
ජුනි 9 කොළඹ, ශ්‍රී ලංකාව, 2025 – DFCC බැංකුව ඉන්දියාවේ ගුජරාට් ජාත්‍යන්තර මූල්‍ය තාක්ෂණ නගරයේ (GIFT නගරය) පිහිටි ජාතික කොටස් හුවමාරුවේ – ජාත්‍යන්තර හුවමාරුවේ (NSE IX) බැඳුම්කර ලැයිස්තුගත කළ පළමු විදේශීය සමාගම බවට පත්ව ඇත. එය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළවල සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර තිරසර මූල්‍ය ක්ෂේත්‍රයේ කලාපීය ප්‍රමුඛයෙකු ලෙස DFCC බැංකුවේ පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කරයි.
ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ නිකුත්කර පසුව ලක්සම්බර්ග් (Luxembourg) කොටස් වෙළඳපොලේ ද්විත්ව ලැයිස්තුගත කරන ලද මෙම ලැයිස්තුගත කිරීම DFCC බැංකුවේ හරිත බැඳුම්කරය සඳහා උපායමාර්ගික බහු ලැයිස්තුගත කිරීමේ ගමන්මග සම්පූර්ණ කරයි. NSE IX හි නවතම ලැයිස්තුගත කිරීම ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළවල් වෙනුවෙන් වන බැංකුවේ ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කරන අතර පුළුල් කළ හැකි, දේශසීමා හරහා තිරසර මූල්‍යකරණය සඳහා එහි කැපවීම පෙන්නුම් කරයි.
කොටස් හුවමාරුව තුළ සීනුව නාද කිරීමේ උත්සවය වශයෙන් හඳුන්වනු ලබන මෙහි සමාරම්භක අවස්ථාව 2025 ජුනි 9 වන දින GIFT City හි Grand Mercure හිදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාත්‍යන්තර මූල්‍ය සේවා මධ්‍යස්ථාන අධිකාරියේ (IFSCA) සභාපති කේ. රාජරාමන් මහතා සහභාගී වූ අතර, ජාතික කොටස් හුවමාරුවේ (NSE) අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහ GIFT City හි පිහිටි බැංකු ප්‍රධානීන් සහභාගී විය. DFCC බැංකුව නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහ භාණ්ඩාගාර, ආයෝජන සහ තොග බැංකුකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රින්ස් පෙරේරා මහතා සහභාගී විය.
“මෙම ලැයිස්තුගත කිරීම සන්ධිස්ථානයක් පමණක් නොවේ. විශ්වාසනීය අනාගත ඉදිරි දැක්මක් සහිත මුල්‍යකරණයක් තුළින් කලාපය සමඟ සම්බන්ධවීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින සූදානම පෙන්නුම්කරන සාධකයකි” යනුවෙන් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සඳහන් කළේය. NSE IX හි ලැයිස්තුගත කිරීමක් සිදුකල පළමු විදේශීය සමාගම බවට පත්වීමෙන්, DFCC බැංකුව නැගී එන ආර්ථිකයන්හි ඇති ආයතනවලට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව තිරසර ප්‍රාග්ධනය ව්‍යුහගතකර පුළුල් කළ හැකි ආකාරය පෙන්නුම් කරයි. මෙම උපායමාර්ගික ජයග්‍රහණය, දේශගුණික ප්‍රමුඛතා සමඟ වාණිජ නවෝත්පාදන පෙළගැස්වීමට සහ ප්‍රායෝගික, අරමුණු සහිත ක්‍රියාත්මක කිරීම තුළින් දකුණු ආසියාවේ මූල්‍ය පද්ධති ජාත්‍යන්තර ප්‍රාග්ධනය සමඟ සම්බන්ධ කිරීමට අපගේ අඛණ්ඩ උත්සාහය පිළිබිඹු කරයි.
ලැයිස්තුගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් NSE IX හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වී. බාලසුබ්‍රමනියම් මහතා මෙසේ පැවසීය. “හුවමාරුවේ රුපියල් බිලියන 2.5 ක හරිත බැඳුම්කර ද්විතියික ලැයිස්තුගත කිරීම සමඟින් NSEIX සහ GIFT IFSC හි පළමු විදේශීය ආයතනික නිකුත්කරු ලෙස DFCC බැංකුව පිළිගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. මෙම ලැයිස්තුගත කිරීම ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාවෙන් සහ අසල්වැසි රටවලින් තවත් නිකුතුකරුවන් GIFT නගරයේ අවස්ථා ගවේෂණය කිරීමට පෙළඹෙනු ඇතැයි මම විශ්වාස කරමි.IFSCA ලැයිස්තුගත කිරීමේ රෙගුලාසි ගෝලීය අරමුදල් රැස් කිරීමට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති අතර, NSE IX සාමාජික රටවල් අතර ශක්තිමත් වෙළඳ සහ ආයෝජන සබඳතා තුළින් වැඩි කලාපීය සහයෝගීතාවයක් වර්ධනය කිරීම සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ මුලපිරීම (BIMSTEC) ව්‍යාපාර සමුළුවේ පුළුල් දැක්මට දායක වේ.’
බැඳුම්කරයෙන් ලැබෙන ආදායම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා, විශේෂයෙන් භූමියේ සහ වහල මත සවිකර ඇති සූර්ය PV විදුලි උත්පාදන ව්‍යාපෘති සඳහා යොමු කරනු ලැබේ, මෙම ව්‍යාපෘති ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණයට අනුකූල වන අතර 2030 වන විට රටේ බලශක්තියෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමේ ජාතික ඉලක්කයද එමඟින් තහවුරු වේ.
මෙම බැඳුම්කර නිකුතුව මගින් DFCC බැංකුව තිරසර සංවර්ධනය සඳහා දක්වන දිගුකාලීන කැපවීම පිළිබිඹුවන අතර එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs), විශේෂයෙන් SDG 7 (දැරිය හැකි සහ පිරිසිදු බලශක්තිය) සහ SDG 13 (දේශගුණික ක්‍රියාමාර්ග) සඳහා එහි දායකත්වය ඉදිරියට ගෙන යයි. DFCC බැංකුවේ හරිත බැඳුම්කර නිකුත් කරනු ලබන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ සංගමයේ (ICMA) හරිත බැඳුම්කර මූලධර්මවලට අනුකූල රාමුවක් යටතේ ය.
මෙම පුරෝගාමී පියවර හරහා, කලාපීය දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, හරිත වර්ධනය සහ සියලු දෙනා ඇතුළත් ප්‍රගතිය සාක්ෂාත්කර ගැනීම සඳහා DFCC බැංකුව ගෝලීය ප්‍රාග්ධන වෙළඳපොළවල් අඛණ්ඩව උපයෝගීකර ගනී.