DFCC බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් ගණුදෙනු සඳහා මේ උත්සවය සමයේදීත් ඉතුරුම් හා දීමනා රැසක්

DFCC (3) (LBN)

 



 

 

DFCC බැංකුව මෙවරත් උත්සවය සමයේ තම ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් සුවිශේෂී දීමනා රැසක් හඳුන්වා දී තිබේ.

මේ යටතේ, රටේ ප්‍රධාන පෙළේ වෙළඳසැල් 400 කට අධික සංඛ්‍යාවක් සමග එක්වී 75% ක් දක්වා ඉතුරුම් පිරිනැමීමට DFCC බැංකුව පියවර ගෙන ඇත. එමෙන්ම DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට තෝරාගත් ගනුදෙනු සඳහා 1% සිට 3% දක්වා CashBack දීමනාද හිමි වේ. මෙම CashBack දීමනා තුළින් ලැබෙන මුදල්, කාඩ්පත් හිමියා කැමති DFCC ඉතුරුම් ගිණුමක් වෙත බැරවන අතර, ඊට පොලියක්ද ලැබෙන නිසා මෙය එම කාඩ්පත් හිමියන්ට දෙගුණයක් වාසි ගෙනෙන පියවරකි.

තම බැංකුකරණ සම්බන්ධතාවන්හි සෑම පියවරකදීම ගනුදෙනුකරුවන්ට ඉහළම වටිනාකම් තිළිණ කිරීමේ අරමුණින් DFCC බැංකුව නිරන්තරයෙන් මෙවැනි දීමනා හඳුන්වා දෙයි. එමෙන්ම මෙම උත්සව සමයේදීත් සුපුරුදු පරිදි ගනුදෙනුකරුවන්ට මුල්තැන දෙමින්, වෙළඳසැල් රාශියක් සමග එක් වී පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමටද DFCC බැංකුව පියවර ගෙන ඇත. මීට අමතරව, ගනුදෙනුකරුවන්ට නම්‍යශීලී මූල්‍ය විසඳුම් පිරිනැමීමේ උත්සාහය යටතේ, ඔවුන්ට කාඩ්පත් මත ණය පහසුකම සහ ශේෂයන් මාරු කිරීමේ පහසුකම වැනි විශේෂ පහසුකම්ද හඳුන්වා දී තිබේ.

“උත්සවය සමය යනු පවුලේ අය, හිතමිතුරන් සහ විවේකය වෙනුවෙන් වෙන්වන කාලයක්. ඒ කාලයේ අපගේ කාඩ්පත් හිමියන්ට සිත් සේ සතුටු වෙමින් උපරිම වාසි හිමිකර ගැනීමට හැකියාව ලැබෙන ආකාරයට, පුළුල් පරාසයක පැතිරුණු දීමනා එකතුවක් හඳුන්වා දීමට අප පියවර ගත්තා. වසරේ අවසානය එළඹී ඇති මේ මොහොතේ, ගනුදෙනුකරුවන්ට අත්වැලක් වෙමින්, උත්සවය සමය ඔවුන්ට වඩාත් ප්‍රීතිමත් හා තෘප්තිමත් කාලසීමාවක් බවට පත්කිරීම අපගේ අරමුණයි. වසර පුරාම අප සමග රැඳී සිටීම වෙනුවෙන් ඔවුන්ට අපගේ ස්තූතිය පළකරන අතරම සියලුම දෙනාට උත්සව සමය වෙනුවෙන් සුබපැතුම් එක්කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.” DFCC බැංකුවේ උප සභාපති/කාඩ්පත් මධ්‍යස්ථාන ප්‍රධානී ඩෙන්වර් ලුවිස් මහතා පැවසී ය.

DFCC බැංකුව එකිනෙකට වෙනස් අවශ්‍යතාවන් සහිත ගනුදෙනුකරුවන් කාණ්ඩ වෙනුවෙන් ක්‍රම කිහිපයක් යටතේ Mastercard සහ Visa ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරයි. එමෙන්ම DFCC ආලෝකා ක්‍රමය යටතේ කාන්තාවන්ට විශේෂ වූ වරප්‍රසාද, ප්‍රතිලාභ හා දීමනා සහිත ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත්ද හඳුන්වා දී තිබේ.

උත්සව සමයේ DFCC බැංකුව වෙතින් හිමිවන ප්‍රතිලාභ හා දීමනා පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.dfcc.lk වෙත පිවිසෙන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව