DFCC බැංකුවේ අනුග්‍රහයෙන් පැවති Faldo Junior Series Sri Lanka ශූරතාවලිය RCGC හිදී නිමාව දකියි

DFCC (LBN)

තෙදිනක් පුරා පැවති තරගාවලිය අවසානයේ කායා දළුවත්ත සමස්ත ශූරතාව දිනා ගනී

DFCC බැංකුවේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවති Faldo Junior Series ශ්‍රී ලංකා ගොල්ෆ් තරගාවලිය, ජනවාරි 6 සිට 8 දක්වා කොළඹ රෝයල් ගොල්ෆ් සමාජ (RCGC) පරිශ්‍රයේදී සාර්ථකව නිමාවට පත් වූ අතර එහිදී කායා දළුවත්ත, තරගාවලියේ සමස්ත ශූරිය ලෙස කිරුළු පැළඳුවාය. හය වතාවක් මේජර් ශූරතාව දිනූ ශ්‍රීමත් නික් ෆැල්ඩෝ විසින් ආරම්භ කරන ලද, ගෝලීය වශයෙන් පිළිගත් ෆැල්ඩෝ තරගාවලිය යටතේ පැවති මෙයට ශ්‍රී ලංකාවෙන් සහ විදේශයන්ගෙන් නැගී එන තරුණ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික පිරිසක් සහභාගී වූහ.




අඛණ්ඩව දෙවන වරටත් DFCC බැංකුව ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන මෙම තරගාවලිය, කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩකයින්ට ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර තලයට පිවිසීමට අවශ්‍ය මාවත සකස් කිරීමට අවශ්‍ය පදනම සකසයි. වයස් සහ ස්ත්‍රී පුරුෂ භාවය අනුව පැහැදිලිව වෙන් කරන ලද කාණ්ඩ යටතේ පැවති මෙම තරගාවලිය, ක්‍රීඩකයින්ගේ ආත්ම විශ්වාසය සහ තරගකාරීත්වය ආරම්භයේ සිටම ත්වර කිරීමට සමත්විය.

මෙම තරගාවලිය වයස අවුරුදු 13-16 සහ 17-21 කාණ්ඩ යටතේ පිරිමි සහ ගැහැණු ළමුන් සඳහා ‘Faldo Juniors’ ලෙසත්, වයස අවුරුදු 7-8, 9-10 සහ 11-12 කාණ්ඩ යටතේ ‘Faldo Futures’ ලෙසත් පැවැත්විණි. මෙම කාණ්ඩ ගත ව්‍යුහය මඟින් දක්ෂතා කලින් හඳුනා ගැනීමටත්, උසස් මට්ටමේ තරගකාරී අත්දැකීමක් ලබා දීමටත් හැකියාව ලැබිණි.

තරගාවලිය අවසානයේ RCGC හි පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ජයග්‍රාහකයින් මෙසේ ඇගයීමට ලක් විය:

Faldo Juniors

Faldo Juniors – වයස් කාණ්ඩය 13 සිට 16 – ගැහැණු:

  • අනුශූරතාව: ලොරන්ස් සිතාරා දේදුණු

ජයග්‍රාහිකාව: ඉන්දියාවේ මිරා බිස්නියර් අග්‍රවාල්

  • Faldo Juniors – වයස් කාණ්ඩය 13 සිට 16 – පිරිමි:

අනුශූරතාව: ඉන්දියාවේ කර්මන්යේ මහාජන්

ජයග්‍රාහකයා: ඉන්දියාවේ විවාන් උභයකාර්

  • Faldo Juniors – වයස් කාණ්ඩය 17 සිට 21 – ගැහැණු:

අනුශූරතාව: ධනුෂි වානසිංහ

ජයග්‍රාහිකාව: කායා දළුවත්ත

  • Faldo Juniors – වයස් කාණ්ඩය 17 සිට 21 – පිරිමි:

අනුශූරතාව: කේ. ධනුෂාන්

ජයග්‍රාහකයා: රෙෂාන් අල්ගම

Faldo Futures

  • Faldo Futures – වයස් කාණ්ඩය 7 සිට 8 – ගැහැණු:

අනුශූරතාව: විග්නේෂ් සංයුක්තා

ජයග්‍රාහිකාව: කයිරා කාදර්

  • Faldo Futures – වයස් කාණ්ඩය 7 සිට 8 – පිරිමි:

අනුශූරතාව: රහේන් මනතුංග

ජයග්‍රාහකයා: තංගරාජා ඔනිත් ඔමේත්

  • Faldo Futures – වයස් කාණ්ඩය 9 සිට 10 – ගැහැණු:

අනුශූරතාව: ඉන්දියාවේ ආෂ්නා අමෝඝා

ජයග්‍රාහිකාව: පකිස්ථානයේ අයිරා අතාර් යසින්

  • Faldo Futures – වයස් කාණ්ඩය 9 සිට 10 – පිරිමි:

අනුශූරතාව: ජයිත් මින්හාස් ගුරුගේ

ජයග්‍රාහකයා: අභිමාන් වික්‍රමසිංහ අබේගුණවර්ධන

  • Faldo Futures – වයස් කාණ්ඩය 11 සිට 12 – ගැහැණු:

අනුශූරතාව: දුල්කිණි සුබන්යා

ජයග්‍රාහිකාව: විහාරා හේරත්

  • Faldo Futures – වයස් කාණ්ඩය 11 සිට 12 – පිරිමි:

අනුශූරතාව: ඉන්දියාවේ විවාන් සිං

ජයග්‍රාහකයා: බංගලාදේශයේ සයීඩ් මහ්දි මහ්බීර්

ශ්‍රී ලංකාවේ පැරණිතම ගොල්ෆ් ආයතනය වන RCGC විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය, මෙරට කනිෂ්ඨ ගොල්ෆ් ප්‍රමිතීන් ඉහළ නැංවීමටත් ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවේ නාමය සනිටුහන් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කිරීමටත් විශාල දායකත්වයක් ලබා දෙයි. Faldo Juniors කාණ්ඩයේ ජයග්‍රාහකයින්ට Faldo Junior Tour Asia Grand Final තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව හිමිවන අතර, එය ඔවුන්ගේ අනාගත වෘත්තීය ක්‍රීඩා දිවියට මනා අත්දැකීමක් වනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව