DFCC බැංකුව හඳුන්වාදෙන “BUSINESS INVESTMENT PLANNER” ආයෝජන සැලසුම – ව්‍යාපාරවල ඉදිරි අරමුණුවලට හොඳම විසඳුම.

DFCC IVP (LBN)

DFCC බැංකුව, එහි 70 වැනි සංවත්සරයට සමගාමීව, ශ්‍රී ලංකාවේ කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යවසායන් සඳහා විශේෂිතව සැලසුම් කළ DFCC Business Investment Planner ආයෝජන සැලසුම හඳුන්වා දී ඇත. මෙම ආයෝජන සැලසුම, ණය හෝ කෙටිකාලීන මූල්‍ය පහසුකම් මත යැපීමකින් තොරව, ව්‍යාපාරවලට ස්ථාවර ප්‍රාග්ධනයක් ගොඩනඟා ගැනීමට උපකාරී වේ.
 



 

DFCC Business Investment Planner ආයෝජන සැලසුම තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමිති සහ සමාගම් සහ රාජ්‍ය ආයතනවලට ආරම්භ කළ හැකිය. මෙම සැලසුම වසර 2 සිට 15 දක්වා කාලයකට අවශ්‍ය පරිදි සලසා ගත හැකි අතර ස්ථාවර මාසික මුදල් වාරික සමඟ 9%ක සහතික කළ පොලී අනුපාතයක් (වා.ස.පො. 9.38%) පිරිනමන අතරම ශ්‍රී ලංකා රුපියල් හෝ විදේශ මුදල්වලින්ද ආරම්භ කළ හැකිවේ.

මෙම DFCC Business Investment Planner මූල්‍ය සැලසුම වඩාත් ප්‍රායෝගික මූල්‍ය ඉතුරුම් මෙවලමක් ලෙස ක්‍රියාකරන අතර, ව්‍යාපාර සංවර්ධනය, ප්‍රාග්ධන වත්කම් වැඩිදියුණු කරගැනීම හෝ ණය රහිතව සංචිත ගොඩනඟාගැනීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයන් සඳහා සුවිශේෂි වේ. සෑම ආයෝජන සැලැස්මක්ම DFCC ඉතුරුම් හෝ ජංගම ගිණුමකට සම්බන්ධ වන අතර, ස්වයංක්‍රීය මාසික ගෙවීම් පහසුව සඳහා දින 28ක කාල සීමාවක්ද ගණුදෙනුකරුවන්ට ලබාදී තිබේ.

DFCC Business Investment Planner ආයෝජන සැලසුම හඳුන්වාදීම මඟින් DFCC බැංකුවේ තිරසාර, පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණ දැක්ම පිළිබිඹු වන අතර, ව්‍යවසායකයින්ට ඔවුන්ගේ දිගුකාලීන සාර්ථකත්වය සඳහා විශ්වාසයෙන් යුතුව සිය ආයෝජනයන් සිදු කිරීමටද අවස්ථාව සලසන අතරම ශ්‍රී ලංකීය ආර්ථිකයේ ප්‍රධාන අංශයක් වන ව්‍යාපාර සඳහා සහය දැක්වීමට DFCC බැංකුව දරණ අපේක්ෂාව ද මෙමඟින් තහවුරු වේ.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව