
DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම නව මානයකට රැගෙන යමින්, ඔවුන් වෙනුවෙන් කොළඹ වරාය නගරයේ පිහිටි SpeedBay හිදී සුවිශේෂී Go-Karting අත්දැකීමක් මෑතකදී සංවිධානය කර තිබේ. “Race Track Vibes with DFCC ONE” තේමාව යටතේ පැවැත්වූ මෙම ප්‍රවර්ධන වැඩසටහන, බැංකුවේ ජංගම බැංකුකරණ යෙදුම ක්‍රියාකාරීව භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ගමන් මග වේගවත් කිරීමට දායක වන ගනුදෙනුකරුවන් ඇගයීම වෙනුවෙන් පවත්වන ලදී.
මෙහිදී තෝරාගත් ජයග්‍රාහකයින් 100 දෙනෙකුට සිය පවුලේ සාමාජිකයින් ද සමඟින් උද්වේගකර ධාවන පථයක අත්දැකීම විඳගනිමින්, සුහද තරඟකාරීත්වයකින් පිරි අමතක නොවන දිනයක් ගත කිරීමට අවස්ථාව හිමි විය. ධාවන තරඟයක් නරඹන්නන් සහ ධාවකයින් එකම අරමුණක් වටා ඒකාබද්ධ කරන්නාක් මෙන්, මෙම වැඩසටහන හරහා ගනුදෙනුකරුවන්ට හුදෙක් ස්මාර්ට් ජංගම දුරකථන තිරයකින් ඔබ්බට ගොස් DFCC ONE App සමඟ සෘජුව සම්බන්ධ වීමටත්, එදිනෙදා සිදු කරන ඩිජිටල් බැංකු කටයුතුවලට වඩාත් සජීවී බවක් සහ නව අරුතක් එක් කිරීමට මෙමගින් මාවත විවර විය.
ඩිජිටල් යෙදුමක භාවිතය සැබෑ ලෝකයේ ධාවන පථයක අත්දැකීමක් සමඟ බද්ධ කිරීම හරහා, ඩිජිටල් බැංකුකරණය යනු හුදෙක් ගනුදෙනු කිරීමකට පමණක් සීමා නොවූ, අමතක නොවන ජීවන රටා අත්දැකීමක් බව DFCC බැංකුව මේ හරහා ප්‍රායෝගිකව තහවුරු කරයි.
හුදෙක් ප්‍රවර්ධන වැඩසටහනකට එහා ගිය “Race Track Vibes with DFCC ONE” මුලපිරීම හරහා, සිය මූල්‍ය ගමන් මගෙහි පාලනය ගනුදෙනුකරුවා සතු කිරීමේ බැංකුවේ පුළුල් උපායමාර්ගය මනාව පිළිඹිබු විය. DFCC ONE App හරහා ගනුදෙනුකරුවන්ට සිය බැංකු අවශ්‍යතා වඩාත් වේගයෙන් සහ මනා පාලනයකින් යුතුව ඉටු කර ගත හැකි අතර, මූල්‍ය කළමනාකරණය වඩාත් සුමට හා කාර්යක්ෂම කරන නවීන තාක්ෂණය මෙහිදී ඔවුන්ට සහාය වේ.
මෙම සුවිශේෂී වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ උප සභාපති සහ ප්‍රධාන ඩිජිටල් නිලධාරී දීප එදිරිසූරිය මහතා මෙසේ පැවසීය: “DFCC ONE App හරහා අප ගොඩනඟමින් සිටින්නේ ගනුදෙනුකරුවන්ට පහසුව පමණක් නොව, ඔවුන්ගේ ජීවිතයට සැබෑ වටිනාකමක් එක් කරන ඩිජිටල් බැංකුකරණ අත්දැකීමකි. ‘Race Track Vibes with DFCC ONE’ ප්‍රවර්ධන වැඩසටහන මගින් අප සමඟ ඩිජිටල් බැංකුකරණයේ යෙදෙන ගනුදෙනුකරුවන් ඇගයීමට අපට හැකි වූ අතර, එමගින් ඩිජිටල් බැංකුකරණය තුළ පවතින කාර්යක්ෂමතාව, විශ්වාසදායී බව සහ උද්යෝගය අමතක නොවන අත්දැකීමක් ලෙස ඔවුන්ට ලබා දීමට අපට හැකි වුණා.”
ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රය වේගයෙන් වර්ධනය වන පසුබිමක, ගනුදෙනුකරුවන්ව උනන්දු කරවීම සඳහා සහ සුරක්ෂිත ඩිජිටල් මූල්‍ය විසඳුම් කරා ඔවුන් යොමු කිරීම සඳහා මෙවැනි නව්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමට DFCC බැංකුව නිරන්තරයෙන් කැපවී සිටී. තාක්ෂණය, ජීවන රටාව සහ ප්‍රජාව එකට එක් කරන මෙවැනි වැඩසටහන් මගින් DFCC ONE App සමඟ බැංකුකරණයේ යෙදීම කාර්යක්ෂම මෙන්ම ප්‍රතිලාභ සහිත ක්‍රියාවලියක් බව තහවුරු කෙරේ.
ගනුදෙනුකරුවන්ට සිය මූල්‍ය කටයුතු පිළිබඳ පූර්ණ පාලනයක් සහ විශ්වාසයක් ලබා දෙන DFCC ONE App හරහා, බැංකුකරණයේ නව මානයක් කරා DFCC බැංකුව පියවර තබමින් සිටින අතර, සාමාන්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගිය විශිෂ්ට අත්දැකීම් ලබා දීමට බැංකුව නිරන්තරයෙන් පියවර ගනු ලබයි.


