DFCC බැංකුව, තෝරාගත් ශාඛා කිහිපයක රන් භාණ්ඩ ගණුදෙනු සඳහා වන සේවා කාලය දීර්ඝ කරයි.

Image

DFCC බැංකුව, තම පාරිභෝගිකයින්ට වඩාත් පහසු සහ විශ්වාසදායක රන් භාණ්ඩ ගණුදෙනු සේවා ලබා දීමේ අරමුණින් ත්‍රිකුණාමලය, මනිපායි සහ අක්කරෙයිපත්තුව යන බැංකු ශාඛාවල රන් ණය සේවා ගණුදෙනු කාල සීමාව දීර්ඝ කර ඇත.

මෙම ප්‍රදේශවල බැංකු ශාඛාවල විවෘතව තබන කාලය දීර්ඝ කරමින්, පාරිභෝගිකයින්ගේ ජීවන රටාවට ගැලපෙන පරිදි සේවාවන් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර අක්කරෙයිපත්තුව ශාඛාව සති අන්තයේ සවස 6:00 දක්වාත්, මනිපායි සහ ත්‍රිකුණාමලය ශාඛා සෙනසුරාදා උදේ 9:00 සිට සවස 5:00 දක්වාත් විවෘතව පවතී. මෙය කෘෂිකර්මාන්තය, ස්වයං රැකියා සහ වෙනත් වෘත්තීන්හි නිරත ගනුදෙනුකරුවන්ටද පහසුවක් සපයන අතර ඔවුන්ට මනා පිටුවහලක්ද වෙයි.
 



 

මෙමඟින්, DFCC බැංකුවේ රන් ණය සේවාව වේගවත්, ආරක්ෂිත සහ විනිවිදභාවයෙන් යුතුවන අතර මෙම සේවාදිගුව තුළින්, බැංකුව ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතාවලට සහාය වනවා පමණක් නොව, වක්‍රාකාරව ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනයටද තම දායකත්වය ලබාදී තිබේ.

මේ පිලිබදව පැහැදිලි කරමින් , DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති/ බැංකුසේවා සහ ව්‍යාපාර බැංකුකරණ අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා “මෙම පුළුල් කිරීමේ මූලික අරමුණ වන්නේ අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ජීවන රටාවට ගැලපෙන මූල්‍ය විසඳුම් ලබා දීමයි. “රන්වරම” රන් භාණ්ඩ උකස් සේවාව සඳහා ඉහළම ණය මුදලක් ලබා දෙමින්, ගනුදෙනු කරුවන්ට ඔවුන්ගේ වත්කම්වල සරිලන වටිනාකම් ලබාදීම DFCC බැංකුව වන අපගේ බලාපොරොත්තුවයි. මේ වනවිට කැරට් 24 රන් පවුමක් සඳහා රු. 200,000/+ ක ඉහළම අත්තිකාරම් මුදලක් අප ලබාදෙනවා” යැයි පැවසීය.

මෙම  දැවැන්ත පියවර තුළින්, DFCC බැංකුව රන් ණය සේවාවන්හි වෙළඳපොළ ප්‍රමුඛයකු ලෙස ස්ථානගත වන අතර, මූල්‍ය සේවාවන්හි නව ප්‍රමිතියක් ස්ථාපිත කරමින්, ප්‍රාදේශීය ආර්ථික වර්ධනය සදහා ද දායක වේ.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව