DFCC බැංකුව සහ Fonterra එක් වී කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන්ට මූල්‍ය පහසුකම් පිරිනමයි

Image 02 (LBN)

DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ සේවාව සහ Fonterra සමාගම එක් වී මෙරට කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ආරම්භ කර තිබේ. ඒ මෙරට කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන්ට වඩාත් පහසුවෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණිනි. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාවට නැංවූ ‘කිරි ගොවි කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය’ යටතේ DFCC බැංකුව දැනටමත් කාන්තාවන් 30 දෙනෙකුට තම කිරි ගොවි ව්‍යාපාර සහ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමටත්, ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීමටත් පියවර ගෙන තිබේ.



මෙම ව්‍යාපෘතිය DFCC බැංකුව සහ Fonterra සමාගම මෙන්ම කිරි ගොවි කර්මාන්තයට සම්බන්ධ තවත් ප්‍රධාන පාර්ශ්ව රැසකට එකට එක් වී, කර්මාන්තය තුළ කාන්තාවන් මුහුණ දෙන අභියෝග අවම කිරීම සඳහා ලැබී ඇති කදිම අවස්ථාවකි. මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවට පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය නියෝජනය කරන නිලධාරීන්  පිරිසක් සහභාගී වූ අතර, එහිදී කාන්තාවන්ට වඩාත් පහසුවෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීම, කෘෂිකාර්මික තාක්ෂණයන් වැඩිදියුණු කිරීම සහ කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන කෘෂි ව්‍යාපාරවලට ලැබෙන වෙළඳපොළ අවස්ථා පුළුල් කිරීම යනාදී කරුණු සාකච්ඡා කරන ලදි.

‘DFCC ආලෝකා’ හරහා කාන්තාවන්ට තම අවශ්‍යතාවන්ට අනුව විවිධාකාර වූ මූල්‍ය සේවාවන් රාශියක් ලබාගත හැකි වේ. දෛනික ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය වන කාරක ප්‍රාග්ධන පහසුකම්, විශේෂ පොලී අනුපාත යටතේ ණය පහසුකම් සහ ව්‍යාපාරවල ක්‍රමෝපායික වර්ධනය සඳහා මගපෙන්වන උපදේශන සේවා ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම DFCC ආලෝකා හරහා ලැබෙන ඩිජිටල් බැංකුකරණ සේවා පහසුකම් කාන්තාවන්ට තම ව්‍යාපාර කටයුතු වඩාත් නිවැරදි සහ කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගැනීමට උපකාරී වෙයි. මීට අමතරව කාන්තාවන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය මූල්‍ය දැනුම ලබාදීම සඳහා මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාවක්ද ‘DFCC ආලෝකා’ හරහා ක්‍රියාවට නංවා තිබේ.

මෙබඳු සේවාවන් ඔස්සේ කාන්තාවන්ට මූල්‍ය ස්වාධීනත්වය ළඟා කරගැනීමට  අත්වැලක් වීම සඳහා DFCC බැංකුව සෑම විටම සූදානමින් සිටින අතර, එම සේවාවන් භාවිතා කරමින් තම ව්‍යාපාර වැඩිදියුණු කරගන්නා මෙන් DFCC බැංකුව රට පුරා විසිරී සිටින ව්‍යවසායිකාවන්ට ආරාධනා කර සිටී.

DFCCC ආලෝකා පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා  www.dfcc.lk වෙත හෝ DFCC බැංකුවේ සමාජ මාධ්‍ය පිටු වෙත පිවිසෙන්න.

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව