DFCC බැංකුව වෙතින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට හොඳින්ම ගැළපෙන නිවාස ණය ආපසු ගෙවීම් සඳහා විසඳුම් පෙළක්

Image (LBN)

ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයට ව්‍යුහගත කළ නිවාස ණය ආපසු ගෙවීමේ විසඳුම් පෙළක් හඳුන්වා දීමට  DFCC බැංකුව පියවර ගෙන තිබේ. ආකර්ෂණීය පොලී අනුපාත යටතේ, ආපසු ගෙවීමේ ක්‍රම රැසක් සමගින් ලබාගත හැකි මෙම ණය පහසුකම් සඳහා දින 3 ක් වැනි කෙටි කාලයක් තුළ අනුමැතිය ලබාදීමටද DFCC බැංකුව කටයුතු කරයි.

 



 

ඉඩමක් මිලදී ගැනීමට මෙන්ම දැනට ඉදිකර ඇති හෝ ඉදිවෙමින් පවතින නිවසක් හෝ මහල් නිවසක් මිලදී ගැනීමට මෙම ණය පහසුකම් භාවිතා කළ හැකි වේ. එමෙන්ම තමන් සතු ඉඩමක නිවසක් ඉදිකිරීම සඳහා හෝ, දේපළක් මිලදී ගැනීමට වැය වුණු මුදල ප්‍රතිපූර්ණය කරගැනීම සඳහාද එය භාවිතා කළ හැක. තවද DFCC බැංකුවේ නිවාස ණයවල නම්‍යශීලීභාවය නිසා අවශ්‍ය නම් කෙනෙකුට වෙනත් බැංකුවකින් ලබාගෙන ඇති නිවාස ණයක් DFCC බැංකුව වෙත මාරු කර, තමන්ට පහසු පරිදි එය ආපසු ගෙවීමටද අවස්ථාව හිමි වේ.

“නිවාස හිමිකාරීත්වයේ වැදගත්කම සහ ඒ සඳහා දැරිය යුතු මූල්‍යමය වගකීම් පිළිබඳව අප හොඳින් දන්නවා. තමන්ගේම කියා නිවසක් තිබීම යනු කෙනෙකුගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්. එම සන්ධිස්ථානය වෙත ළඟාවීම සඳහා අපගේ ගනුදෙනුකරුවන්ට අත්වැලක් වීමට අපට අවශ්‍යයි. ඒ නිසාම ඉහළ නම්‍යශීලීත්වයක් සහ පහසුවක් සහිතව, තමන් කැමති ආපසු ගෙවීමේ ක්‍රමයක් තෝරාගත හැකි වන ආකාරයට අපගේ නිවාස ණය විසඳුම් සැලසුම් කිරීමට අප පියවර ගෙන තිබෙනවා. එමගින් කෙනෙකුට වඩාත්ම හොඳින් ගැළපෙන නිවාස ණය ක්‍රමය තෝරාගෙන, නිවාස හිමිකාරීත්වයේ සිහිනය වඩාත් පහසුවෙන් සැබෑ කරගැනීමට පුළුවන්.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

DFCC නිවාස ණය ආපසු ගෙවීමේ ක්‍රම අතරින් පළමු ක්‍රමය වන්නේ, එය සමාන වාරිකවලින් ගෙවීම ය. මුල් වසර 3 තුළදී ගනුදෙනුකරුවන් ගෙවිය යුතු වන්නේ ණය මුදලින් 10% ක් පමණි. ඉන් අනතුරුව වසර 3 ත් 6 ත් අතර කාලයක් තුළ ණය මුදලින් 30% ක්ද, වසර 6 ත් 10 ත් අතර කාලයකදී ඉන් 60% ක්ද පියවිය හැකි වේ.

දෙවැනි ක්‍රමය හඳුන්වා දී ඇත්තේ ස්ථාවර ආදායම් උපයන්නන් සහ වෘත්තිකයන් වෙනුවෙනි. එහිදී වසර 5 ක සහන කාලයක් හිමිවන අතර, ඉන් පසුව ගනුදෙනුකරුගේ ආපසු ගෙවීමේ හැකියාව අනුව සමාන ප්‍රාග්ධන සහ ව්‍යුහගත ආපසු ගෙවීමේ ක්‍රමයක් තෝරාගත හැකි වේ. වසර 5 කට පසුව පුරෝකථනය කළ අනාගත ආදායම සමගින් මෙම ක්‍රමය යටතේ ආපසු ගෙවීමේ කාලය වසර 20 ක් දක්වා විහිදී යයි.

විකල්ප ක්‍රමයක් වන තුන්වැනි ක්‍රමය යටතේ, මාසික වාරික ගෙවන අතරම, සෑම වසරක් අවසානයේදී එකවර ගෙවීමක් ලෙසද කළ හැකි වීමයි. මෙම ක්‍රමය යටතේ හිමිවන උපරිම ණය කාලසීමාව වසර 10 කි.

සිව්වැනි සහ අවසාන ක්‍රමය වන්නේ, මූලික මුදල සමාන මාසික වාරික වශයෙන් ගෙවා, ණය කාලසීමාව අවසානයේදී මූලික මුදලින් ඉතිරි 50% එකවර ගෙවීම ය. මෙහිදී අවශ්‍ය නම් ණය කාලසීමාව අවසානයේදී මූලික ණය මුදලින් ඉතිරි මුදල ගෙවීම සඳහා අමතර වසර 5 ක කාලයක් ලබාගත හැකි වේ.

දැනට නියුතු රැකියාවෙහි වසරකට වැඩි කාලයක් සේවය කර ඇති, මසකට රු. 100,000/- කට වඩා වැටුප් ලබන වෘත්තිකයන්ට, මසකට රු. 100,000/- කට වැඩි ආදායමක් ලබන සහ වසරක ආදායම තහවුරු කළ හැකි ස්වයං-රැකියාවල නියුතු වෘත්තිකයන්ට සහ, පසුගිය වසර 3 ක කාලය තුළ මසකට රු, 100,000/- කට වඩා ආදායම් ලැබූ බව විගණනය කළ මූල්‍ය ප්‍රකාශ මගින් තහවුරු කළ හැකි ස්වයං රැකියා නියුක්තිකයන්ට DFCC ව්‍යුහගත නිවාස ණය පහසුකම් ලබාගත හැකි වේ.

ඔබේ නිවාස සිහිනය සැබෑ කරගැනීමට පහසුම මග වන DFCC නිවාස ණය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක 0112442076 අංකය අමතන්න. නැතිනම් ළඟම පිහිටි DFCC ශාඛාව වෙත පියනගන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව