DFCC බැංකුව ‘බඩු මල්ලක්’ විදේශ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහන හරහා විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකීය ප්‍රජාව සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සවිබලගන්වයි.

Image - DFCC Bank Unveils 'Badu Mallak' Campaign

DFCC බැංකුවේ 70 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන්, Lanka Money Transfer (LMT) හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබන ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී ත්‍යාග පිරිනමන ‘බඩු මල්ලක්’ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහන දියත් කර තිබේ. මෙම වැඩසටහන, විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන්, මෙරට ආර්ථික ස්ථාවරත්වයට දක්වන සුවිශේෂී දායකත්වය අගය කිරීම අරමුණු කරගනිමින් දියත් කරනලද ප්‍රවර්ධන වැඩසටහනකි.

2025 ජූලි මස 15 වන දින සිට ඔක්තෝබර් මස 31 වන දින දක්වා ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ, සෑම මසකම DFCC බැංකුවේ ගිණුම් හිමියන් 70 දෙනෙකුට රුපියල් 10,000ක් වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචර් පිරිනැමේ. මෙම ජයග්‍රාහකයන්, ප්‍රවර්ධන කාලසීමාව තුළ සෑම මසකම DFCC බැංකු ගිණුම් වෙත LMT හරහා ලැබෙන පළමු විදේශ ප්‍රේෂණ 70 පදනම් කරගෙන ස්වයංක්‍රීයව තෝරා ගනු ඇත. ජයග්‍රාහකයින් සඳහා හිමිවන මෙම වවුචර් ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැලක් හරහා මිලදී ගැනීම් සඳහා භාවිත කළ හැකිය.

 



 

DFCC බැංකුවේ ගිණුම්වලට මුදල් ප්‍රේෂණ එවන ගණුදෙනුකරුවන්ට මෙම වැඩසටහනට සහභාගී වීම අතිශය සරල වන අතර, ඒ සඳහා විශේෂ අයදුම්පත් හෝ ලේඛන අවශ්‍ය නොවේ. ගණුදෙනුකරුවන් DFCC බැංකු ගිණුමකට LMT හරහා මුදල් එවීමෙන් මේ සඳහා  ස්වයංක්‍රීයව සුදුසුකම් ලබයි. සිදුකරන ගණුදෙනු සංඛ්‍යාව නොසලකා, සිව් මසක ප්‍රවර්ධන කාලය තුළ එක් පාරිභෝගිකයෙකුට එක් වරක් පමණක් ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමි වේ. මෙහිදී විශේෂත්වය වන්නේ මුදල් ප්‍රේෂණ තමන්ගේම ගිණුමකට පමණක් නොව තම සමීපතමයන්ගේ බැංකු ගිණුමකට එවීම මගින්ද මේ සඳහා සුදුසුකම් ලැබීමයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන, දිගුකාලීන සබඳතා ගොඩනැගීම සහ සර්ව සම්පූර්ණ මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා DFCC බැංකුවේ පුළුල් කැපවීමේ ප්‍රතිඵලයකි. විදේශ මුදල් ප්‍රේෂණවල ආර්ථික වැදගත්කම පිලිබඳ අවධානය යොමුකිරීම හරහා, මෙරට පවුල්වල අභිවෘද්දිය උදෙසා නිරතුරුවම කැපවෙන විශ්වාසනීය සහකරුවෙකු ලෙස, DFCC බැංකුව සිය කාර්යභාරය තවදුරටත් තහවුරු කරයි.

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, ඕනෑම DFCC බැංකු ශාඛාවක් වෙත පිවිස හැකිය නැතිනම් 011 2 350 000 අංකය අමතා ලබාගත හැකිය.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව