DFCC බැංකුව Havelock City සාප්පු සංකීර්ණයේ Myspace ATM සහ CDM ඩිජිටල් ස්වයං-බැංකුකරණ පහසුකම් ස්ථාපිත කරයි

image (1) (3) (1)

 



 

 

මෑතකදී විවෘත කරන ලද Havelock City සාප්පු සංකීර්ණය තුළ ATM සහ CDM යන්ත්‍ර සමගින් Myspace ස්වයං-බැංකුකරණ පහසුකම් ස්ථාපිත කිරීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. DFCC බැංකුව සාප්පු සංකීර්ණයක් තුළ මේ ආකාරයට ATM හා CDM පහසුකම් ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් ලබාදීමේ අරමුණින් මෙය සිදුකරන ලදි.

මෙම ATM සහ CDM යන්ත්‍ර 2023 ඔක්තෝබර් 19 දින නිල වශයෙන් විවෘත කරන ලද අතර, එම අවස්ථාවට DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

“Havelock City සාප්පු සංකීර්ණය තුළ Myspace ATM සහ CDM පහසුකම් ස්ථාපිත කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. ශ්‍රී ලංකාවේ විවෘත වූ නවතම සාප්පු සංකීර්ණය වන Havelock City තුළ මෙරට ප්‍රථම IMAX සිනමා ශාලාව 2024 වසරේ මුල් කාර්තුව තුළ විවෘත වීමට නියමිතයි. ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සලසමින්, ඩිජිටල් බැංකුකරණය සහ සත්‍ය ලෝකයේ අත්දැකීම් අතර පරතරය පියවීමේ උත්සාහයේ තවත් අදියරක් වශයෙන් අප මෙම පියවර ගැනීමට තීරණය කළා. සතියේ සෑම දිනකම පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවාවේ පහසුව අත්විඳින මෙන් අප ගනුදෙනුකරුවන්ට ආරාධනා කර සිටිනවා.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

2023 ඔක්තෝබර් 19 දින විවෘත කරන ලද Havelock City සාප්පු සංකීර්ණය මේ වනවිට මෙරට ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත් වී ඇත. එය කරා ඇදී එන පාරිභෝගිකයන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු සියලුම දෙනාටත්, එය අවට වෙසෙන ජනතාවටත් DFCC බැංකුවේ නව ATM සහ CDM යන්ත්‍ර ඉමහත් පහසුවක් ගෙනෙනු නො-අනුමාන ය.

මෙම සාප්පු සංකීර්ණයේ අලෙවිසැල් පවත්වාගෙන ව්‍යාපාරිකයන්ට දැන් වඩාත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස එදිනෙදා මුදල් තැන්පත් කිරීම් සිදුකළ හැකි වේ. එමෙන්ම දේශීය කාඩ්පත් මෙන්ම, විදේශයන්හිදී නිකුත් කරන ලද VISA සහ JCB කාඩ්පත්ද මෙහිදී භාවිතා කළ හැක. ඊට අමතරව සුපුරුදු පරිදි DFCC බැංකුවේ ATM යන්ත්‍ර හරහා ලබාගත හැකි අනෙකුත් සේවාවන් වන DFCC බැංකු ගිණුම් වෙත පිවිසීමේ හැකියාව, ජංගම දුරකථන රීලෝඩ් කිරීම සහ උපයෝගීතා සේවා බිල්පත් ගෙවීම වැනි සේවාවන්ද මෙමගින් ලබාගත හැකි වේ.

“Havelock City පරිශ්‍රය තුළ ATM සහ CDM යන්ත්‍ර ස්ථාපිත කිරීම යනු ගනුදෙනුකරුවන්ට ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් නවීන පහසුකම් ලබාදීමට අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙමගින් පාරිභෝගිකයන්ට සිත් සේ සාප්පු සවාරියේ යෙදෙමින් විනෝද විය හැකි අතර, හදිසි මුදල් අවශ්‍යතාවලදී සුරක්ෂිත ලෙස මුදල් ලබාගැනීමටත්, මුදල් තැන්පත් කිරීමටත් අවස්ථාව ලැබෙනවා. අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් මෙම පහසුකම ලබාදීමට හැකි වීම අපට මහත් සතුටක්.” DFCC බැංකුවේ උප සභාපති (ඩිජිටල් ක්‍රමෝපාය) දිනේෂ් ජෙබමනි මහතා පැවසී ය.

බැංකු සේවාවන් වඩාත් සරල හා පහසු කරමින් සියලුම දෙනාට එම සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස, Havelock City සාප්පු සංකීර්ණය තුළ Myspace ATM සහ CDM පහසුකම් ස්ථාපිත කරන ලදි. මෙය තම සේවා ජාලය තවදුරටත් පුළුල් කරන අතරම Havelock City සාප්පු සංකීර්ණය වෙත පැමිණෙන සියලුම දෙනාට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් තිළිණ කිරීමට මහෝපකාරී වනු ඇතැයි DFCC බැංකුව විශ්වාස කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව