2021 ජනවාරි 27, කොළඹ: ‘කාටත් ගැළපෙන බැංකුව’ යන විරුදාවලිය හිමි, වසර 65 කට අධික සාඩම්බර උරුමයක් සහිත DFCC බැංකුව මේ වනවිට අති-නවීන තාක්ෂණය සහ නිර්මාණශීලී ක්‍රමවේදයන් භාවිතයෙන් තම කාඩ්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සහ වෙළඳ හවුල්කරුවන් සම්බන්ධ කරගැනීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් හා පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. මෙමගින් කාඩ්පත් හිමියන්ට මෙන්ම ව්‍යාපාර වලටද වඩාත් පහසු ගෙවීම් පිරිසැකසුම් ක්‍රියාපටිපාටියක් අත්විඳීමට අවස්ථාව හිමි වී ඇත. ඒ ඔස්සේ DFCC බැංකුව සිය කාඩ්පත් හිමියන්ගේ ජීවන රටාවන් වඩාත් පහසු කරන සහ ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව ඉහළ නංවන අතරම මූල්‍ය වියදම් අවම කරවන ආකාරයේ නම්‍යශීලී හා පහසු විසඳුම් මාලාවක් හඳුන්වා දී තිබේ.
පොලී රහිත පහසු ගෙවීම් සැලසුම් (0% Easy Payment Plans) මගින් DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට හවුල්කාර අලෙවිසැල් වෙතින්, තෝරාගත් භාණ්ඩ සඳහා මාස 36 දක්වා පහසු ගෙවීමේ ක්‍රම හිමිවනු ඇත. මීට අමතරව අනෙකුත් ගනුදෙනු සඳහාද වෙළඳපොළේ අවම පිරිසැකසුම් ගාස්තු යටතේ පහසු ගෙවීමේ ක්‍රම පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ‘Loan on Card’ පහසුකම මගින් කාඩ්පත් හිමියන්ට කාඩ්පතේ සීමාවෙන් 75% කට සමාන මුදලක් ක්ෂණික ණයක් ලෙස ලබාගත හැකි අතර එය මාස 36 ක් දක්වා වාරික වශයෙන් ගෙවිය හැක. මෙය හදිසි මුදල් අවශ්‍යතාවකදී කෙනෙකුට අතිශයින් වැදගත් වන, පහසු සහ ඉක්මන් විසඳුමකි.
තවද වෙනත් බැංකු හා මූල්‍ය ආයතන වලින් නිකුත් කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත් හිමි පුද්ගලයන්ට ‘DFCC Card Balance Transfer’ ක්‍රමය භාවිතා කරමින් එම ක්‍රෙඩිට් කාඩ්පත් වල ශේෂය DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතක් වෙත මාරු කර, අවම පිරිසැකසුම් ගාස්තුවක් යටතේ මාස 24 ක් දක්වා කාලයක් තුළ සමාන මාසික වාරික ලෙස එය ගෙවා අවසන් කළ හැකි වේ.
DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වසරේ දින 365 පුරාම සෑම ගනුදෙනුවක් සඳහාම 1% CashBack දීමනාවක් හිමිවන අතර, එලෙස ආපසු ලැබෙන මුදල ඔවුන්ගේ හෝ ඔවුන් නම් කරන වෙනත් DFCC ඉතුරුම්, ජංගම හෝ ළමා ඉතුරුම් ගිණුමකට බැර කරනු ලබයි. ඉතුරුම් ගිණුමකට බැර කළ විට මෙම CashBack මුදල් වලට පොලියක්ද ලැබීම ඔවුන්ට ලැබෙන අමතර වාසියකි.
DFCC ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා අයදුම් කිරීමේ ක්රියාවලියද මේ වනවිට වඩාත් පහසු කර තිබේ. DFCC බැංකුවේ නිල වෙබ් අඩවිය වන, සම්මාන වලින්ද පිදුම් ලබා ඇති www.dfcc.lk වෙබ් අඩවිය වෙත පිවිසී අදාළ ආකෘති පත්‍රය පිරවීම මගින් DFCC ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා අයදුම් කළ හැකි අතර, එම ක්‍රියාවලියේ ඉදිරි පියවර සඳහා DFCC කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ඉක්මනින් අදාළ අයදුම්කරු අමතනු ඇත.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. Business Today සඟරාව මගින් ප්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇති DFCC බැංකුව 2020 Brand Finance Top 100 Most Valuable Brands ලැයිස්තුවටද ඇතුළත් වී ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.