DFCC බැංකුව iConnect 2.0 දියත් කරයි

Image DFCC Iconnect

ව්‍යාපාර ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන්ම සැලසුම් කළ සුවිශේෂී බැංකු සේවා යෙදවුමක්

DFCC බැංකුවේ තම ආයතනික ඩිජිටල් බැංකුකරණ සේවා යෙදවුමක් වන DFCC iConnect 2.0 වැඩිදියුණු කර යළි දියත් කිරීමට පසුගියදා පියවර ගන්නා ලදි. ගනුදෙනුකරුවන්ට වඩාත් වේගවත්, කාර්යක්ෂම හා සුරක්ෂිත සේවාවක් හිමි වන ආකාරයට මෙය වැඩිදියුණු කර තිබේ. නව  iConnect 2.0 යෙදවුමට මුදල් කළමනාකරණ සේවාවන් සහ වෙළඳ සේවාවන් ඒකාබද්ධ කරන TradeConnect නම් විශේෂ ආනයන සහ අපනයන ආශ්‍රිත බැංකු සේවා විශේෂාංගයක්ද ඇතුළත් කර ඇත.
 



 

සාමාන්‍ය ඩිජිටල් බැංකුකරණ සේවාවන්ගෙන් ඔබ්බට යන DFCC iConnect 2.0 නිර්මාණය කර ඇත්තේ සියලුම කාණ්ඩවලට අයත් සමාගම් හා සුළු හා මධ්‍ය පරිමාණ ආයතනවල කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි. එමගින් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය කටයුතු සරලව සහ කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබේ. සාමාන්‍ය දෛනික බැංකු සේවාවන් සහ සංකීර්ණ වෙළඳ මූල්‍ය සේවාවන් එකම ද්වාරයක් තුළට කේන්ද්‍රගත කිරීම තුළින් ව්‍යාපාරවලට වඩාත් ඉහළ කාර්යක්ෂමතාවකින් හා විනිවිදභාවයකින් යුතුව තම මූල්‍ය සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වී ඇත.

“DFCC බැංකුව ඩිජිටල් බැංකුකරණය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රවේශයට පදනම් වී ඇත්තේ සේවා විශිෂ්ටත්වය, සරලත්වය සහ විශ්වාසනීයත්වය යන මූලධර්ම තුනයි. අපගේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් නොනැවතී, ඔවුන්ට සාර්ථකත්වය කරා යාමට උපකාරී වන ආකාරයට DFCC iConnect 2.0 සේවාව වැඩිදියුණු කිරීමට පියවර අප ගත්තා. තම මූල්‍ය කටයුතු වඩාත් හොඳ පාලනයකින් යුතුව සිදුකිරීමේ හැකියාව, ජංගම දුරකථන ඔස්සේ ක්ෂණිකව අනුමැතිය ලබාදීමේ හැකියාව සහ කඩිනම් පාරිභෝගික සහය සේවාවක් ඇතුළු විශේෂ ලක්ෂණ රැසකින්  සමන්විත මෙම සේවාව සැලසුම් කර ඇත්තේ සංකීර්ණතාවන් අවම කරමින් භාවිතා කිරීමේ පහසුව වැඩිදියුණු වන ආකාරයටයි.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ආයතනික බැංකුකරණ ප්‍රධානී සොහන්ත විජේසිංහ මහතා පැවසීය.

Multi-tiered approvals, Group-level access, Customisable alerts, Real-time dashboards, සහ Mobile transaction authorisations ඇතුළු විශේෂාංග රාශියක් DFCC iConnect 2.0 සේවාවට ඇතුළත් වී ඇත. එමෙන්ම DFCC iConnect 2.0 සඳහා ලියාපදිංචි වීමේදී සහ එය භාවිතා කිරීමේදී ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සහයෝගය කඩිනමින් ලබාදීම සඳහා වෙනම පාරිභෝගික සම්බන්ධාතා කණ්ඩායමක් යොදවා තිබේ.

TradeConnect හඳුන්වා දීම යනු DFCC iConnect 2.0 සේවාව පරිපූර්ණ ඩිජිටල් ව්‍යාපාරික සේවා එකතුවක් බවට පත් කිරීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරකි. ණයවර ලිපි, ආනයන හා අපනයන ණය සහ දේශීය හා ජාත්‍යන්තර බැංකු ඇපකර ඇතුළු වෙළඳ මූල්‍ය සේවාවන් රැසක් මීට ඇතුළත් කර ඇති අතර, Advance Payments, Open Accounts, Documents Against Payment (DP) සහ Documents Against Acceptance (DA) ඇතුළු ගෙවීම් ක්‍රම රැසක් එහිදී භාවිතා කළ හැක. මේ සියල්ල සැලසුම් කර ඇත්තේ මුද්‍රිත ලිපිලේඛන වෙනුවට ඩිජිටල් ලේඛන ඉදිරිපත් කිරීම මගින් තම අවශ්‍යතාව ඉටු කර ගැනීමට හැකි වන පරිද්දෙනි. නැවත නැවත භාවිතා කළ හැකි ආකෘති පත්‍ර, ඩිජිටල් ණය උපදේශන සේවා සහ කාර්යක්ෂම Due-date tracking පහසුකම් යනාදිය මගින් කඩදාසි භාවිතය සහ පරිපාලනමය දුෂ්කරතා අවම වේ. මේ නිසා ණය පිරිසැකසුම් කටයුතු කඩිනම් වීම කුඩා පරිමාණ ව්‍යාපාරවලට ඉමහත් පහසුවක් වන අතර, සජීවී තොරතුරු දැක්වෙන තොරතුරු පුවරු සහ ඒකාබද්ධ ක්‍රියාවලි හේතුවෙන් සමාගම් හා ආයතනවල කටයුතු වඩාත් කාර්යක්ෂම වේ. ණයවර ලිපි ලබාගැනීම, ගෙවීම් භාරගැනීම, නාවික ඇපකර සහ වෙළඳ මූල්‍ය පහසුකම් ඇතුළු ඕනෑම අවශ්‍යතාවක් ඉක්මනින් හා පහසුවෙන් ඉටුකර ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට DFCC iConnect 2.0 පදනම භාවිතා කළ හැක.

DFCC බැංකුව කවදත් මෙලෙස තම ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා නවීනතම තාක්ෂණය භාවිතා කරයි. DFCC iConnect 2.0 සේවාව වැඩිදියුණු කිරීම යනු එම උත්සාහයේ තවත් ඉදිරි පියවරකි. මානව-කේන්ද්‍රීය සේවාවක් සමගින් අධි-ක්‍රියාකාරී ඩිජිටල් විසඳුම් එක්තැන් කිරීම DFCC බැංකුවේ අරමුණ වී ඇති අතර, ඉදිරියටත් මේ ආකාරයට පුද්ගලයන්ට හා ව්‍යාපාරවලට වැදගත් වන කාර්යක්ෂම නව්‍ය විසඳුම් හා සේවාවන් හඳුන්වා දීම සඳහා DFCC බැංකුව කැප වී සිටී.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව