DFCC බැංකුව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමට කටයුතු කරයි

DFCC Bank Women Entrepreneurs Workshop1




 

 

2022 මැයි 26, කොළඹ: 2022 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, කුරුණෑගල සහ ඒ අවට ප්‍රදේශ වල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමි ව්‍යවසායිකාවන් ඉලක්ක කරගෙන විශේෂ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුවක් පැවැත්වීමට DFCC බැංකුව කටයුතු කළේ ය. කුරුණෑගල Hotel Indoora හිදී පැවති මෙම වැඩමුළුවට ව්‍යවසායිකාවෝ 75 දෙනෙක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වන සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගාසිටුවීමේ මෙහෙවරෙහි කොටසක් ලෙස, මෙරට කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමටද DFCC බැංකුව කලක පටන් කටයුතු කරමින් සිටී.

“කාටත් ගැළපෙන වාණිජ බැංකුවක් වශයෙන් අප ව්‍යවසායිකාවන් සහ කාන්තා ප්‍රජාවගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යවසායිකාවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වන ආකාරයේ වැඩමුළුවක් පැවැත්වීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙය රටේ ව්‍යවසායිකාවන්ට සාර්ථකත්වය ළඟා කරගැනීමට අත්වැලක් වීම සඳහා අප පවත්වන වැඩසටහන් මාලාවක එක් අදියරක් පමණයි. මෙම මෙහෙවර යටතේ, ව්‍යවසායිකාවන්ට ණය පහසුකම් සැපයීම සහ ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් නව අවස්ථාවන් උදාකර දීම සඳහා USAID සමග හවුල්කාරීත්වයකට එළඹීමටත් අප මෑතකදී කටයුතු කළා. අපගේ පාර්ශ්වකරුවන් සමග එක් වී, සියලු දෙනා සවිබල ගැන්වෙන, සමානාත්මතාවෙන් යුත් රටක් බිහිකිරීම සඳහා හැකි උපරිමයෙන් දායක වීමට අප කටයුතු කරමින් සිටිනවා.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

මෙම වැඩමුළුවේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට අතිශයින් වැදගත් වන කරුණු රාශියක් සාකච්ඡා කරන ලදි. වාර්තා පවත්වා ගැනීම, මූල්‍ය කළමනාකරණය සහ ව්‍යවසායකත්ව සංවර්ධනය මෙන්ම, ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා නිසි සම්බන්ධතා ගොඩනංවා ගැනීමේ වැදගත්කම සහ අඩු වියදමකින් ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සඳහා ඵලදායී ලෙස ඩිජිටල් අලෙවිකරණය සහ සමාජ ජාල මෙවලම් භාවිතා කිරීම යනාදිය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවිය.

DFCC බැංකුවේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශය (වයඹ පළාත) සහ කුරුණෑගල ශාඛාවේ කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩමුළුවේ සංවිධාන හා ප්‍රවර්ධන කටයුතු සිදුකරන ලදි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයේ ව්‍යවසායකත්ව මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය රුක්මල් වීරසිංහ මහතා සහ ව්‍යවසායිකාවක සහ ‘Sunshine Food and Creations’ ආයතනයේ නිර්මාතෘ වන නිර්මලා විජේරත්න මහත්මිය මෙම වැඩමුළුවට බාහිර සම්පත් දායකත්වය ලබාදුන්හ. DFCC බැංකුවේ සහකාර උප සභාපති (සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) චන්දන වනිගසේන මහතා සහ එහි උප සභාපති සහ ‘Pinnacle Premier Banking’ අංශයේ ප්‍රධානී ශේරා හසන් මහත්මියද මෙම අවස්ථාවට එක්වූහ.




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව