෂණය භාවිත කිරීමට උත්සාහ කරන ගොවි ජනතාව ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේම අනාගත බලාපොරොත්තු සැබෑ කිරීමට HNB අප සැමවිටම කැපවී සිටිනවා. මෙම හවුල්කාරිත්වය හරහා ශක්තිමත් මූල්‍ය අනුග්‍රහය වගේම විශ්වාසනීය සහ සැබෑ වටිනාකමක් අපේ පාරිභෝගිකයින්ට පිරිනැමීමට අපට හැකියාව ලැබෙනවා. එමෙන්ම රටේ ආර්ථික ප්‍රගතිය ඉදිරියට රැගෙන යාමට ද මෙය මනා පිටුවහලක් වනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙනි.




ව්‍යාපාරිකයින්ට අවම පිරිවැයකින් තම වාහන සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට අවස්ථාව සලසා දෙමින්, වෙළෙඳපොළ තත්ත්වයන්ට යටත්ව TATA ACE HT2 (ඩිමෝ බට්ටා), TATA Xenon Yodha (Single Cab) සහ TATA Super Ace යන වාණිජ වාහන මාදිලි සඳහා විශේෂ මිල අඩු කිරීම් රැසක් පිරිනැමීමට ද කටයුතු යොදා ඇත.

මෙම සුවිශේෂී ප්‍රතිලාභ මගී වාහන කාණ්ඩය සඳහා ද අදාල වන අතර, ඒ යටතේ මර්සිඩීස්-බෙන්ස්, Jeep රථ සහ ටාටා රථ මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින් හට කලින් වෙන් කරගත් වේලාවන් අනුව වාහන පරීක්ෂා කිරීමේ සහ පරීක්ෂණ ධාවනයන්හි (test drives) නිරත වීමේ අවස්ථාව හිමි වේ. මීට අමතරව, දිවයින පුරා පැය 24 පුරාම නොමිලේ ක්‍රියාත්මක මාර්ගස්ථ සහයෝගීතා සේවාව ද පාරිභෝගිකයින් වෙත පිරිනැමේ. පාරිභෝගික අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් මර්සිඩීස්-බෙන්ස් වාහන සඳහා අසීමිත ධාවන කාල සීමාවක් සහිත වසර 2ක වගකීම් කාලයක් සහ Jeep රථ සඳහා වසර 5ක හෝ කිලෝමීටර් 150,000ක වගකීම් කාලයක් හිමිවන අතර, සමාගම විසින් සංවිධානය කරනු ලබන විශේෂ උත්සව සඳහා සහභාගී වීමේ විශේෂ අවස්ථා ද පාරිභෝගිකයන් වෙත හිමි වනු ඇත.

“අප සේවය ලබා දෙන සෑම ක්ෂේත්‍රයකම සිටින පාරිභෝගිකයින් වෙත වඩාත් ඉහළ වටිනාකමක් මෙන්ම සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනැමීම සඳහා HNB සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම අපට විශාල සතුටක්. වාණිජ වාහන, මගී වාහන මෙන්ම කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගන්නා අපගේ සියලුම පාරිභෝගිකයින්ට, DIMO සමාගම විසින් කීර්තිමත් නාමයක් දිනා සිටින උසස් ප්‍රමිතිය, විශ්වාසනීයත්වය සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව සමඟින් වඩාත් ආකර්ෂණීය මූල්‍ය විසඳුම් ලබා ගැනීමට මෙම හවුල්කාරිත්වය මඟින් අවස්ථාව සැලසෙනවා.” යනුවෙන් DIMO සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේය.

තවද මෙම හවුල්කාරිත්වය මඟින් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව වෙනුවෙන් ද සුවිශේෂී සහයෝගයක් ලබා දීමට කටයුතු යොදා ඇත. ඒ යටතේ මහින්ද්‍රා (Mahindra) සහ ස්වරාජ් (Swaraj) ට්‍රැක්ටර් රථ මිලදී ගන්නා පාරිභෝගිකයින් හට වසර 4ක පුළුල් වගකීම් කාලයක්, වසර 3ක් පුරා නොමිලේ සැපයෙන ගොවි උපකරණ කට්ටල සහ ඔයිල් ෆිල්ටර් මෙන්ම නොමිලේ වාහන සේවා වාර 3ක් ද හිමි වේ. මීට අමතරව, LOVOL හාවෙස්ටර්ස් මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ද වසර 2ක වගකීම් කාලයක් සමඟින් නොමිලේ සේවා වාර 3ක් හිමිවන අතර, එමඟින් කෘෂි කටයුතු කිසිදු බාධාවකින් තොරව දිගුකාලීනව හා විශ්වාසනීයව කරගෙන යාමට මනා පිටුවහලක් සැලසේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව