DFCC බැංකුව DFCC ONE යෙදවුම හදුන්වා දීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණය නැවත අර්ථ දක්වයි.

DFCC Bank English Logo

DFCC බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් තම නවතම ජංගම බැංකුකරණ යෙදවුම වන DFCC ONE ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වන ආකාරයට සැලසුම් කර තිබේ.

අනාගතයේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුව බවට පත්වීම DFCC බැංකුවේ අරමුණ වී ඇත. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා DFCC ONE මගින් සුවිශාල කාර්යභාරයක් ඉටු වනු නිසැකය.
 



 

හුදෙක්ම බැංකු සේවාවන් සැපයීමෙන් පමණක් නොනැවතී, මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ට දැනුමක් හා අවබෝධයක් ලැබෙන ආකාරයට DFCC ONE නිර්මාණය කර තිබේ. ගනුදෙනුකරුවන්ට තම එදිනෙදා කටයුතු වලදී අවශ්‍ය බැංකු සේවා වඩාත් පහසුවෙන් ඉටුකර ගැනීමට එමගින් හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් සැලසුම්වලට සමගාමීව, වැඩි පිරිසක් වෙත ඩිජිටල් සේවාවන් සමීප කරවමින් ඩිජිටල් තාක්ෂණ භාවිතය දිරිගැන්වීම මෙහි තවත් අරමුණකි.

DFCC ONE හි ප්‍රධාන වැඩිදියුණු කිරීම් අතරින් එකක් වන්නේ DFCC ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් බිල්පත් ගෙවීමේ හැකියාව පුළුල් කිරීමයි. මෙය ගනුදෙනුකරුවන්ට සුවිශාල පහසුවක් වනු නිසැකය. එමෙන්ම ආරක්ෂාව වැඩි කිරීම සඳහා බයෝමෙට්‍රික් ඔතෙන්ටිකේශන් (Biometric Authentication) සහ එක්වරක් පමණක් භාවිතා කළ හැකි රහස්‍ය කේත ක්‍රමය (OTP-based verification) වැනි ක්‍රමද හඳුන්වා දී තිබේ. එම නිසා ගනුදෙනුකරුවන්ට තම තොරතුරුවල ආරක්ෂාව පිළිබඳව සිත් තැවුල් ඇතිකරගැනීමෙන් තොරව ගනුදෙනු සිදුකළ හැකි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන ඩිජිටල් නිලධාරී ඔමාර් සහිබ් මහතා පැවසුවේ වර්තමානය වන විට ඩිජිටල් බැංකුකරණය හුදෙක් සුඛෝපභෝගී සේවාවක් නොව එදිනෙදා ජීවිතයේම අත්‍යවශ්‍ය කොටසක් බවට පත් වී ඇති බවයි. DFCC ONE දැනටමත් අතිශය ඵලදායී යෙදවුමක් වුවද අනාගත සංස්කරණවලදී එයට තවත් විශේෂාංග රැසක් එක් කිරීමට බලාපොරොත්තු වන බවත්, DFCC ONE ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සාර්ථක ඩිජිටල් යෙදවුම් සඳහා විශිෂ්ටතම උදාහරණය බවට පත්කිරීම තම අරමුණ බවත්, ඒ ඔස්සේ DFCC බැංකුව මෙරට වඩාත් පහසුවෙන්ම ගනුදෙනු කළ හැකි, ඉහළම පාරිභෝගික තෘප්තියක් සහතික කරන බැංකුව බවට පත් වනු ඇති බවත් ඔමාර් සහිබ් මහතා වැඩිදුරටත් පැවසීය.

DFCC ONE නිර්මාණය කිරීම සහ වැඩිදියුණු කිරීම සිදුකරන ලද්දේ ගනුදෙනුකරුවන්ගේ අදහස් පුළුල් ලෙස සැලකිල්ලට ගනිමිනි. එහි Peek Balance සේවාව මගින් ගනුදෙනුකරුවන්ට ලොග් වීමෙන් තොරව තම ගිණුම් ශේෂය පරීක්ෂා කළ හැකි වේ. බයෝමෙට්‍රික් ඔතෙන්ටිකේශන් තුළ ඇඟිලි සලකුණු හෝ මුහුණ හඳුනාගැනීමේ තාක්ෂණය භාවිතා වන නිසා තොරතුරුවල ආරක්ෂාව තහවුරු වේ. විද්‍යුත් පාස්පොත් ක්‍රමය (ePassbook) හේතුවෙන් සාමාන්‍ය පරිදි මුද්‍රිත වාර්තා පවත්වා ගැනීම අවශ්‍ය නොවන අතර, ඩිජිටල් ක්‍රමයට ක්ෂණිකව තම ගනුදෙනුවල ඉතිහාසය පරීක්ෂා කිරීමට හැකියාව ලැබේ. OTP ක්‍රමය ගනුදෙනුකරුවන්ට වැඩි ආරක්ෂාවක් හිමි වීමට බලපාන තවත් සාධකයකි. ක්‍රෙඩිට් කාඩ්පත් මගින් බිල්පත් ගෙවීමට හැකි වීම මගින් පාරිභෝගිකයන්ට තම මුදල් ප්‍රවාහය පිළිබඳ සීමාවන් නොතකා කාර්යක්ෂම ලෙස බිල්පත් ගෙවීම සිදු කළ හැකි වේ. ගිණුමකින් ගිණුමකට මුදල් බැර කිරීමේ සීමාවන් නියම කිරීමට හැකි වීම මගින් තම මූල්‍ය කටයුතු වඩාත් හොඳින් පාලනය කරගැනීමටද ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබේ.

Google Play Store, Apple App Store හෝ Huawei AppGallery හරහා ගනුදෙනුකරුවන්ට DFCC ONE යෙදුම බාගත (Download) කරගත හැකි වේ. DFCC ඩෙබිට් කාඩ්පත, ක්‍රෙඩිට් කාඩ්පත හෝ ගිණුම් අංකය භාවිතයෙන් DFCC ONE සඳහා ඉතාමත්ම පහසුවෙන් ලියාපදිංචි විය හැක. මේ සඳහා ගනුදෙනුකරුවන්ට යෙදුම තුළ දිස්වන උපදෙස් මගින් පැහැදිලි මගපෙන්වීමක් ලබාදෙනු ලැබේ. නව සංස්කරණයට මාරු වීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව හා ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා OTP භාවිතයෙන් තොරතුරු තහවුරු කිරීමේ ක්‍රමයක්ද යොදා ඇත.

ඉදිරියේදී DFCC ONE යෙදුම තවතවත් වැඩිදියුණු කරමින්, එයට නව විශේෂාංග එක්කරමින්, ගනුදෙනුකරුවන්ට වඩාත් ඉක්මනින්, පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා DFCC බැංකුව සූදානමින් සිටී.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව