‘DFCC ආලෝකා’ මෙරට ව්‍යවසායිකාවන්ගේ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම සඳහා මඩකලපුව සහ බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව වැඩසටහන් කිහිපයක් සංවිධානය කරයි.

Aloka Badulla (LBN)

 



 

 

මූල්‍ය සාක්ෂරතාව යනු මෙරට ව්‍යවසායිකාවන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයකි. එයට පිළියම් යෙදීමේ අරමුණින්, DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති මූල්‍ය සේවාවක් වන ‘DFCC ආලෝකා’ සේවාව හරහා මෙරට ව්‍යවසායිකාවන්ට මූල්‍යමය සහය සහ මූල්‍යමය නොවන වෙනත් ප්‍රතිලාභ පිරිනැමීමට පියවර ගෙන තිබේ. ‘DFCC ආලෝකා’ මූල්‍ය සාක්ෂරතා සම්මන්ත්‍රණ වැඩසටහන යනු මෙහි එක් වැදගත් පියවරකි. ව්‍යවසායිකාවන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණ රට පුරා සංවිධානය කෙරෙන අතර, මෙහි තවත් සම්මන්ත්‍රණ දෙකක් මෑතකදී මඩකලපුව සහ බදුල්ල යන ප්‍රදේශවලදී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණ ඔස්සේ, කාන්තාවන්ට තම ව්‍යාපාර දියුණු කරගනිමින් ජාතික ආර්ථිකට දායක වීම සඳහා අවශ්‍ය මගපෙන්වීම හා සහයෝගය ලබාදීම DFCC බැංකුවේ අරමුණ වී තිබේ.

‘DFCC ආලෝකා’ හි විශේෂත්වය වන්නේ, බැංකු සේවාවන් ලබාගැනීම සඳහා ව්‍යවසායිකාවන් සහ පාරිභෝගික කාන්තාවන් දිරිගැන්වීමේ අරමුණින් ඔවුන්ට විශේෂ පොලී අනුපාත සහ සහනදායී ගාස්තු ආදිය ලබාදීම ය. තවමත් රටේ ව්‍යවසායිකාවන් ඇතුළු සමස්ත කාන්තා ප්‍රජාවෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් බැංකු සේවාවන් ප්‍රමාණවත් පරිදි භාවිතා නොකරන නිසා, එම තත්ත්වය වෙනස් කිරීම සඳහා මෙවැනි විසඳුම් හඳුන්වා දීම අතිශයින් වැදගත් වේ.

මේ සම්බන්ධයෙන් DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා මෙසේ අදහස් දැක්වී ය. “ව්‍යාපාරකරණය තුළ කාන්තාවන් සතු හැකියාවන් පිළිබඳව අප දැඩි විශ්වාසයක් තබා තිබෙනවා. එමෙන්ම ව්‍යවසායිකාවන් දිරිගැන්වීම සඳහා අප සෑමවිටම කැප වී සිටින අතර, ඔවුන්ගේ මූල්‍ය වර්ධනය හා සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය සහයෝගය හැකි උපරිමයෙන් ලබාදීමට අප සූදානම්. අපගේ තිරසාර ක්‍රමෝපාය මුල්කර ගනිමින් අප උත්සාහ කරන්නේ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සැලකිය යුතු මට්ටමේ අවධානයක් යොමුකරන, විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය සහිත සමාජයක් නිර්මාණය කිරීමටයි. මෙම උත්සාහයන් ඔස්සේ අභියෝගවලට ඔරොත්තු දෙන ප්‍රජාවන් රට තුළ බිහි කරමින්, තිරසාර මූල්‍ය සේවාවන් හරහා සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන් වඩාත් යහපත් හා ශක්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම අපගේ අරමුණ වී තිබෙනවා.”

මඩකලපුව සහ බදුල්ල යන ප්‍රදේශවල පැවති සම්මන්ත්‍රණවලට එම ප්‍රදේශවල කැපීපෙනෙන පුද්ගලයන් සහ DFCC බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මඩකලපුව සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකයා වූයේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය භාරතී කෙනඩි මහත්මියයි. මෙම අවස්ථාවට DFCC බැංකුවේ උප සභාපති සහ Pinnacle ප්‍රධානී ශේරා හසන්, එම බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු කන්දයියා ජෙගරාජා, ජ්‍යෙෂ්ඨ සේවා කළමනාකාරිනී (ආලෝකා) රුවනි වීරසිංහ සහ මඩකලපුව ශාඛා කළමනාකරු කන්දයියා කූගරාජන් යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

බදුල්ලේ පැවති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකයා වූ චන්දන ගරුසිංහ මහතා, ‘සුරක්ෂිත අනාගතයක් උදෙසා මූල්‍ය සාක්ෂරතාව සහ මූල්‍ය කළමනාකරණය’ යන මාතෘකාව යටතේ සංවාදයක් පැවත්වී ය. මෙහිදී DFCC බැංකුවේ ARM (සහකාර පාරිභෝගික සබඳතා කලමණාකාරිනී)නිලූෂා වික්‍රමසිංහ මහත්මිය, ව්‍යවසායිකාවන්ට DFCC බැංකුව වෙතින් ලබාගත හැකි ප්‍රතිමූල්‍ය ණය පහසුකම් හා අනෙකුත් ණය සේවාවන් පිළිබඳව සවිස්තරව කරුණු දැක්වූවා ය. මෙම අවස්ථාවට DFCC බැංකුවේ ශේරා හසන්, රුවනි වීරසිංහ සහ බදුල්ල ශාඛා කළමනාකරු දුමින්ද යාපා යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

‘DFCC ආලෝකා’ යනු ශ්‍රී ලාංකික කාන්තාවන්ට තම සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය මූල්‍යමය අත්වැල සැපයීම ඉලක්ක කරගත් සුවිශේෂී මූල්‍ය සැලසුම් සේවාවකි. මෙම සේවාව යටතේ, කාන්තාවන්ට විශේෂයෙන් වැදගත් වන ප්‍රතිලාභ රැසක් පිරිනමන, වෙළඳ නාමය සඳහන් ක්‍රෙඩිට් කාඩ්පතක් ඇතුළුව, සාමාන්‍ය ඉතුරුම් ගිණුමකින් නොලැබෙන ප්‍රතිලාභ රැසක් හිමි වේ.  රු. 1000/- ක් වැනි සුළු මුදලකින් ගිණුමක් ආරම්භ කළ හැකි වීම, විශේෂ පොලී අනුපාතයක් හිමි වීම, දිවයින පුරා DFCC හෝ LankaPay ATM යන්ත්‍ර වලින් ගාස්තුවකින් තොරව මුදල් ලබාගත හැකි වීම, නොමිලේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් හිමි වීම සහ Mteller හරහා නිවසේ සිටම සුරක්ෂිත ලෙස බැංකු  සේවාවන් ලබාගත හැකි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක් මීට ඇතුළත් ය. තවද විශේෂ පොලී අනුපාතයන් යටතේ හිමිවන රන්භාණ්ඩ උකස් සේවාව, ගිණුමේ ශේෂය මෙන් 10 ගුණයක් දක්වා නොමිලේ රක්ෂණ ආවරණයක් සහ Doc990 සමග එක් වී පිරිනමන ප්‍රතිලාභයක් ලෙස, ගිණුම් හිමිකාරිය සහ පවුලේ සාමාජිකයක් 3 දෙනෙකු දක්වා පිරිසකට නොමිලේ සෞඛ්‍ය සේවාවන් හිමි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක්ද ඔවුන්ට හිමි වේ. මේ සියල්ලට අමතරව, ව්‍යවසයිකාවන්ට මුදල් ප්‍රදානයන් ඇතුළුව මූල්‍ය පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද ‘DFCC ආලෝකා’ නිරන්තරයෙන් කටයුතු කරයි.

මේ දක්වා Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකර ගැනීමට සමත් වූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකික බැංකුව වන්නේද DFCC බැංකුවයි. මෙම සහතිකකරණය ඔස්සේ ඇමරිකානු ඩොලර් මිලියන 250 ක අරමුදලක් භාවිතා කිරීමට බැංකුවට අවස්ථාව උදා වී ඇත. මෙම අරමුදල හරහා දිවයිනේ දේශගුණ විපර්යාස හේතුවෙන් සිදුවන බලපෑම් අවම කිරීමේ සහ එම විපර්යාසවලට අනුගත වීමේ ව්‍යාපෘති සඳහා මෙන්ම කාන්තා ව්‍යවසායිකත්වය දිරිගැන්වීමේ වැඩසටහන් සඳහා මූල්‍යමය සහයෝගය ලබාදීම සිදුකෙරේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව