
ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DFCC බැංකුව, සිය නිල YouTube නාලිකාව හරහා ගනුදෙනුකාරභවතුන් සමඟ පවතින සබඳතාව තවදුරටත් තහවුරු කරමින් සුවිශේෂී ගමනක නිරතව සිටියි. නූතන මූල්‍ය සංවාද වැඩි වශයෙන් ඩිජිටල් වේදිකා වෙත යොමු වෙමින් පවතින යුගයක, DFCC බැංකුව සිය YouTube නාලිකාව හුදෙක් ප්‍රචාරණ මෙවලමක් ලෙස නොව, ජනතාවට ප්‍රායෝගික මූල්‍ය දැනුම ලබා දෙන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට සමත්ව ඇත.
ඉතුරුම් සහ ආයෝජන පිළිබඳ මගපෙන්වීම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක උපදේශන, ඩිජිටල් බැංකුකරණ උපදෙස්, තිරසාර මුලපිරීම් සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් ඇතුළු පුළුල් පරාසයක තොරතුරු මෙම නාලිකාව හරහා සරලව ඉදිරිපත් කෙරේ. දැනට 130,000 කට අධික ග්‍රාහකයින් පිරිසක් සමඟින් YouTube Silver Play Button සම්මානය සඳහා සුදුසුකම් ලැබීම, බැංකුව විසින් ලබා දෙන විශ්වාසනීය මූල්‍ය තොරතුරු කෙරෙහි ජනතාව තුළ පවතින ඉහළ උනන්දුව මැනවින් පිළිඹිබු කරන්නකි. විශේෂයෙන්ම තරුණ පරපුර සහ ඩිජිටල් සේවාවන් සමඟ සක්‍රීයව සම්බන්ධ වන ප්‍රජාව අතර බැංකුවේ පවත්නා සමීපතාවය වැඩිකිරීමට මෙම වේදිකාව මනා දායකත්වයක් ලබා දෙයි.
මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සඳහන් කළේ, “ඩිජිටල් වේදිකා යනු ගනුදෙනුකාරභවතුන් සමඟ වඩාත් සමීපව සහ අර්ථවත් ලෙස සම්බන්ධ වීමට ලැබෙන වටිනා අවස්ථාවක්. අපගේ අරමුණ වන්නේ මෙම නාලිකා වගකීම් සහගත ලෙස භාවිතා කරමින් මූල්‍ය දැනුම සමාජයේ පුළුල් පරාසයකට විවෘත කිරීමයි. තිරසාර ඩිජිටල් සබඳතාවන් අවසානයේදී ගනුදෙනුකාරභවතුන්ට යහපත් මූල්‍ය ප්‍රතිලාභ අත්කර දිය යුතු බව අප තරයේ විශ්වාස කරනවා.” යනුවෙනි.
ඩිජිටල් තාක්ෂණය සමඟ පාරිභෝගික චර්යාවන් සීඝ්‍රයෙන් වෙනස් වන වර්තමානයේ, ආයතනික විශ්වාසනීයත්වය සහ නවීන සන්නිවේදන ක්‍රමවේදයන් මනාව මුසු කරමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තුළ සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කිරීමට DFCC බැංකුව අඛණ්ඩව කැපවී සිටියි.


