DFCC බැංකුව, DFCC ONE app හි ඩිජිටල් ගනුදෙනුකරුවන්ට “Fly High with DFCC ONE” ප්‍රවර්ධන වැඩසටහන සමඟින් අද්විතීය අත්දැකීමක් පිරිනමයි.

Image

DFCC බැංකුව විසින් මෑතකදී දියත්කරන ලද ‘Fly High with DFCC ONE’ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන හරහා තෝරාගත් වාසනාවන්ත ගනුදෙනුකරුවන්ට අමතක නොවන ආකාරයේ අත්දැකීමක් තිලිණ කරමින්, කොළඹ නගරය පුරා හෙලිකොප්ටර් සවාරියක් ලබාදි තිබේ. එය DFCC බැංකුව, සිය ගනුදෙනුකාරභවතුන්ට ලබාදෙන නව්‍ය වූ ඩිජිටල් බැංකුකරණ සේවා අත්දැකීම් අතර නව පියවරක් ලෙස ක්‍රියාත්මක වෙයි.

එය DFCC ONE App හරහා සිය ඩිජිටල් ගනුදෙනු හා බැංකු කටයුතු සිදුකරන  ගනුදෙනුකාරභවතුන් ඇගයීම සඳහා නිර්මාණය කරන ලද්දකි. එමෙන්ම මෙම ප්‍රවර්ධන වැඩසටහන ගනුදෙනුකරුවන්ට හුදෙක් ගනුදෙනු කටයුතුවල පහසුවට වඩා වැඩි යමක් පිරිනැමීමට සමත් වූ අතර ගනුදෙනුකාර-කේන්ද්‍රීය විසඳුම්  ලබාදීමට DFCC බැංකුව දරන අඛණ්ඩ උත්සාහය ඒ තුළින් මනාව පිළිබිඹු කරයි.

 



 

ඒ අනුව ‘Fly High with DFCC ONE’ යනු හුදෙක් ප්‍රවර්ධන වැඩසටහනක් පමණක් නොව, ඩිජිටල් බැංකුකරණය ප්‍රතිලාභදායී හා ගනුදෙනුකාර-කේන්ද්‍රීය අත්දැකීමක් බවට පත්කිරීමේ කැපවීම සංකේතවත් කිරීමකි. එමෙන්ම ශ්‍රී ලංකාව පුරාවට සුරක්ෂිත මෙන්ම තාක්‍ෂණික මූල්‍ය විසඳුම්, වඩාත් පුළුල් ලෙස භාවිතා කිරීමට ද එය දිරිගැන්වීමක් සපයයි.

මෙම අද්විතීය අත්දැකීම පිළිබඳ ව අදහස් දක්වමින් DFCC බැංකුවේ උප සභාපති සහ ප්‍රධාන ඩිජිටල් නිලධාරී ඔමාර් සාහිබ් මහතා මෙසේ කියා සිටියේ ය. ” DFCC බැංකුව ලෙස අපි, අපගේ සියලුම ඩිජිටල් බැංකුකරණ සේවාවන් පිරිනැමීමේදී, ඒවා ගනුදෙනුකරුවන්ගේ මතකයේ රැඳෙන අර්ථවත් අත්දැකීම් වශයෙන් නිර්මාණය කිරීමට නිරතුරුවම වෙහෙසෙනවා. ඒ අනුව DFCC ONE App විශ්වාසය හා වටිනාකම මත ගොඩනැගුණු සුවිශේෂි නවෝත්පාදනයක් වෙනවා. මේ වැඩසටහ සංවිධානය කිරීමෙන් අපගේ සේවාවේ අගය වැඩිකිරීමට සහ ගනුදෙනුකාරභවතුන්ට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නව දැක්මක් ලබාදීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් වුණා.”

ඒ අනුව මෙම ප්‍රවර්ධන වැඩසටහන මඟින් ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාව, තාක්ෂණය සහ ඔවුන් සමඟ පවත්නා අඛණ්ඩ සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට, DFCC බැංකුව දරන ප්‍රයත්නය අවධාරණය කරයි. එමෙන්ම නව්‍ය හා ආකර්ෂණීය අන්දමින් ඩිජිටල් බැංකුකරණයේ පහසුව අත්විඳීමට එය උපකාරී වෙයි. මෙවැනි කාලෝචිත විසඳුම් හරහා DFCC බැංකුව, ඩිජිටල් බැංකුකරණ සේවා සැපයීමේ පුරෝගාමියෙකු ලෙස, ශ්‍රී ලාංකිකයන්ට පහසු, කාර්යක්ෂම සහ ප්‍රතිලාභ රැසක් සහිත බැංකුකරණ අත්දැකීමක් ලබාදීමට කටයුතු කරයි.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 12 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව