DFCC බැංකුව සහ IIHC එක් වී සාත්තු සේවා පාඨමාලා හදාරන සිසුන් සඳහා අධ්‍යාපන ණය ක්‍රමයක් හඳුන්වා දෙයි

Image 1 (1) (1)

DFCC බැංකුව International Institute of Health Sciences (IIHS) සමග එක් වී හෙද සේවා සහ සාත්තු සේවා පාඨමාලා/ උපාධි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. IIHS යනු ලන්ඩනයේ Coventry University හා සම්බන්ධ අධ්‍යාපන ආයතනයක් වන අතර, එය විශේෂයෙන්ම සාත්තු සේවා පාඨමාලා ඇතුළුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාඨමාලා සම්බන්ධ ප්‍රමුඛතම ආයතනයක් ලෙස සැලකේ. මෙම විශේෂ ණය ක්‍රමය යටතේ සිසුන්ට තම අධ්‍යාපන ණය පහසුකම් සඳහා විශේෂ පොලී අනුපාත සමග ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත.

මෙම ප්‍රතිලාභ අතරට ණය පහසුකම යටතේ පාඨමාලාවට අදාළ මුළු මුදලම ලබාගත හැකි වීම, වසර 7 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් හිමි වීම සහ ගනුදෙනුකරු වෙතටම පැමිණ සේවාවන් සැපයීම ඇතුළු ප්‍රතිලාභ රාශියක් ඇතුළත් වී තිබේ. IIHS ආයතනයේ පාඨමාලා සඳහා නව බඳවාගැනීම් සිදුකිරීමට නියමිත අවස්ථාවක මෙම අධ්‍යාපන ණය ක්‍රමය හඳුන්වා දී තිබීම සිසුන්ට ඉමහත් සහනයක් වනු නිසැක ය. මේ යටතේ සිසුන්ට ඉතාමත් පහසුවෙන් ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත හෙද සේවා ගෞරව උපාධි පාඨමාලාවක් [BSc (Hons)] ශ්‍රී ලංකාවේදීම හැදෑරීමට අවස්ථාව ලැබේ.

 



 

DFCC බැංකුව වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර බැංකු සේවා, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා සහ IIHS වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී/සම-නිර්මාතෘ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා ගිවිසුමට අත්සන් තැබූහ.

මේ සම්බන්ධයෙන් DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර බැංකු සේවා, විදේශ මුදල් ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා මෙසේ අදහස් දැක්වී ය. “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ දැවැන්තයෙකු වන IIHS සමග මෙලෙස අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. තරුණ පරපුරේ බොහෝ දෙනෙකු මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෘත්තීය ජීවිතයක් ගොඩනංවා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔවුන් වෙනුවෙන් මෙබඳු ආකර්ෂණීය ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සෞඛ්‍ය උපාධියක් ශ්‍රී ලංකාවේදීම ලබාගත හැකි වීම මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබෙන මහඟු අවස්ථාවක් වේවි.”

IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී/සම-නිර්මාතෘ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා මෙහිදී මෙසේ අදහස් පළකළේ ය. “ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රයේ මෙන්ම තිරසාර සංවර්ධනයේ ප්‍රවර්ධන කටයුතුවල පුරෝගාමියෙකු වන DFCC බැංකුව යනු විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස අප දකිනවා. නිසි සුදුසුකම් සපිරූ හෙද සහ සාත්තු සේවා වෘත්තිකයන්ට ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවල ඇති ඉල්ලුම ඉතා ඉහළයි. ලන්ඩනයේ Coventry University සමග එක්ව පිරිනමන අපගේ උපාධි පාඨමාලාව, හෙද සේවා ක්ෂේත්‍රය තුළ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනංවා ගැනීමට බලාපොරොත්තු වන කාටත් ඇති ඉතා හොඳ තේරීමක්. ඒ බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත්කරගැනීම සඳහා මුදල් සපයා ගැනීමට අපේක්ෂා කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම විශේෂ ණය යෝජනා ක්‍රමය මහඟු පිටිවහලක් වේවි.”

මේ අනුව මින් ඉදිරියට මෙරට හෙද සේවා ක්ෂේත්‍රයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පිළිගත් මූල්‍ය ආයතනයක් වෙතින් ඵලදායී අධ්‍යාපන ණය පහසුකමක් ලබාගනිමින් තම අධ්‍යාපන ඉලක්ක ළඟාකරගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙම ණය පහසුකම භාවිතා කරමින්, ජාත්‍යන්තර තලයේ උපාධියක් ශ්‍රී ලංකාව තුළම හැදෑරීම තුළින් ඔවුන්ට ඉතාමත් සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනංවා ගැනීමට හැකිවනු නො-අනුමාන ය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව