DFCC බැංකුව අනාගත පරපුර වෙනුවෙන් Pinnacle Junior හඳුන්වා දෙයි

Image (1) (1) (LBN)

DFCC බැංකුව, තම සුවිශේෂි ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති DFCC Pinnacle සේවාවෙහි සාමාජිකත්වය හිමි පුද්ගලයන්ගේ දරුවන් වෙනුවෙන් DFCC Pinnacle Junior නමින් නව ළමා ගිණුමක් හඳුන්වා දී තිබේ. මෙය ඔවුන්ගේ දරුවන්ගේ මූල්‍ය අනාගතය දීප්තිමත් කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී ප්‍රතිලාභ රැසක් සහිත බැංකු සේවාවකි.

 



 

Pinnacle සේවා/ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් ප්‍රධානී ශේරා හසන් මහත්මිය මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවා ය. “DFCC Pinnacle Junior යනු ගනුදෙනුකරුවන්ට විශිෂ්ට බැංකුකරණ අත්දැකීමක් තිළිණ කිරීම සඳහා අප ගත් තවත් සුවිශේෂී පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙය හුදෙක් බැංකුකරණයේ සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, අනාගත පරපුරේ මූල්‍යමය සිහින හා බලාපොරොත්තු සවිබල ගන්වන විසඳුමක්. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කරන වටිනා ආයෝජනයක් වන Pinnacle Junior, විශිෂ්ට සේවාවක් තුළින් තරුණ පරපුර වෙනුවෙන් නව අවස්ථා උදාකර දීමට DFCC බැංකුව දරන ප්‍රයත්නයට සාක්ෂි දරනවා.”

තම දැනුම හා නිර්මාණශීලීත්වය වැඩිදියුණු කරගැනීම සඳහා දරුදැරියන් තුළ ඇල්මක් ඇතිවීමට නම් ඔවුන්ට ස්ථාවර අඩිතාලමක් තිබිය යුතු බව DFCC Pinnacle හි විශ්වාසයයි. ඒ අඩිතාලම ඔස්සේ අනාගත පරපුර වෙත සාර්ථකත්වය, නවෝත්පාදනය හා විශිෂ්ටත්වය සපිරි අනාගතයක් උදාකර දීම DFCC Pinnacle හි අරමුණ වී ඇත. එමෙන්ම මේ ඔස්සේ දරුවන් තුළ නායකත්ව කුසලතා වර්ධනය කරමින්, ඔවුන්ට අනාගත අභියෝග ජයගැනීමට අත්වැලක් වීමට DFCC බැංකුව බලාපොරොත්තු වෙයි.

Pinnacle Junior Plus ගිණුම් සඳහා 10% ක ආකර්ෂණීය පොලී අනුපාතයක් හිමි වන බැවින් එය අනාගත ඉතුරුම් සඳහා අගනා අඩිතාලමක් වනු ඇත. එමෙන්ම Pinnacle Junior Investment Planner ගිණුම සඳහා 12.5% ක වාර්ෂික පොලියක් හිමි වන අතර, එය ආයෝජනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන්ට මනා විසඳුමකි.

Pinnacle Junior සාමාජික සාමාජිකාවන්ට හිමි වන තවත් සුවිශේෂී ප්‍රතිලාභයක් වන්නේ, Pinnacle Junior Club හි සාමාජිකත්වය හිමි වීම ය. දරුවන්ගේ සතුටට සහ වර්ධනයට වැදගත් වන ක්‍රීඩා හා විනෝදාස්වාද ක්‍රියාකාරකම් රැසක් මීට ඇතුළත් වේ. එමෙන්ම මෙමගින් කුඩා දරුවන් සඳහා Exclusive Pinnacle Junior Recognition කාඩ්පතක් සහ වයස අවුරුදු 18 ත් 18 ත් අතර දරුවන් සඳහා Teen ඩෙබිට් කාඩ්පතක් නිකුත් කිරීමටද කටයුතු යොදා ඇත. මෙම කාඩ්පත් මගින් දරුවන්ගේ අධ්‍යාපන හා ජීවන රටා අවශ්‍යතාවන්ට වැදගත් වන භාණ්ඩ හා සේවාවන් සඳහා තෝරාගත් අලෙවිසැල්, කෝපි අලෙවිසැල්, ආපනශාලා, ඇඟලුම් අලෙවිසැල් සහ මාර්ගගත ක්‍රමයට කෙරෙන අලෙවිසැල් ඇතුළු තවත් අලෙවිසැල් රැසකදී වට්ටම් හිමි වේ.

මීට අමතරව Pinnacle Junior ගිණුම් හිමියන්ට විශේෂ සම්බන්ධතා නිලධාරියෙකුගේ සේවයද හිමි වනු ඇත. මෙම ප්‍රවීණ සම්බන්ධතා නිලධාරීන්ගේ වගකීම වන්නේ, Pinnacle ගනුදෙනුකරුවන්ට අනන්‍ය වූ අවශ්‍යතාවන් හඳුනාගෙන, ඔවුන්ට වඩාත් හොඳ මූල්‍ය විසඳුම් හිමි වන බව තහවුරු කරගැනීම ය. Pinnacle Junior විසඳුම්වලට ඩිජිටල් බැංකුකරණ සේවාවන්ද ඇතුළත් කර ඇති අතර, එමගින් තාක්ෂණයට නැඹුරු වයස අවුරුදු 13 ට වැඩි දරුවන්ට DFCC Online බැංකු සේවාවට සම්බන්ධ වී තම ගනුදෙනු නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබේ.

Pinnacle junior ගිණුම් හිමියන්ගේ ජීවිතයේ විශේෂ සන්ධිස්ථාන හා ජයග්‍රහණවලදී ඔවුන්ට ත්‍යාග පිරිනැමීමට සහ උපදේශන සේවාවන් ලබාදීමටද DFCC බැංකුව කටයුතු යොදා ඇත. ක්‍රීඩා, අධ්‍යාපනය, සංගීතය, චිත්‍ර කලාව, නාට්‍ය කලාව සහ ඡායාරූපකරණය වැනි අංශ සම්බන්ධයෙන් මෙම උපදේශන සේවාවන් ලබාදෙනු ලැබේ.

එමෙන්ම, දරුවන්ගේ අත්දැකීම් පරාසය පුළුල් කිරීම සඳහා රටේ ප්‍රමුඛ පෙළේ සමාගම් හා එක් වී සීමාවාසික පුහුණු අවස්ථා පිරිනැමීමටද පියවර ගෙන ඇත. මෙය එම දරුවන්ට තම ජීවිත සාර්ථක කරගැනීම සඳහා මහෝපකාරී වනු නිසැක ය.

මේ ආකාරයට සුවිශේෂී ප්‍රතිලාභ හා දීමනා රාශියක් සමගින් අනාගත පරපුරේ ජයග්‍රහණයන්ට උරදීමට DFCC බැංකුව සූදානමින් සිටී. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට සහ DFCC Pinnacle නියෝජිතයන් හමු වී සාකච්ඡා කිරීමට අවස්ථාවක් උදාකර ගැනීමට https://www.dfcc.lk/products/dfcc-pinnacle-junior/ වෙත පිවිසෙන්න. නැතිනම් ඕනෑම DFCC ශාඛාවක් වෙත පැමිණ විමසන්න. DFCC Pinnacle ක්ෂණික ඇමතුම් අංකය වන +94112680003 ඔස්සේද වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව