DFCC බැංකුව සහ Mintpay එක් වී ප්‍රථම වරට ඩෙබිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් සුවිශේෂී පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දෙයි

Mintpay (LBN)

ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය සේවාවන් සම්බන්ධ පුරෝගාමියෙකු වන DFCC බැංකුව සහ මෙරට ප්‍රමුඛතම මූල්‍ය සේවා යෙදවුමක් වන Mintpay අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙමඟින් DFCC බැංකුවේ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට, වෙළඳපොළේ නිතර නොලැබෙන සේවාවක් වන “Buy-Now-Pay-Later” (BNPL) සහ “Pay Now” වැනි සුවිශේෂී සේවාවන් භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. DFCC බැංකුවේ Internet Payment Gateway සේවාව සහ Mintpay යෙදුම ඒකාබද්ධ කිරීම මගින් ඩෙබිට් කාඩ්පත් හිමියන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදෙන අතරම ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂී පෙරළියක් සිදුකිරීමට දෙපාර්ශ්වයට හැකියාව ලැබෙනු නිසැක ය.
 



 

මේ අනුව මින් ඉදිරියට තම ඩෙබිට් කාඩ්පත් හිමියන්ට ආකර්ෂණීය පහසු ගෙවීමේ විසඳුම් පිරිනැමීමට DFCC බැංකුවට හැකියාව ලැබෙන අතර, DFCC බැංකුවේ Internet Payment Gateway සේවාව සහ දීපව්‍යාප්ත වෙළඳ ජාලය භාවිතා කිරීමට හැකි වීම මගින් Mintpay සේවාවටද ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇත. මින් ඉදිරියට ඕනෑම ඩෙබිට් කාඩ්පත් හිමියෙකුට Mintpay භාවිතා කරමින් වෙළඳසැල්වලින් හෝ අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම් සිදුකිරීමේදී පොලී රහිත වාරික තුනක් වශයෙන් අදාළ ගෙවීම සිදු කළ හැකි වේ. මෙම හවුල්කාරීත්වය, ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතා හඳුනා ගනිමින්, ඩෙබිට් කාඩ්පත් හිමියන්ගේ රුචිකත්වයන්ට ගැළපෙන ආකාරයට ආකර්ෂණීය ගෙවීම් විසඳුම් හඳුන්වා දීම සඳහා DFCC බැංකුව දරන උත්සාහය මැනැවින් නිරූපණය කරයි.

“අපගේ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීම සඳහා මෙරට ප්‍රථම දේශීය ගෙවීම් ක්‍රමයක් වන Mintpay සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය විද්‍යුත් වෙළඳ ගණුදෙනු සේවා සපයන්නන්ට ගෙවීම් භාරගැනීම සඳහා නව ක්‍රම හඳුන්වා දීමේ උත්සාහය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වේවි. එමෙන්ම මෙය ඩෙබිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීම ඔස්සේ මූල්‍ය අන්තර්කරණය ප්‍රවර්ධනය කරන පියවරක් ලෙසද හැඳින්වීමට පුළුවන්.” DFCC බැංකුවේ උප සභාපති/කාඩ්පත් ප්‍රධානී ඩෙන්වර් ලුවිස් මහතා පැවසී ය.

මෙම හවුල්කාරීත්වය මගින් ලැබෙන ප්‍රධානතම ප්‍රතිලාභයක් වන්නේ, DFCC බැංකුවට මෙන්ම Mintpay සේවාවට තම වෙළදපොල පරාසය පුළුල් කිරීමට හැකියාව ලැබීම ය. DFCC බැංකුවේ Internet Payment Gateway සේවාව හරහා පහසු ගෙවීමේ ක්‍රම පිරිනැමීම තුළින් Mintpay සේවාවට අතිශය පුළුල් පාරිභෝගික පදනමක් වෙත ආමන්ත්‍රණය කිරීමට හැකියාව ලැබේ. එමෙන්ම මෙම හවුල්කාරීත්වය මගින් DFCC බැංකුවේ සේවාවන් හරහා සිදු වන ගනුදෙනු ප්‍රමාණය ඉහළ යනු ඇති ඇත. මෙය සමාගම් දෙකක් එක් වී ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ අර්ථවත් පරිවර්තනයක් සිදුකිරීම සඳහා දරන ලද සුවිශේෂී ප්‍රයත්නයක් ලෙස හැඳින්විය හැකි වේ.

“අපගේ තාක්ෂණික ප්‍රගුණතාවය නිසා අපට පාර්ශ්ව රැසක් සමග හවුලකාරීත්වයන් ගොඩනංවා ගැනීමට හැකි වුණා. DFCC බැංකුව සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වයට එයට ඉතා හොඳ උදාහරණයක්. මෙමගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්කරණය සහ ආචාරධාර්මික පාරිභෝගික චර්යාව සම්බන්ධයෙන් නව ආදර්ශයක් සනිටුහන් කිරීමට අපට හැකියාව ලැබේවි.” Mintpay මූල්‍ය ප්‍රධානී පියුමා විජේසිංහ මහත්මිය පැවසුවා ය.

DFCC බැංකුව සහ Mintpay මෙලෙස අත්වැල් බැඳගැනීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත. එමෙන්ම මෙය නවෝත්පාදනය සහ පාරිභෝගික කේන්ද්‍රීයත්වය වෙනුවෙන් දරනු ලබන සාමූහික ප්‍රයත්නයක් ලෙසද හැඳින්විය හැකි වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව